මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 27, 2024

ලැව් ගිනි නිසා විනාශ වුනු රොකී කඳු කලාපයේ අසිරිමත් නගරය





කැනඩාවේ ඇල්බර්ටා පළාතේ ජැස්පර් නගරය ( Jasper)  ගිම්හාන  කාලයේ හිරු එළියෙන් දීප්තිමත් වී  ඇති විට විවිධ හැඩතල මවන්නේ ග්ලැසියර සහිත කඳු පන්ති පරිසර පද්ධති වලින් මනස්කාන්ත පරිසරයක් මවමින්. ඒ  අවස්ථාවලදී ගන්නා සේයාරූ ඉතාමත්ම දැකුම්කළුයි. කැනේඩියානු රොකී කඳු කලාපයේ පාරාදීසයක් බඳු මේ ප්‍රදේශය ඉතා විශාල කඳු ප්‍රමාණයක් ඇති නිසා හිම ආශ්‍රිත කටයුතුවලදීත් ඉතා වැදගත්කමක් දරනවා. ඒ හින්දා ශීත කාලයේදීත් මේ ප්‍රදේශය සංචාරයකින් පිරී ඉතිරී යනවා.








මේ ඒ ප්‍රදේශය ගැන මා ලීයූ සටහනක් 


රීඩර්ස් ඩයිජෙස්ට් සගරාවේ මිලියන 8 ක් ගුණ වැයූ බෝට්ටු සවාරියෙන් අයිස් නැව තැනූ ඉසව්වට ...........


https://ahasgawwenehalokaya.blogspot.com/2019/03/8.html












මේ ඒ ප්‍රදේශය ගැන කල රූපවාහිනී වැඩසටහනක අත්දැකීමක් 


ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .


https://ahasgawwenehalokaya.blogspot.com/2022/10/blog-post.html




හඩ්සන් බේ  සහ නෝත් වෙස්ට් යන වෙළඳ ආයතන දෙක ස්වදේශිකයින් සමග හම් වෙළද හුවමාරු  සඳහා ව්‍යාපාරික මධ්‍යස්ථාන ලෙස දියුණු වූ වනගත බිම්කඩවලින් වටවුණු ඉසව්වක් විදියට මේ නගරය ඉතිහාසය තුල ලියවී තිබෙනවා.ඇතබස්කා ග්ලැසියරය ඇතුළු තවත් ග්ලැසියර රැසකින් දියැවී යන ජලය ආක්ටික්  සාගරය දක්වා ගෙන යන කිලෝමීටර් 1231ක් දුර ඇතබැස්කා  ගඟ මේ නගරය මායිමෙන් ගලා යනවා කැනඩාව හරහා දුම්රිය මාර්ගය ඉදි කිරීමේදී මෙන්ම  අදත් දුම්රිය භාණ්ඩ ප්‍රවාහනයේදී ජැස්පර් නගරය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ආර්ථිකමය වැදගත්කමක් ගන්නවා. ගිම්හාන කාලයේදී වගේම ශීත කාලයේදීත් සංචාරක ආකර්ෂණය ඉතා ඉහළින් දිනාගන්නා මේ නගරය වටවී තිබෙන්නේ වන ගහන සහිත පරිසර පද්ධතියකින්  වන අතර කැනඩාවේ රොකී කඳු කලාපයේ තිබෙන විශාලතම රක්ෂිත බිම් කඩවන වර්ග කිලෝමීටර් 11,228 ක්  තරමේ විශාල ජැස්පර් ජාතික උද්‍යානයත් තිබෙනවා.



 මම මේ විස්තර ලිව්වේ ජැස්පර් නගරය ගැන අපට ආසන්නට ලැබුණු අවාසනාවන්ත සිදුවීමක් ගැන කියන්නටයි. පරිසර සංචාරකයකු ලෙස වාර ගණනාවක් මේ ප්‍රදේශයේ සංචාරය කර තිබෙන මට මේ වන විට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට හෙකටෙයාර 36,000 වඩා වැඩි වන ගහණයක්  සහ මනරම් ජැස්පර් නගරයෙන් අඩකටත් වඩා විනාශ වී ඇති බව කියවෙනවා .වර්ෂාව නිසා ගින්න පැතිරීම අඩුවී ඇති බව වාර්තා වුණත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලධාරීන්ට ගිනි නිවීම  සහ පාලන කටයුතු සඳහා ගුවන් යානා සහ හෙලිකොප්ටර  යොදා ගැනීමේ අපහසුතා තිබෙනවා. දෘෂ්‍ය තත්ත්වය අයහපත් අවස්ථාවලදී කඳු පන්ති සහ වනාන්තර බහුල එවන් කලාපවල ගුවන් මෙහෙයුම් කරන්නට හැකියාවක් නැහැ.



කැනඩාවේ ලැව් ගිනි ගැන මා මීට පෙර ලියූ තොරතුරු පහත ලිපියෙන් ඔබට දැනගන්නට පුළුවන්


වායු දූෂණය , ලැව් ගිනි සහ කැනඩාව


https://ahasgawwenehalokaya.blogspot.com/2023/06/blog-post_10.html



මේ තත්ත්වය යටතේ ජැස්පර් නගරයෙන්  මිනිසුන් සහ සතුන් ආරක්ෂිත ස්ථාන සඳහා කරා ඉවත් කෙරුණු අතර ජැස්පර්  වනෝද්‍යානය ජනතාව වසා දමා දුම්රිය සේවා නවතා දමා තිබෙනවා.











