මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 19, 2022

රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යමුද ?

 

ජර්මන් සංචාරයක මතකය….

වෝල්ට් ඩිස්නි මේ සියවසේ බිහිවූ අග්රගණය නිර්මාණකරුවෙක් 1953 දී ඩිස්නිලන්තය නම් සිහින උද්යානය බිහිකරද්දී එහි Sleeping Beauty Castle නිර්මාණය කරන්නට තීරණය කලේ එය කේන්ද් කර ගනිමින් බොහෝ දේ කරන්න. එහිම දිගුවක් වූ දසත සංචාරයක මතකයෙන් ඔබව කැදවාගෙන ගිය Disney World හි සින්ඩරෙල්ලා මාලිගාව ඔබට මතක ඇති. ඔහුට මේ මාලිගා ඉදිකිරීම සදහා මූලික අදහස නැගුනේ ජර්මනියේදී ඔහු සංචාරය කල Neuschwanstein castle නිසා. ජර්මනියට යන කවුරුත් වගේ අමතක නොකර රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යන්නේ නිසා.  

අපේ යුරෝපා චාරිකාවේ ස්විස්ටර්ලන්තයෙන් පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ ජර්මනියට. මුලින්ම අපි ආවෙ හොදින්ම ජර්මන් ගති ලක්ෂණ තිබෙන  Baden Baden  නගරයට.

Baden Baden

ස්විස්ටර්ලන්තයේ සහ ඔස්ට්රියාවේ තියෙන  Baden  කියන නගර එක්ක පටලැවෙන හින්ද මේ නගරයේ නම දෙසැරයක්  Baden Baden  විදිහට නම් වෙලා තියෙනවා. ස්විස්ටර්ලන්තයේ ගිනි ගණන් වලට දේවල් ගත්ත අපට ඉතාමත්ම පහසු මිලකට ජර්මන් කෑම ගන්න පැරණි නගරයේදී පුළුවන් වුනා. වාහන ගමනාගමනය සීමා කරලා තියෙන මේ පැරණි නගරය සේයාරූ සදහා පසුතල රැසක් මවනවා. විශේෂයෙන්ම කඩමණ්ඩිය කොනේ තියෙන වතුර මල. ප්රංශයට ලගින් තියෙන මේ නගරය ජර්මනියේ  Black Forest කදු මායිමේ තියෙන නගරයක්.

අපි ආයෙමත් රථයට නැග්ගා. අපේ ඊළග නැවතුම  Cuckoo ඔරලෝසුවලට ජනප්රිය ජර්මන් නගරයක් වන St Goar.

Cuckoo Clocks

දොර ඇරගෙන කූඩුවෙන් එලියට එන කුරුල්ලෙක් නගන කුරුළු හඩක් පැය භාගයකට වරක් නාදවන අතින් ඇදල දුනු මතට එකතුකරන බලයෙන් ක්රියාත්මක වන මේ සුවිශේෂී ඔරලෝසු වලට ජර්මනිය මහත් ප්රසිද්ධියක් උසුලනවා. ස්විස්ටර්ලන්තය, ඔස්ට්රියාව වගේ යාබද රටවලදී දකින්නට ලැබුණත් නියම ඔරලෝසු තිබෙන්නේ මේ Black forest ප්රදේශයේ කියලයි කියන්නෙ. අපි එවැනි ඔරලෝසු නිෂ්පාදනාගාරයක් බලන්න ගියා. බලන්න එපායැ තියෙන ඔරලෝසු කන්දරාව. ජර්මන් සම්ප්රදායික ඇදුමින් සැරසුණු ගැමියන් , පරිසරය විදහා දැක්වෙන කුඩා කැටයමෙන් පිරි අගනා ඔරලෝසු විවිධ මිල ගණන් වලට එතැන තියෙනවා. මේ ඔරලෝසු වල ඉතිහාසය 16 වන සියවස තෙක් දිවයනවා. පසුම්බියට සරිලන මුදලකට තිබ්බ වගේ යාන්ත්රික ඔරලෝසුවක් ගත්තෙ සිහිවටනයක් විදිහටයි

