ඔබ මගේ කවි කියවා ඇත්නම්, ඔබ බොහෝ විට සිතන්නේ මම හදවතින් මෙහෙයවන කෙනෙක් කියායි, ඔබ නිවැරදියි. හැඟීම් කලක් මගේ ගාමක බලවේගය විය. මගේ හදවත යොමු කරන දිශාව කුමක් වුවත්, මම පැකිලීමකින් තොරව දුවමි. ඒත් ඔබ නොදන්නවා ඇති, වසර ගණනාවකට පසුව මේ වනවිට එය කොතරම් වෙනස් වී ඇත්ද යන වග.
ආදරය සම්බන්ධයෙන් ගත් කල, මගේ හදවත විසින් මෙහෙයවනු ලැබීමේ විපාක සහ අවදානම් යන දෙකම සමඟ පැමිණියේය. විපාක සිත් ඇදගන්නා සුළු විය, නමුත් අවදානම් මාව බොහෝ සේ තුවාල කළේය. මට මඟ පෙන්වීමට මගේ හදවතට ඇති හැකියාව කෙරෙහි මට විශ්වාසයක් නැති විය. මම සිතුවේ මගේ හදවතේ වේදනාවෙන් ආරක්ෂා වීමට නම්, මගේ හදවත පසෙකට තල්ලු කර හිසට රියදුරු අසුනට යාමට ඉඩ දිය යුතු බවයි. අවසානයේ, හැඟීම් වෙනුවට තර්කානුකූලව සහ තර්කානුකූලව මම මගේ හිස මෙහෙයවන කාලය මෙය බව මම තීරණය කළෙමි.
( පිටුව 5, රූපි කෞර් ගේ ආදර කවි, ඊ මුද්‍රණයෙන්)
ඉන්දියාවේ පන්ජාබයේ උපත ලබා දෙමාපියන් සමග වයස අවුරුදු 3 දී කැනඩාවට සංක්‍රමණය වුනු රූපි කෞර් ( Rupi Kaur)කිවිදියක්, චිත්‍ර ශිල්පිනියක් සහ විවිධ ඩිජිටල් මාධ්‍ය ඉදිරිපත් කරන්නියක් ලෙස හදුනාගත හැකි තරුණ විප්ලවකාරී චරිතයකි. 2015 දී ඇය , මාස් ශුද්ධියේදී ඇඳ ඇතිරිල්ල සහ තමන්ගේම ඇදුම් මත ඉසිරුණු ලේ බිංදු ඇසුරින් නිර්මාණාත්මක ලෙස ඉන්ස්ටග්‍රෑම් අවකාශයට මුදා හල සේයාරූ ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කලේය. 2014 දී ඇය ප්‍රකාශයට පත්කල " කිරි සහ මී පැණි" ( milk and honey ) කවි පොත මහත් වාණිජ සාර්ථකත්වයක් ඇති කලේය. 2017 දී ප්‍රකාශයට පත් කල " හිරු සහ ඇගේ මල්" ( the sun and her flowers) සහ 2020 දී කොවිඩ් වසංගත සමයේ අත්දැකීම් අලලා ලියැවුනු " නිවෙස් සිරුර " ( Home body ) ජනප්‍රියතාවය කරා ගමන් කලේ ඉතා විශාල සමාජ ජාල සාමාජික පිරිසක් රදවා ගන්නට ඇය සමත්ව ඇති බැවිනි . ඇගේ " කිරි සහ මී පැණි" කවි පොත මිලියන 11 ක ග්‍රාහක පිරිසක් අතට පත්ව ඇති බව වාර්තා වන අතර මේ වනවිට භාෂා 43 කට පරිවර්තනය වී තිබේ. වෙනස්වන සමාජ ජාලා සහ ඩිජිටල් අවකාශ සමග කදිමට මුසු වන ඇය තවමත් 33 වන වියේ පසුවන්නියකි.
මහජන සභාවල රසවින්දනය වෙනුවෙන් කවි කියවමින්, රංගන ශිල්පිණියක් ලෙස තම දක්ෂතා ඉදිරිපත් කරමින්, සමාජ ක්‍රියාකාරිනියක ලෙස ජනප්‍රිය චරිතයක් ඉදිරිපත් කරන ඇය තරුණ පරම්පරාවට තමන් කැමති දේ ආසාවෙන් කරනා පුර්වාදර්ශී චරිතයකි.
මගේ ජීවිතේට තියෙන ආදරේ වෙනුවෙන්
බලාපොරොත්තුවක් තියාගන්න මම උපරිම උත්සාහයක් ගන්නවා
හැමදාම උදේට මම සුබ පතනවා
බලාපොරොත්තුවක් එක්ක
මට බෑ කියලා හිතෙනකොට
මම කරන්නම්
මම කරන්නම්
මම කරන්නම්
මාව දිය කරන දවසක් හමුවෙනවා
මම සෙලවෙනවා , දුක මගේ උරහිස් වලින් වැටෙනවා
ප්‍රීතියට ඉඩක් දෙන්න
මම වර්ණවලින් පිරෙනවා
මම ආයෙත් අහස අල්ලනවා
නෑ , ඒක එහෙම වෙන්නේ නැහැ.
( පිටුව 10,11, රූපි කෞර් ගේ ආදර කවි, ඊ මුද්‍රණයෙන්)
" ආදර කවි" කෘතිය හරහා පළමු වතාවට, රූපි කෞර්ගේ හෘදයාංගම ප්‍රේම කවි එක් සමීප හා කාලානුරූපී එකතුවක එකට එකතු වී තිබෙන බවක් පෙනේ . මේ පද බලන්න .
ආදරය පැමිණෙනු ඇත
ආදරය පැමිණෙන විට
ආදරය ඔබව රඳවා ගනු ඇත
ආදරය ඔබේ නම අමතනු ඇත
සරල, කෙටි සිහින් රේඛා කිහිපයකින් , සීමිත වර්ණ සංයෝජනයකින් මේ පොතේ ඇති සියළු කවි වලට ඇයම චිත්‍ර නිර්මාණය කර තිබීමත් විශේෂයි. පිටකවරයේ ද ඇතුළුව ආදර කවි කෘතියේ තිබෙන චිත්‍ර වලින් බහුතරයක තිබෙන රෝස පාට සහ දම් පාට කාන්තා ආකර්ෂණය සහ කාන්තා නියෝජනය වෙනුවෙන් ඇය උවමනාවෙන්ම පාවිච්චි කර තිබේ. ඒවා ඇගේ කවිවල වචනාර්ථ ඉස්මතු කරන්නට මහත් රුකුලක් වන බව පෙනේ.
මට සම්පූර්ණ වෙන්න ඕන
මට මුළු නගරයක්ම ආලෝකවත් කරන්න පුළුවන්,
ඊට පස්සේ
මට ඔයාව ඕන
මොකද අපි දෙන්න එකතු වුනොත්
ඒකට ගිනි තියන්න පුළුවන්
( පිටු 24,25, රූපි කෞර් ගේ ආදර කවි, ඊ මුද්‍රණයෙන්)
ස්වයං අර්ථකථන, සිතුවිලි , අදහස් , ප්‍රේමය සහ සරාගය මැද්දේ රූපී තම කවි , සටහන් චිත්‍ර අතරට ආදරයේ විවිධ පාට , රාගික රූප සේම තම ස්ත්‍රීවාදී චින්තනය නිදහසේ ඔබ්බවා තිබේ. සම්ප්‍රදායික විරිත් සදැස් කවි වෙනුවට ඇගේ කවි කෙටි හයිකු පන්නයේ සිට නිදහසේ ගලායන රිද්මයානුකූල වචන මාලා ලෙස ආසාවෙන් කියවන්නට පුළුවන. වෙනස්වන ලෝකය සමග සුබවාදී ගමනක් යන අපූරු විප්ලවකාරිනියක ගේ නිර්මාණ සංග්‍රහයක් ලෙස මම මේ පොත ආසාවෙන් කියැවීමි.
https://www.silumina.lk/2026/06/07/%e0%b7%81%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ba/61953/%e0%b6%af%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b7%83-%e0%b6%b4%e0%b7%90%e0%b7%84%e0%b7%90%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%80%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%ad/
2026 ජුනි 07 වැනිදා සිළුමිණ කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය සිළුමිණ ප්‍රධාන උප කර්තෘ ජයත් පියදසුන් මහතාට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.