කැනඩාවේ පලවන ශ්‍රීලන්කැන් පුවත් වෙබ් අඩවියේ නිරෝධ කාරියවසම් එය වාර්තා කර තිබුනේ මෙහෙමයි.


https://srilancan.ca/featured-canada-news/monster-%e0%b6%bd%e0%b7%90%e0%b7%80%e0%b7%8a%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%93%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1/


Monster' ලැව්ගින්න ඓතිහාසික කැනේඩියානු නිවාඩු නිකේතන නගරය විනාශ කරයි


ලැව්ගින්නක් කැනේඩියානු ඓතිහාසික සංචාරක නගරයක් වන ජැස්පර්( Jasper)සහ ඒ අවට ජාතික වනෝද්‍යානය විනාශ කරමින් පවතින අතර ඇල්බර්ටා පළාතේ (Alberta province)නිලධාරියෙකු පවසන්නේ එය තවමත් පාලනය කර ගත නොහැකි බවයි.

"ඕනෑම ප්‍රජාවකට ඇති නරකම නපුරු සිහිනය මෙයයි" ඇල්බර්ටා අගමැති ඩැනියෙල් ස්මිත්(Alberta Premier- Danielle Smith) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කඳුළු සලමින් පැවසීය..ජැස්පර් ජාතික වනෝද්‍යානයෙන් දළ වශයෙන් පුද්ගලයන් 25,000ක් ඉවත් කර ඇත - "අවම වශයෙන් නිවාස නැති වූ පවුල් දුසිමක්වත් මම දනිමි," එක් ඉවත් කරන්නෙකු CBC පුවත් වෙත පැවසීය.


හානියේ පරිමාණය තවමත් පැහැදිලි නැත, නමුත් නිලධාරියෙකු පවසන්නේ ජැස්පර් හි ගොඩනැගිලිවලින් 30% සිට 50% දක්වා විනාශ වී ඇති බවයි.අකුණු කුණාටුවක් අතරතුර ගින්න හටගෙන ඇති අතර නියඟයක් අත්විඳින ලද ප්‍රදේශයක ඇති වූ ප්‍රබල සුළං ප්‍රවාහය හේතුවෙන් ගින්න පැතිර ඇත.ප්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා ලොව පුරා ගිනි නිවන භටයින් සිය ගණනක් පැමිණෙමින් සිටිති - මේ අතර අගමැති ජස්ටින් ටෘඩෝ පවසන්නේ ෆෙඩරල් ආධාර සඳහා ඉල්ලීමක් තම රජය අනුමත කර ඇති බවයි

මේ ලෝක ජනමාධ්‍ය සහ කැනඩාවේ මාධ්‍ය ඒ සිදුවීම වාර්තා කළ අයුරු


https://www.bbc.com/news/live/cgerp77q1ynt


'Monster' wildfire devastates historic Canadian resort town

25 July 2024



https://globalnews.ca/news/10645096/jasper-alberta-wildfires-july-26/

30% of Jasper structures destroyed by wildfire, critical infrastructure saved: Parks Canada


https://abcnews.go.com/International/jasper-fire-map-alberta-canada/story?id=112306322

Jasper Fire: Latest map after wildfires break out in Jasper National Park in Alberta


https://parks.canada.ca/pn-np/ab/jasper/visit/feu-alert-fire/feudeforet-wildfire


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

Rephrase with Ginger (Ctrl+Alt+E)

10 comments:

  1. තෙල් බහුල පයින් ගස් නිසා ගින්න පැතිරුන කතාවකුත් දැක්කා. පාසැල , රෝහල සහ වතුර ටැන්කිය බේරුනා කියනවත් දැක්කා.

    ReplyDelete
    Replies
    1. බසු මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. කලක් තිස්සේ මැරී තිබුණු ගස් ඉවත් නොකර තිබීමකුත් ගින්න අධි වේගයෙන් පැතිර යන්නට හේතුව කියල කියනවා. හැබැයි වාර්තාව එනකම් හැම දේම සැක විතරයි.

      Delete
  2. තිබ්බට වඩා ලස්සනට ආයේ හදයි

    ReplyDelete
    Replies
    1. පැතුම් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ගොඩනැගිලි නම් හදයි. ඒත් ගස් ඒ වගේ හැදෙන්න සෑහෙන කාලයක් යනවා .

      Delete
  3. ස්තූතිය තොරතුරු වලට.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  4. බොහොම කණගාටුයි. - ඒක නෙමේ මම අර දුම්රිය ගමන සිරියස්ලි යනවද කියා කියා හිතනවා මේ දවස් වල , නැත්නම් අප්‍රිකාවේ දුම්රිය සංචාරයක් යන්නද කියන අදහසත් තියනව

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. හිතල බලන්න. ඔබට මුළු ගමනම නැතුව දුම්රිය ගමනේ මැදකදී එකතු වෙන්න පුළුවන්. විස්තර මුහුණු පොතට එව්වා . හැබැයි කාලෙකට පැත්ත වහල තියෙන්නේ. අන්තර්ජාලයෙන් බලල එන්න .

      Delete
  5. නිතරම ලැව් ගිනි හටගන්නෑ නේද ඔය පැත්තෙ. මෙහෙ කරනව වගේ.කාගෙ හරි අලුකුත්තේරු වැඩක්ද දන්නෑ

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබ කියන දේත් වෙන්න පුළුවන්. හැබැයි බහුතර අවස්ථාවල ලැව් ගිනි වලට හේතුව අකුණු . මගේ කලින් ලිපියේ ඒ ගැන විස්තර තියෙනවා. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete