සටහන
සෑම සෙනසුරාදාවකම කැනඩාවේ ටොරෝන්ටෝවෙන් වෙබ්ගත වන රූපණ අන්තර්ජාල රූපවාහිනිය පසුගිය අගෝස්තුවේදී තම 100 වැනි වැඩසටහන ඉදිරිපත් කලා .
කැනඩාවේ නැගෙනහිර සහ බටහිර දෙකොන එක්කරමින් නෝවා ස්කොෂියා පලාතේ හැලිෆැක්ස් නගරයේ සිට මහාචාර්ය විමල් රන්කඩුවත් , බ්‍රිටිෂ් කොලොම්බියාවේ වැන්කුවර් නුවර සිට දුශාන් දිසානායකත් එක්වූ 100 වන වැඩසටහන
http://rupane.com/vimeo-video/rupane-episode-100-august-04-2018
රූපණ වැඩසටහන් 100 ක් කරා ගෙනගිය සියළු දෙනාට උපහාර දක්වමින් රූපණ කණ්ඩායම සැප්තැම්බරයේදී එක් වූ මොහොත . ලංකාවෙන් පිටතදී වැඩිම ලාංකික ප්‍රජාවක් නියෝජනය වන මාධ්‍ය භාවිතය ගැන යාත්‍රා සංස්කාරක චන්ද්‍රරත්න බණ්ඩාර ගේ අදහස් සහ රූපණ කරද්දී වැරදුණු තැන් බලන්න
http://rupane.com/vimeo-video/rupane-episode-108-october-06-2018
විධායක නිෂ්පාදක - වීරා ෆොන්සේකා
අධ්‍යක්ෂක / නිෂ්පාදක - දිනේෂ් පීරිස්
නිර්මාණ අධ්‍යක්ෂක - අනුරුද්ධ වැලිගමගේ
ආරම්භක අධ්‍යක්ෂක - බන්දුල කුරුවිටආරච්චි
සංස්කාරක - පුබුදු ප්‍රියංකර
රූපණ කණ්ඩායම
ඩිනොල් පීරිස් , නිසල් ආරියරත්න , මල්මි ආරියරත්න , සිනදි වැලිගමගේ
තරින්ධ්‍යා අබේරත්න , ධරින්ධ්‍යා අබේරත්න
විජිත් විතාන , ආචාර්ය සරත් චන්ද්‍රසේකර , රනුක ප්‍රභාෂිත
සංජීව අබේරත්න , සම්පත් පෙත්තාවඩු , සුනිමල් බාලසුරිය
අනුෂ්කා ගම්මුදලි , අනුෂා ද සිල්වා , පියුමලී ජයසිංහ
ඉනෝකා මුණසිංහ , මංජුලා වික්‍රමරත්න , දිනුෂා ජයවර්ධන
ක්ලොඩෙට් ප්‍රනාන්දු , සුනිල් තෙන්නකෝන් , මිලාන් ද සිල්වා , රමාල් ද මැල්
තවත් තොරතුරු සහ සියළු වැඩසටහන් සදහා රූපණ වෙබ් අඩවියට ගොඩ වැදෙන්න
http://rupane.ca
ඔබේ මග පෙන්වීම අනුවයි දුටුවේ බොහොම වටිනවා මා එහි 108 වන අයිතමය නරඹමින් හඳුන්වා දීම ගැන ඔබට තුති
ReplyDeleteස්තුතියි . ඉඩ තියෙන විදිහට බලන්න . විශේෂයෙන්ම ලංකාවෙන් දුර ඈත ඉන්නකොටයි කාටත් අපේකම වැඩියෙන් දැනෙන්නේ . අපි කණ්ඩායමක් විදිහට අපේ අනෙක් ඔක්කොම වැඩ අතරේ මේවා කරන්නේ.
Deleteමේ බ්ලොග් එක මෙතුවක් කල් අහුවුනේ නැති එකනෙ පුදුමෙ. දැං ඉතිං ආයිමත් සතියක් විතර තුං වේල බඩට දාගනිත්දි සාහිත්‍ය ලුණු ඇඹුල් හැටියට මේ ලිපි ටික ගත්තැකි. අපි නොදන්නා කැනඩාව ගැන මෙතන වැඩියෙන් ලියවෙන එක ගැන බොහොම ඉස්තූතියි.
ReplyDeleteබොහොම ස්තුතියි . දිගටම කියවන්න . අහන්න , බලන්න . වෙනස් අත්දැකීම් ගොඩක් විදින්න පුළුවන් වේවි .ඔබේ අදහස් ලියන්න .
Deleteවැදගත් වැඩක්. ජය වේවා
ReplyDeleteබොහොම ස්තුතියි ඔබ වැනි බ්ලොග් ප්‍රවීණයෙක් මගේ පුංචි බ්ලොග් එකට ගොඩ වුණාට . දිගටම කියවන්න . අහන්න , බලන්න . ඔබේ අදහස් ලියන්න
Deleteකැනඩාව ගැන නොදන්නා දේවල් දන ගන්න ලියන්න. ඔබට ජය මටත් ජය.
ReplyDeleteබොහොම ස්තුතියි . දිගටම කියවන්න . අහන්න , බලන්න . ඇමෙරිකාව ගැනත් යුරෝපය ගැනත් ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි .ඔබට දැනෙන ඔබේ අදහස් ලියන්න .
Deleteඅපේ අය ලෝකේ හැමතැනම ඉන්නවා කියල දන්නවා වුණාට මේ වගේ වැඩක් කරනවා කියල දැනුනම හිතට ලොකු සතුටුක් දැනෙනවා...
ReplyDeleteබොහොම ස්තූතියි ඔබේ ඇගයීමට
Deleteහරිම අපූරුයි......
ReplyDeleteහපොයි මේ වගේ දෙයක් තියනවා කියල දැනගෙන හිටියෙ නෑ නෙව... බොහොම ස්තූතී දැනුවත් කිරීමට...
ReplyDeleteවෙනකක් තියා විමල් රන්කඩුව ඇදුරුතුමා ව දැකීමත් සතුටක් :)
බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට . මම කලක් රුහුණු සේවයට සම්බන්ධ වී හිටියත් විමල් රන්කඩුව මහාචාර්ය තුමා එක්ක කතා කරන්න ලැබුනෙ රූපණ නිසා . එතුමා ඉන්නෙ කැනඩාවේ නැගෙනහිර අන්තයේ . ටොරෝන්ටෝවට ආපු වෙලාවක හමුවන්න බලාගෙන ඉන්නවා .
Delete