මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 23, 2019

2010 ශීත ඔලිම්පික් මතක සමග වලාකුළු අතරට ..... කැනේඩියානු සංචාරයක මතකය


Image result for whistler bc

Image result for whistler bc olympics event

රටවල් 82 ක් ක්රීඩක ක්රීඩිකාවන් 2566 දෙනෙක් හිම ආශ්රිත ක්රීඩාවන් 7 ඉසව් 86 කට සහභාගී වූ 2010 ලෝක ශීත ඔලිම්පික් උළෙල පැවැත්වුණේ වැන්කුවර් නගරයේ සිට කිලෝමීටර් 125 ක් උතුරින් පිහිටි විස්ලර් (Whistler) නගරයේදී . වසරකට මිලියන 10 කට අධික සංචාරකයින් පිරිසක් යනෙන හිමෙන් වැහුණු කදු මුදුන් සහිත විස්ලර් නගරය විශේෂයෙන්ම ශීත කාලයේදී සහ වසර පුරා සංචාරයට සුදුසු කැනඩාවේ බලන්නට අමතක නොකල යුතු තැනක්.

Image result for sea to sky highway



රිච්මන්ඩ් නගරයේ අපේ නවාතැනින් අපි උදෙන්ම පිටත්වුනේ පැය එකහමාරක දෙකක ගමනක් තියෙන හින්ද. අපේ ගමන් මග බ්රිටිෂ් කොලොම්බියා අධිවේගී මාර්ග අංක 99 එහෙමත් නැත්නම් Sea to Sky Highway හරිම ලස්සන පාරක් . ඉඩ පාඩු තියෙනවා නම් නැවති නැවතී  බලන්නට වටින දසුන් එමටයි . අපේ ගමනාන්තය විස්ලර් නගරය . ගිම්හානයේ හිම අඩුවෙන් පෙනුණත් හරිම ලස්සන පලාතක් . ටිකක් වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් සංචාරක දුම්රියේ ගිහින් කදුවල රුව ගුණ බලන්නට පුළුවන් .

Image result for whistler bc summer


විස්ලර්  ඔලිම්පික් ගම්මානය ( Whistler Olympic Village)


අපි ඔලිම්පික් ගම්මානයට ආවා . මීට කලින් සංචාරයක මතකය තුලින් ඔබව ගෙනගිය කුවිබෙක් පළාතේ Mont Tremblant  අපේ සිහියට ආවා . ශීත කාලයට හිම ක්රීඩාවල යෙදෙන අය ගෙනයන උපාංග  වෙනුවට මවුන්ටන් බයිසිකල් ගත් අය කදු මුදුන් වලට යන්න පෝලිම් ගැහිලා . 2010 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් හිම ක්රීඩාවල අසිරිමත් රූපවාහිනී දර්ශන මේ ඉස්සව්වට යන්න උත්ප්රේරකයක් වූ බව කිව යුතුයි .
2010 ඔලිම්පික් සංකේත සටහන Ilanaaq තිබෙන විස්ලර් කදු මුදුනට යන්න අපි විස්ලර් ගම්මානයේ ගොන්ඩෝලාවට ගොඩවුණා . අපි ටිකෙන් ටික අහසට නැගෙනවා . කදු මුදුන්වල ඉදන් මවුන්ටන් බයිසිකල් වලින් වැඩ දමමින් එන අය අපට පේනවා . සමහරු කදු නගිනවා .( Hiking) තවත් අය දුරට යන කේබල් වල එල්ලිලා පහලට රූටනවා ( Ziplining) . වලාකුළු අද්දරදි අපි ගොන්ඩෝලාවෙන් බැහැලා ගිම්හානයේ දීත් හිම තියෙන කදු මුදුන් පසුබිමට අරගෙන ඔලිම්පික් සංකේතය එක්ක සෙල්පි ගහන්න පටන් ගත්තා .    

