පාට පහක් එකතුකරලා හැදුව කොඩිය යට
පිං කරන්න පොරකන හැටි මකර තොරණ යට
සරු පිළිවෙත් නිසි අයුරින් හිතට ගන්න කොට
බොරු සෝබන වැඩ මොටදැයි දැනෙනවා කදිමට
අත හරින්න බැමි බිදින්න කියන වෙහෙර යට
පුදනකොටම පොදි බැදගත් ගොඩවල් යමරෙට
කිසිදා වැඩ ඉවර නොකල ලොකු පන්සල යට
බෝඩ් ලෑලි, නම් පුරවති පිං යන වදනට
නිස්කලංක සිතක් එක්ක සැනසුනු දවසට
හුගක් ඇත්තො කියාවි මට , පිස්සුනෙ ඕකට
සැහැල්ලු බව පුරවාගෙන හිත ඉපිලෙන විට
භව ගමනට විරාමයකි තරගය නැතිකොට
අනුරුද්ධ වැලිගමගේ
2026 මැයි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට





හෙහ්, හෙහ් ඔන්න කනෝ පිනුම් කියැන්නැහෙ මෙව්ව නෙව කවි, ආයිබෝං?
ReplyDeleteමසුරං අදහස. ලෙසටම ලියලා තියනවා. 🙏👌💐
බසු මහත්තයා ඔබේ ප්රතිචාරයට ස්තූතියි.
Deleteපිං අඩුවෙයි ඕව ලියල
ReplyDelete
Deleteඅජිත් ඔබේ ප්රතිචාරයට ස්තූතියි.