Rhine Valley Cruise

St Goar.. වලින් අපි රයින් ගග දිගේ යන බෝට්ටු චාරිකාවකට එකතු වුණා. රයින් ගග ජර්මනියේ ප්රවාහන කටයුතු සදහා විශාල වශයෙන් දායක වන සම්පතක්. විශාල භාණ්ඩ ප්රවාහන නෞකා වගේම සංචාරක කර්මාන්තය සදහා රයින් ගග ප්රකටයි. ඉතා සරු රයින් ගංගා නිම්නය බලන්න ලස්සනයි . අපි පඩි නැගලා යාත්රාවේ උඩම තට්ටුවට නැග්ගෙ දසුන් හොදින්ම විදින්නයි. ගග දෙපස මිදි වතු වලින් පිරිලා. පරිසරය නොනසා ගගට සමාන්තරව දෙපැත්තේම දුම්රිය මාර්ගයක් සහ රථ මාර්ගයක් තනා තිබෙනවා.

 

ගග දිගේ යද්දී ගග මැද තියෙන කුඩා දූපත් වගේම පැරණි ජර්මන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තැනුණු ජර්මන් ගොඩනැගිලි අපූරු හැඩතල මවනවා. සමහර දුපත්වල අලංකාර ප්රතිමා තිබෙනවා. ඈතින් විවිධ ප්රමාණයේ මන්දිර පෙනෙන්නට තිබෙනවා. මේ ප්රදේශවල වෙළද සහ පාලන කටයුතුවල නිරතවුණු වංශාධිපතීන් තරගයකට මෙන් මේ මන්දිර ඉදිකල බවයි කියැවෙන්නෙ.

Ice Wine

ලෝකයේ අයිස් වයින් නිපදවීම ගැන ජනප්රිය රටවල් දෙකක් තිබෙනවා. ඉන් එකක් අපි මේ ඉන්නා ජර්මනියේ රයින් නිම්නය. අනෙක අප ජීවත්වන කැනඩාව. ප්රණීත පැණි රසින් යුතු අයිස් වයින් හදන්න මිදී නෙලන්නන් රයින් නිම්නයේ කදු බෑවුම් වල තියෙන වයින් වතුවලට යන්නේ පරිසර උෂ්ණත්වය අඩු මිදි ගෙඩි මිදුණු දවස්වල පාන්දර 2 කටයි. අසීරුතා මැද්දෙ නෙළුණු මිදිවලින් නිපැයෙන රසවත් අයිස් වයින් මිල අධික වන්නේ නිෂ්පාදන පිරිවැය හින්ද. ගංගා චාරිකාවෙන් පස්සෙ අපි එකතු වුණේ වගේ රස වයින් රස බලන්නටයි.

Boppard

අපේ නවාතැන පිහිටලා තිබුණෙ මේ කුඩා නගරයේ. පුංචි පල්ලියක් , පොඩි කඩ මණ්ඩියක් තියෙන නගරයේ හෝටල් කාමරයෙන් උදේ පාන්දර රයින් නදියත්, නිම්නයත් දකිනකොට දැනුනු හැගීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි.

ජර්මනිය විශාල රටක් හින්ද අපේ මේ චාරිකාවේදී අපි ආවරණය කලේ ඉතා කුඩා එහෙත් පරිසර සුන්දරත්වයෙන් පිරි Black forest කලාපයේ කුඩා කොටසක් විතරයි. ඔබේ ගමනේදී ලැබෙන ඉඩකඩ අනුව මේ තැන්වලටත් යන්න පුළුවන්

·         Schlossberg Cable car in Freiburg

·         Badische Wine Road

·         Titisee Lake

·         Triberg Falls


·         Kinzig and Gutach Valley


·         Heidelberg

·         Bad Wildbad

·         Calw

·         Baiersbronn

ජර්මනියේ සුන්දරත්වය විදිමින් අපි ආපහු රථයට නැගුනේ නෙදර්ලන්තයට යන්නයි.

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්         

  කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ  2022 ජනවාරි කලාපයේ පලවිය.


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

2 comments:

  1. Cuckoo ඔරලෝසුවල කියද්දී මතක් උනේ ඉඟුරු පාන් මල්ලිව.
    අයිස් වයින් ගැන අදමයි ඇහුවෙ......

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඇත්තටම ඒ ඔරලෝසු අපූරුයි. එහෙනම් කැනේඩියන් අයිස් වයින් බෝතලයක් ගෙනත් දෙන්න ඕන නේද ?.බලමු.

      Delete