ගේ දොරකඩ පිපුණු සකුරා සිහිනයක
තාත්තෙක් නොවූ ඔහු ලියු පිය අරුමයක
සිතුවම් උන්මාද වුනු දුක් පෙම් ගී කවක
අඹගස් යටට මල් හැලූ ගී කවි ගඟක
සරුංගලේ ජාතික සමගිය පටලා
ජාතක කථාවෙන් කුස පබවත මවලා
බිම්බා දේවි බුදු සිරිතෙන් ඔපලා
සිනමා ලොවේ ඔහු තම අසිරිය සදලා
පොත පත රැසයි ඉඩ මදි, නම් ලියන්නට
සරසවි සිසු කැලයි , බෑ ගාණක් කියන්නට
රට ගිනිගත් එදා පවනක් තිලිණ කොට
කල සේවයට ඇගයුම් ලැබුණිද නුඹට
රට කරවන්නට විකුණන මුතු ඇටේ සිට
රජ කරවන්නට දන මන පොබවා රහට
මෙහෙවර කරන වෙහෙසෙන දින දින පැයට
පතනෙමි දිගාසිරි ඇදුරිදු සුනිලුන්ට
අනුරුද්ධ වැලිගමගේ
2023 ජූලි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
No comments:
Post a Comment