Image result for whistler gondola

කදු මුදුන් අතර ගොන්ඩෝලාව ( Peak to Peak Gondola)


විස්ලර් කන්දේත්  , බ්ලැක් කෝම්බ් ( Blackcomb) කන්දේත් මුදුන් වෙත වෙන වෙනම ගොන්ඩෝලා සේවා 2 ක් ක්රියාත්මක වෙනවා . 1997 දී   සමාගම් 2 කේ ප්රධානීන්  ස්විට්සර්ලන්තයේ  Zermatt නගරයේ කල සංචාරයකට පස්සෙ ආපු අදහස තමයි මේ කදු මුදුන් 2 හරහා  ගොන්ඩෝලාවක් පටන් ගන්න එක .
සුවිසල් කුළුණු 4 ක් සහ දෙකොන කදු මුදුන්වල සවිකල දැවැන්ත ආධාරක අතරින් ස්විට්සර්ලන්තයේ හෝ ඔස්ට්රියාවේ වැනි යුරෝපා සංචාරයක හැගීම් දනවන රතු පැහැති කුටි 28 ක් කිලෝමීටර 4.4 ක් දුරක් දෙපැත්තට යනවා . එක පැත්තකට ගමන් කාලය විනාඩි 11 ක් . මගීන් 28 දෙනෙකු දැරිය හැකි ඒවා අතුරින් 2 ක් වීදුරු පතුල් ඇති ඒවා . ඒවායේ යන්න නම් දැඩි හිතක් සහ දරා ගැනීමක් අවශ් වෙනවා . පැද්දෙන කොට වගේම සමහර වෙලාවට මැද නතර වෙලා තියෙන කොට නම් පොඩි බයකුත් දැනෙනවා . පැයකදී මේවායින් එහා මෙහා කරන පිරිස 4100 දෙනෙක්. ඔබට වියදම් කරන්නට පුළුවන් නම් කදු මුදුනේදී හෙලිකොප්ටර් චාරිකාවක යෙදෙන්නත් පුළුවන් .


 Image result for whistler gondola

Whistler ක්රියාකාරකම්

Image result for whistler skiing

Image result for whistler mountain biking

Image result for whistler zip lining

Image result for whistler atv

ශීත කාලයට හිම ක්රීඩාවල යෙදෙන අයගේ පාරාදීසයක් වන මේ නගරය සදහා වන සියළු පහසුකම් වලින් සමන්විතයි . ඔබට අවශ් සියළු උපකරණ , උපාංග කුලියට ගන්නත් , මග පෙන්වන්නන් , පුහුණු කරුවන් සේම නවාතැන් පහසුකම් මෙහි ඒමට තිබෙනවා . කැනඩාවේ පමණක් නොව ලොව දස දෙසින් පිරිස් මෙහි ඇදී එන්නේ නිසා . ගිම්හාන කාලයට මෙහි කල හැකි ක්රියාකාරකම් රැසක් තිබෙනවා . කදු නැගීම , මවුන්ටන් බයිසිකල් පැදීම  සහ Ziplining අතර වෙනවා . ඊට අමතරව කදු මුදුන්වල සිට ගලා හැලෙන දිය පහරවල බෝට්ටු පදින්නත් , ATV රථයක නැගී ත්රාසජනක ගමනක් යන්නත් පුළුවන් .ගොල්ෆ් ක්රීඩාවේ යෙදෙනවා නම් ඊට අවශ් පහසුකම් පවුලේ සැමට නිවී හැනහිල්ලේ ඉන්නට පුළුවන් උද්යාන රැසක් මේ ප්රදේශයේ තියෙනවා . රෑ බෝවෙන කොට අපි ආපහු නවාතැනට එන්න වාහනයට නැග්ගා .

Image result for whistler white water rafting

Sea to Sky Highway අතර  බලන්නට වටින තැන්

·         Brandywine Falls

Image result for brandywine falls whistler


·         Squamish

Image result for squamish falls


·         Sea to Sky Gondola
·         Shanon Falls
·        

Image result for porteau cove

 Porteau Cove

Image result for capilano suspension bridge park



Capilano suspension bridge park


අද දවසේ අපි යොදාගත්තේ කෙටි ගමනක් . මේ අපේ නවාතැනේ ඉදන් පැය බාගෙක විතර දුරකින් තිබෙන පරිසර පද්ධතියක් . ස්වදේශීය Squamish වරුන් ලස්සන ගග අරුතින් කියූ Kia’ palano වලින් බිදුණු වදනක් විදිහට Capilano හදුන්වන්න පුළුවන් .

