මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 22, 2026

බ්‍රිතාන්‍ය අතීත නගර සැලසුම්වල මතක සටහනක් වන් සුන්දර ලුනෙන්බර්ග්




 නෝවා ස්කොෂියා පළාතේ දකුණූ වෙරළ තීරයේ ලස්සන ධීවර ගම්මානයක් තියෙනවා. ගිම්හාන  කාලයට ඒ ප්‍රදේශයේ සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යනවා. සැලසුම්ගත බ්‍රිතාන්‍ය නගර සැලැස්මක අද දක්වාම තිබෙන සැබෑ උදාහරණයක් විදිහට තිබෙන එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය වෙනවා. මේ සටහන ලුනෙන්බර්ග්  ප්‍රදේශයට ගිය ගමනක මතක ඇසුරෙන් ලියැවුණක්.

මත්ස්‍ය සම්පත සොයා ගැඹුරු මුහුදට ගිය යුරෝපයේ ධීවර පිරිස් 1620 කාලයේදී මේ ප්‍රදේශයට එන විට මෙහි සිටියේ ස්වදේශික මික්මැක්වරුන් (Mikmaq ) ඔවුන් ගිම්හාන කාලය සතුටින් ගත කළේ ප්‍රදේශයට කිවුවේ Aseedik කියලයි. එහි  ඉංග්‍රීසි අරුත නිදහස් බිම් කඩ කියන එකයි. යුරෝපයෙන් පැමිනි ධීවර පිරිමින් සහ ස්වදේශික කාන්තාවන් මුසුවීමෙන් ඒ ප්‍රදේශයේ පවුල් කිහිපයක් මුලින් ජීවත් වෙලා තිබෙනවා. ලෝක දේශපාලනය බල තරඟය හරහා ප්‍රංශය බ්‍රිතාන්‍යයට පාලනය භාර දීමෙන් මේ ප්‍රදේශය එක්දහස් හත්සිය හතළිස් නමයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ බල ප්‍රදේශයට එකතුවී තිබෙනවා. Lunenburg  කියන නම තැබුණේ පසු කාලීනව දෙවන ජෝර්ජ් රජු බවට පත් වූ Duke of Braunschweig Lunenburg සිහිවන්නටයි.



බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රදේශවල එවක අනුගමනය කෙරුණු සෘජුකෝණාස්‍රාකාර හැඩයේ වීදි සහ ගොඩනැගිලි සැලසුමට අනුව ඉදි කළ ගොඩනැගිලි අදත් ලුනෙන්බර්ග්  නගරයේ සංරක්ෂණය කෙරෙනවා. ආකේඩියන්  සම්ප්‍රදාය යනුව පාට පාටින් වර්ණ ගැන්වුණු රතු , තද නිල් ,  ලා නිල් , කොළ,  කහපාට ගෙවල්  බලන්න ලස්සනයි.




අපි නගරයේ තැනින් තැන ඇවිදලා වරාය තියෙන තැනට ආවා. මුහුද පේන විදියට ගොඩනැගිලි හදල තියෙන තියෙන්නේ කඳු මුදුනට වන්නට තට්ටු තට්ටු විදිහටයි. ගොතික් සම්ප්‍රදායේ ලියෙන් තැනූ ඇගිලිකන් පල්ලියක් ලොතරින් පල්ලියත් ඒවා  අතරින් කැපී පෙනෙනවා. 1970 දක්වා ක්‍රියාත්මක වූ ඔපෙරා රඟහල ඉදිරියේදී සංරක්ෂණය වන්නට නියමිතයි. 


කැනඩාවේ ක්‍රියාත්මක මහා පරිමාණ මත්ස්‍ය නිෂ්පාදන කම්හලක් මෙහි තිබෙනවා. ඒ වගේම අදත් සුළු  පර්මාණයේ  ධීවර කටයුතු වල යෙදෙන පිරිස් මේ ප්‍රදේශයේ ඉන්නවා.



දෙවන ලෝක යුද්ධ සමයේ නොවේජියානු නාවික පුහුණු කඳවුරක් මෙහි ක්‍රියාත්මක වී තිබෙනවා.  ඒවා ආරම්භ වී  තිබෙන්නේ හිට්ලර්ගේ හමුදා  නොර්වේ වලට පහර දෙන අවස්ථාවේ උතුරු මුහුදේ තිබූ තල්මස්කම්හල් හත සහ තල්මසුන් අල්ලන යාත්‍රා විසිතුන මේ ප්‍රදේශයට යොමු කිරීමෙන්. යුද්ධයෙන් පසු ඒවා වසා දැමුනත්  අදත් එම පරිශ්‍රයේ  ඇලුමිනියම් යාත්‍රා නිෂ්පාදන සමාගමක් ක්‍රියාත්මක වෙනවා. 


ලුනෙන්බර්ග් වරායේ  තිබුණු ලී යාත්‍රා නිෂ්පාදන සමාගම් අතුරින් Smith & Rhuland ගැන කතා නොකරම බැහැ. මේ වන විට ඒ සමාගම ක්‍රියාත්මක නොවුනත් එය නිපදවූ බ්ලූනෝස් යාත්‍රාව කැනඩාවේ  ජාතික සම්පතක් ලෙස සලකන එකක් . කැනඩා උරුමය යටතේ ප්‍රතිනිර්මාණය වුණු Bluenose 2  ගැන වැඩි විස්තර ලියන්නම්.



මුහුදු කෑමවලට ජනප්‍රිය ලුනෙන්බර්ග් යනවානම් Lunenburg Scallops.රස බලන්න අමතක කරන්න එපා. ඒ  කලාපයටම පොදු Fish cakes  සහ Chowder  රස බලන්නත් පුළුවන් ජනප්‍රිය භෝජනාගාර රැසක් සංචාරක නගරයේ තියෙනවා.


අනුරුද්ධ වැලිගමගේ





කැනඩාව පිළිබදව ලියැවුනු තවත් සංචාරක සටහන්



කැනඩාව පිළිබදව කල රූපවාහිනී වැඩසටහන් වල දිගු


2026


නෝවා ස්කොෂියා පළාතේ රවුමක් - පළමු සංචාරක නැවතුම

https://ahasgawwenehalokaya.blogspot.com/2026/06/blog-post_06.html


2025

එඩ්වඩ් කුමාර දිවයිනේ රවුමක් යමුද ? https://ahasgawwenehalokaya.blogspot.com/2026/02/blog-post_28.html නිව් බ්රුන්ස්වික් ( New Brunswick ) පළාතේ රවුමක් https://ahasgawwenehalokaya.blogspot.com/2025/09/new-brunswick.html කැනඩා දිනයේදී කැනඩා උරුම 4 ක් බලමු https://ahasgawwenehalokaya.blogspot.com/2025/07/4.html



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images, Google Images

                    සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

No comments:

Post a Comment