මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 17, 2022

රූපණ පියසටහන් , සය වසක සාඩම්බර ගමන් මගේ මතක ......

 

2016 පටන්ගත් කැනඩාවේ රූපණ අන්තර්  ජාල රූපවාහිනියට මේ වනවිට අවුරුදු 6 ක්. එකම එක සෙනසුරාදාවක් හැර අනෙක් සෑම සෙනසුරාදාවකම අළුත් වැඩසටහනක් ලෙසින් රූපණ කණ්ඩායම එකිනෙකට වෙනස් වැඩසටහන් 325 ක් මේ වනවිට වෙබ් අවකාශයට මුදා හැර තිබෙනවා.

මේ වනවිට ක්‍රියාත්මක වැඩසටහන් 

         අපේ පුදබිම් - ආගමික ස්ථාන ගැන කෙරෙන වැඩසටහන 

         පැංචන්ගේ සාදය - කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වුනු අඩ පැය 

         කාන්තා හමුව - කාන්තා ඔබ වෙනුවෙන්ම වෙන්වුණු රූපණ සාර සංග්‍රහය 

         නොමැකෙන ගී රස - ගී පද රචකයින්ගේ නිර් මාණ රස බෙදා ගන්නා අඩ පැය 

         අමයුරු කවි රස - කවියේ විවිධ ඉසව් සොයා යන රූපණ වෑයම 

         Youth Inspirations with Vehara - නව රැල්ල සොයා යන යොවුන් පරපුරේ කතිකාවත 

         රූපණ ව්‍යාපාරික හමුව - අපේ ව්‍යාපාරික ප්‍රජාවගේ අභිමානය 

         ගමනක මතකය - කැනඩාවේ විවිධ ඉසව් කරා ඔබව ගෙනයන සංචාරය 

         රූපණ ලෝකෙ වටේ - සංචාරය කරමින් ලෝකයේ විවිධ තැන් බලමු 

         පොත් පිටු අතරින් - කැනඩාවේ ලේඛක ප්‍රජාවගේ පොත් ගැන විමසුමක් 

         සිරිලක මිණි කැට - zoom තාක්ෂණය ඇසුරින් ලංකාවේ දක්ෂ නිර් මාණ ශිල්පීන්           හමුවෙමු.

         සුමියුරු ගී නද - කැනඩාවේ ඉන්නා ගායන හැකියාවෙන් පිරිපුන් ඔබේ නිර් මාණ වලට   ඉඩක්  

  යලි මතකයට නැංවෙන අපේ පැරණි වැඩසටහන් 

         ලබැදි - ගීතයේ චමත්කාරය සොයා යන මියැසි අලංකාරය 

         රූපණ ශනිදා සාදය - ජනප්‍රිය ගීතයේ රස පහස සොයා යන විරාමය 

         සදැල්ල - කැනඩාවට පැමිණි විවිධ වෘත්තිකයින්ගේ අත්දැකීම් 

         මොනවද මන්දා - කෙටි නාට්‍ය එකතුවක් 

        ජයේ මාමාගෙන් අහන්න - යොවුන් දරු පිරිසක් සහ වැඩිහිටියෙක් ඇසුරින් ජීවිත අත්දැකීම්  සොයන කෙටි නාට්‍ය 

              

තවමත් වසංගත අවදානම සම්පුර් ණයෙන්ම පහව ගොස් නැති නිසා මේ වෙනුවෙන් මේ වනවිට රූපණ නිර් මාණ කාර්  යයට සක්‍රීයව සම්බන්ධ වන සම්පත් දායකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් සය වසක ගමන් මගේ මතක සිහිපත් කල " රූපණ පියසටහන් "  ඔෂවා නගරයේ පිහිටි රූපණ මැදිරියේදී පැවැත්වුණේ 2022 දෙසැම්බර් මස 10 වන සෙනසුරාදා. 

ඊට සමගාමීව කෙරුණු පැයක සජීවී මුහුණු පොත් විකාශයේ සංස්කරණය කල වැඩසටහන ඔබට මේ දිගුව ඔස්සේ බලන්නට පුළුවන්.


https://rupane.com/2022/12/17/rupane-episode-326-december-17-2022/

ඉදිරිපත් කිරීම -     කල්ප සමරතුංග 

                           සම්පත් පෙත්තාවඩු

                           මංජුලා වික්‍රමරත්න

                           සංජීව අබේරත්න 

                           අනුරුද්ධ වැලිගමගේ

                           සුනිමල් බාලසුරිය

                           මල්මි  ආරියරත්න

                           සෙනුල් ආරියරත්න

කැමරාකරණය - ගොයුම් එරංග හිදෙල්ලආරච්චි

                            සුෂාන්ත   විජේසූරිය

                            නලින්ද වික්‍රමරත්න

පාලක මැදිරිය - වීරා ෆොන්සේකා

සංස්කරණය - පුබුදු වනිගසේකර 

නිර් මාණ අධ්‍යක්ෂණය - අනුරුද්ධ වැලිගමගේ

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ලආරච්චි

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා


රූපණ මතක සටහන් සිහිපත් කෙරෙන අතරවාරයේ පහතින් දැක්වෙන ගීත 4 ත් , රංගනයත් , වැඩිහිටියන් එදා ගැයූ රූපණ තේමා ගීතය පුංචි දුවලා පුතාලා ගයන අයුරු බලන්නත් පුළුවන්.

ගීත ගායනා - මංජුලා වික්‍රමරත්න, සම්පත් පෙත්තාවඩු

සංජීව අබේරත්න, චමින්ද මාරසිංහ සහ වරුණි මාරසිංහ

රංගනය - සෙනුති විජේසුරිය සහ සවිදු විජේසුරිය 
නර් තන වින්‍යාසය - කෙත්රූ  නර් තන කණ්ඩායම 



ඉදිරියේදී රූපණ වැඩසටහන් සදහා සහභාගී වීමට කැමති බාල,තරුණ,මහළු සැමට  රූපණ වෙබ් අඩවියෙන් , රූපණ මුහුණු පොතින් තොරතුරු විමසන්නට පුළුවන්.

https://rupane.com/general-inquiries/ , https://www.facebook.com/roopane

සේයාරූ - මංජුලා වික්‍රමරත්න

ගොයුම් එරංග හිදෙල්ලආරච්චි

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නීර්  මාණ  එළිය කරාවි.

4 comments:

  1. මෙහෙම වැඩසටහන් කෙරෙන එක වැදගත්. ඉඩ තියෙන වෙලාවක බලන්නම්කෝ... සුබ පතනවා 🙏🌹

    ReplyDelete
  2. නමියා ඔබේ ප්‍රතිචාරයටත් , දිරිගැන්වීමටත් ස්තුතියි . ඉඩ තියෙන වෙලාවක රූපණ වෙබ් අඩවියට ගොඩ වෙලා බලන්න. වැඩසටහන් 325 අතරෙ ඔබ ආසාකරන වැඩසටහන් රැසක් තියේවි. https://rupane.com/

    ReplyDelete
  3. සුභ පැතුම් හය අවුරුදු ගමනට , ඉදිරියේ ද හොන්ඩ අවදා සටහන් ඉදිරිපත් කිරීමට දිරිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට සහ දිරිගැන්වීමට ස්තුතියි .

      Delete