Image result for george grant mackay

1888 දී George Grant Mackay සිවිල් ඉංජිනේරුවරයා මිලට ගත් අක්කර 6000 බිම් කඩට අයත්ව තිබු මෙය කලින් කලට විවිධ පුද්ගලයින් අතට පත් වුනා . මුලින්ම ගග හරහා කුඩා වැල් පාලමක් තිබුණු අතර කලින් කලට දියුණු වී අද පවතින තත්වයට ආවේ 1983 දී මිලදී ගෙන සංවර්ධනය කල Nancy Stibbard නිසා . රොකී කදු කලාපයේ ඉතා සාර්ථක සංචාරක ව්යාපාර ප්රවර්ධිකාවක් වන ඇය යටතේ අද වනවිට අති විශාල පිරිසක් යනෙන තැනක් .




මේ උද්යානය තුල පැය ගණනක්ම ගත කරන්නට දේ තිබෙනවා . ගස් උඩින් යන පාලම් අතරින් ගහ කොලේ පුසුබ විදින්නටත් , උතුරු ඇමෙරිකාවේ තිබෙන
විශාලතම Totem Poles. එකතුව බලන්නටත්, ගං ඉවුරේ අග්ගිස්ස දිගේ ගමනක් යන්නත්  ඔබට පුළුවන් . පෞද්ගලික දේපලක් වන මෙහි අයකිරීම් තරමක් වැඩි වුනත් වැන්කුවර් නගරයට එන සංචාරකයින් මෙය බලන්නට යන්නේ එහි ඇති අපුර්වත්වය නිසා .

Image result for george grant mackay


Image result for george grant mackay



ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා  විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම්

Image result for phoenix arizona


හිරු නිම්නයේ ගෙවුණු දවස් දෙකක් එක්ක …… ඊළග මාසයේදී හමුවෙමු .

සටහන   අනුරුද්ධ වැලිගමගේ  

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 
අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 මාර්තු  කලාපයේ පලවිය 


.Image result for dasatha publications

විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට







Image result for capilano suspension bridge park

Tuesday, November 12, 2019

කේතුමතියේදී හේමසිරි හමුවෙමු .


මට නමින් කතා කරන්නට හැකි තරම් ලෙන්ගතු පිරිස් අතරේ තබන්නට බැරි කෙනෙකු ගැන මෙවන් සටහනක් තැබුවේ කියවන ඔබේ අවධානය පිණිසයි.

මට ප්‍රවීණ මාධ්‍යවේදී හේමසිරි කුලරත්නයන් හමුවීමේ කපුකම කරන්නේ කැනඩාවේ අප සමග ජීවත්වන ප්‍රවීණ ගුවන් විදුලි සම්පාදක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ලක්හඩ ගුවන් විදුලියේ සහ ස්වාධීන රුපවාහිනියේ ප්‍රබල චරිතයක් වූ වසන්ත ලංකාතිලකයන් විසිනි. ඒ ප්‍රවීණ ගීත රචක දෙපලක් වන සුනිල් සරත් පෙරේරා සහ ලූෂන් බුලත්සිංහල යන් ගැන අප රූපණ අන්තර්ජාල රූපවාහිනිය වෙනුවෙන් කල නොමැකෙන ගී රස වැඩසටහනේ ලංකාවේ පටිගත කිරීම් සහ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙනි.




ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විවිධ වැඩසටහන්, විශේෂයෙන්ම පරිසර වැඩසටහන් කල හේමසිරි කුලරත්න මහතා සේවයෙන් විශ්‍රාම ගොස් සිටියද තවමත් මාධ්‍යය අතහැර නැත්තේ ඒ ගැන ඔහුට ඇති අපරිමිත දයාව නිසයි. තිරයෙන් පිටත වැඩ කටයුතු රැසක් ඔහු ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් කරන ඔහු රේඩියෝ මතක නම් පොතේ කතුවරයා ද වේ.





Radio මතක පොතින් සහ කතා බහින් අප නොදන්නා ඔහුගේ අත්දැකීම් බ්ලොග් පිටු හරහා ජනගත කරන්නට මම ඔහුට කාරුණික ඇරයුමක් කලෙමි. කේතුමතී එහි ප්‍රතිපලයයි.

ඔහු ගැන නොදත් දෑ දැනගන්නා අතරේම එතුලින් අප සැමට බොහෝ දේ ඒ ජීවන සටහන් තුලින් කියවන්නට හැකිවේවායි බලාපොරොත්තු වෙමු.