.jpg)

.jpg)
.webp)


+++++++++++++++👌💐
ReplyDeleteබසු මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි
Deleteස්තූතියි , ඔය ට්‍රැවල් කරන වෙලාවක එයාර්පොර්ට් එකක් බලන්නම්
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඇගේ කෙටි කවි ලස්සනයි වගේම කිසි බයක් නැතුව ලියනවා. තරුණ කෙනෙක් නිසාත් වෙන්න පුළුවන්.
Deleteමේ සටහනට ස්තූතියි අනුරුද්ධ.
ReplyDeleteරූපී මම බොහොම කැමති කිවිඳියක්. ඇගේ කවි කීපයක් මම පරිවර්තනය කරලාත් තියෙනවා.
මට මතක හැටියට සවන රේඩියෝවේ කවි ගැන කළ වැඩසටහනකටත් ඇගේ අපි කවි ගත්තා නේද?
හෙල්මලී ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මේ සටහනට ඔබ දෙපැත්තකින් සම්බන්ධයි. පළමුවැන්න රූපී ගේ කවි " රූපණ අමයුරු කවි රස" ට ගෙනාවෙ ඔබ නිසා. දෙවැන්න ඔබ තරම් පොත් නොකියවන මට ඔබ කල පොත් සටහන් යෝජනාව සහ ජයත් පියදසුන් මහතාගේ යොමුව නිසා. මම පොත් තෝරනකොට හිතුව කැනඩාවට සම්බන්ධ අයගේ ඒවා හරි, මම කැමති විෂය පථ හෝ ඒ දෙකම ඇති ඒවා ගන්න. ඒ අනුව තමයි මම රූපී ගේ කවි පොත කියවලා සටහනක් ලිව්වෙ.
Deleteවසර ගණනකට කලින් මං වැහි වැටෙන තැන වියුණු අඩවියේ ඈ ගැන ලිව්වා. කදිම සටහනක්!
ReplyDeleteවැසි දැරිය ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. https://wehimandarama.blogspot.com/2018/03/blog-post_12.html
Deleteඔබේ ලිපිය හරි ආසාවෙන් කියෙව්වා. රහට ලියා තිබෙනවා. මට හිතෙන්නේ මේ පරම්පරාව සහ මේ රටවල නිදහස මේ විදිහට
ලියන්න ඇයට ඉඩ සලසා දෙනවා කියලයි. ලංකාවේ සාපෙළ පංතිවල දී අපේ විද්‍යා ගුරුවරිය ප්‍රජනක පද්ධතිය ගැන ඉගැන්වූ හැටි සහ අපේ දියණියන් එවන් විෂයන් නිදහසේ කතා කරන හැටි නිසා මට එහෙම හිතෙනවා. මම හිතන්නේ අන්තර්ජාලය හරහා ලෝකයට දැනුම නිදහස් වීමත් ඊට හේතු වන්න ඇති.
ස්තූතියි. මේ ලිපිය ලියැවුණු කාලයට වඩා විසල් වෙනසක් දැන් මේ පරම්පරාව තුළ දකින්නට ලැබෙනවා. ඒ වාගෙම බටහිර ආගමනයෙන් ඇති වූ වික්ටෝරියානු සදාචාරයට පෙර ලංකාව එවන් කාරණා සම්බන්ධයෙන් එවන් තැනක හිටියාත් නොවෙයිනෙ. යුරෝපය වික්ටෝරියානු සංස්කෘතියෙන් ඉදිරියට ගියත් ඔවුන් ලංකාව ඇතුළු තමන් විසින් යටත් කරගෙන සිටි රටවල් එතනින් එහාට යා නොහැකි තත්ත්වයකට පත් කර යාමකුත් වුණානෙ.
Delete