කෙතුමතියේදී තවත් දේ කියවමු, ඔබට සුබ පැතුම්


https://kethumathiweb.blogspot.com/

Saturday, November 9, 2019

කලාවැවේ නිල් දිය පුසුබ ……….අනුරුද්ධ වැලිගමගේ.....කවි


Image result for girl infront of lake

Image result for migrated family in canada


සීඑන් කුළුණ මුදුනත රැදි අහසේ
පොල් රුප්පාව ඉහලින් ඇති සදමයි මැවුනේ
ඔන්ටාරියෝ විල් දිය පිස එන සුළගේ
කලාවැවේ නිල් දිය පුසුබයි දැනුනේ ....

පියබා දහස් ගව්දුර මේ හිම කතරේ
ඉසුරු සොයා අප හැම පියවර මැන්නේ
නෑදෑ කිසිත් නැති මේ සුවිසල් නගරේ
හීන් ඉකිබිදුම නෑ කාටත් ඇසුනේ

හිරු සදු පරපුරක් නැති තනිවුණු නගරේ
දැනුමේ පැන් කලය ඇති පදමට ඉතිරේ
පෙර කල පටන් රැකි ගුණදම් අතරේ

පුතුනි ඔබ නිසයි මේ දුක උහුලා ඉන්නේ

අනුරුද්ධ වැලිගමගේ

Image result for cn tower


සේයාරූ

 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Saturday, November 2, 2019

කහපාට ආදරය , පොකට් ගහන්නට බැරි ආදරය සහ කොස් නෝක්කාඩුව .......තිලකසිරි ඒකනායක .....රේඩියෝ කෙටිකතා


Image result for girl with yellow flowers

බැච් ට්‍රිප් එකේ පළමු දවස අනුරාධපුර ගත කළ  කොල්ලන් කෙල්ලන් රැගත් බසය දෙවැනි දවසේ දවල් එකොළහ පමණ වෙනකොට අනුරාධපුරයෙන් පිටත්වුනේ දවල් කෑම කලාවැව ඉවුරේදී කන්නට හිතාගෙනය.

අනුරාධපුර ජයන්ති මාවත  පැත්තෙන් මල්වතු ඔය පාලම පේන තෙක් මානයට ආවා පමණි. තනි කෙලින් පාරේ මීටර පන්සීයක් විතර ඈතින් පරණ පන්නයේ බැග් කබලක් අතින් ගත්  සුදු සරමක් හා කමිසයකින් සැරසුණු මනුස්සයෙක්, වෙනත් ග්‍රහ ලෝකෙක ඉඳන් මේ දැන් ප්‍රාදීර්භුත වූ අයෙක් මෙන් පාරට අත දික් කරගෙන සිටියේය.

'බයිට් එකක් බයිට් එකක් ; කොල්ලෝ කීප දෙනෙක් කෑ ගැසුවෝය. අර මෑන් හිතල තියෙන්නේ මේක ලංගම බස් එකක් කියල  . මල්ලි අපි වාහනේ නවත්තලා මිනිහා දාගෙන යමු , ටිකක් දුර ගෙනිහින් බස්සමු. හොඳ බයිට් එක'.

සිසු නඩය  සමග ගානට සෙට් වෙලා හිටි ඩ්‍රයිවර කොලුවාද අන්ද මන්ද මගියා අසල බස් රිය නතර කළේය. ඔහු බසයට ගොඩ වෙද්දීම එකෙක්. 'රයිට් පස්සට යන්න පස්සට යන්න . ඔය දැන් නැග්ග එක්කෙනා ටිකට්  ගන්න . කොහාටද යන්නේ ?

ඔහු කමිස සාක්කුවට අත  දමා නෝට්ටු  කීපයක් ඇද්දේය .
'කොහාටද යන්නේ'. කොන්දොස්තර ඇසුවේය.

මගියාට දිව පැටලුනේය. ඔහුද ඒ ප්‍රශ්නයම ඇසුවේය . කොහාටද යන්නේ ?

මේ හලෝ ඔහේ බෝඩ් එක බලන් නැතිවද නැග්ගේ ? යන දිහා දන් නැතිව නගිනවා මෙතන ' . කට්ටියට බයිට් එක සෙට් වෙලාය. කෙල්ලෝ මැසිවිලි නගති. ඒයි  පව් පව් අහිංසක මනුස්සයෙක් රස්තියාදු නොකර බස්සලා යමු අනේ .
හැමෝම ආයෙමත් කොක්සන් හඬ නඟති.

බස් එක කෙලින් පාර දිගේ හැල්මේ ඉදිරියටම ඇදේ . ඒ ගමන කොන්දොස්තරලා රොත්තකි.
'ඔහේ කොහේ ඉඳන්ද එන්නේ ?.

'හිර ගෙදර ඉඳං . අද උදේ තමයි නිදහස් උනේ අවුරුදු දහයකින්'
.
එතෙක් උසුළු විසුළු හඬින් පිරී ඉතිරී තිබු බස් රිය බය බිරාන්ත නිහඬතාවයක ගිලුනේය. ඒ වෙලාවේ රජ කළ  භීතිය ගුවන් යානයක් කොල්ලකරුවෙකු විසින්  අල්ලාගත් විටෙක මෙන් විය.

හීන් හඬින්  සරසවි කොල්ලෙක් මෙසේ ඇසුවේය . මොනා වෙලාද හිරේ යන්න උනේ ?

'මගේ අතින් මිනිහෙක් මැරුණා. ගැටවර කාලේ අපෙත් අණක් ගුණක් නෑනෙ' .

මේ මිනිහා බස්සලා යමු නේදැයි අසන්නාක් මෙන් පිටුපස බැලූ ඩ්‍රයිවර් මල්ලී බස් රිය ස්ලෝ කළේය.

මේ අතරේ එකෙක් කිව්වේ නෑ අපි දිගටම යමු කියලාය ඒ කියන ගමන් ඉස්සරහම පේලියේ අසුනක මගියාට වාඩි  වෙන්නට සැලැස්සුවේය.
දැන් මේ මගියාගේ කතාව බස් එකේ පේලියෙන් පේලියට පිටිපස්සට යනකන් පැතිර ගිහිල්ලය.
හිර කාරයෙක්ලු! . මිනී  මරුවෙක්ලු ! .

දැන් මගියා බයිට් කරන්නට බලා සිටි කොල්ලන් බයිට් වී තිබේ. මගියා යන්නේ කොහාටද දැන ගන්නට වුවමනාව තිබේ. හෙමින් හෙමින් කිට්ටු වෙන 'කොන්දොස්තර' වෙත මගියා පුංචි නෝට්ටු කොළ ටික දික් කරමින් නුවරට එකක් දෙන්නයි කියයි.

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද
කියල ...

Related image

Image result for jak tree and old lady

 ...
අද කතා  තිලකසිරි ඒකනායකගේ  කහපාට ආදරය , පොකට් ගහන්නට බැරි ආදරය සහ කොස් නෝක්කාඩුව  ..........

 කහපාට ආදරය

http://thilakasitha.blogspot.com/2014/06/1.html

පොකට් ගහන්නට බැරි ආදරය


කොස් නෝක්කාඩුව

http://thilakasitha.blogspot.com/2015/02/blog-post.html


තිලකසිරි ඒකනායක මහතාගේ අදහසට අනුව .......මේ කතා වැටෙන්නේ ජීවන කතන්දර විදිහටයි .

පොඩි මතක් කිරීමක් කරන්න සතුටුයි මම ලියන බ්ලොග් තීරු ලිපි කෙටි කතා කියන අංශයට වැටෙන්නේ නෑ. ඒවා ජීවන කතන්දර හෝ බ්ලොග්වලට අදාළ සටහන් .

 සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
Image result for sawana radioImage result for sawana radio




කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
තිලකසිරි ඒකනායක ගේ සම්පුර්ණ කතා එකතුව සදහා   තිලක සිත බ්ලොග් අඩවියට යන්න .

Image result for thilakasitha

http://thilakasitha.blogspot.com/

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට

තිලකසිරි ඒකනායකගේ තවත් රේඩියෝ කෙටිකථා අහන්න

හන්තාන පාමුල , අපේ ගෙදර ආ සේකර සහ අපේ බබා බත් කෑ හැටි .......


තිලකසිරි ඒකනායක මහතාගේ අදහසට අනුව .......මේ කතා වැටෙන්නේ ජීවන කතන්දර විදිහටයි .

පොඩි මතක් කිරීමක් කරන්න සතුටුයි මම ලියන බ්ලොග් තීරු ලිපි කෙටි කතා කියන අංශයට වැටෙන්නේ නෑ. ඒවා ජීවන කතන්දර හෝ බ්ලොග්වලට අදාළ සටහන් .

http://ahasgawwenehalokaya.blogspot.com/2018/10/1.html