මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 9, 2019

කලාවැවේ නිල් දිය පුසුබ ……….අනුරුද්ධ වැලිගමගේ.....කවි


Image result for girl infront of lake

Image result for migrated family in canada


සීඑන් කුළුණ මුදුනත රැදි අහසේ
පොල් රුප්පාව ඉහලින් ඇති සදමයි මැවුනේ
ඔන්ටාරියෝ විල් දිය පිස එන සුළගේ
කලාවැවේ නිල් දිය පුසුබයි දැනුනේ ....

පියබා දහස් ගව්දුර මේ හිම කතරේ
ඉසුරු සොයා අප හැම පියවර මැන්නේ
නෑදෑ කිසිත් නැති මේ සුවිසල් නගරේ
හීන් ඉකිබිදුම නෑ කාටත් ඇසුනේ

හිරු සදු පරපුරක් නැති තනිවුණු නගරේ
දැනුමේ පැන් කලය ඇති පදමට ඉතිරේ
පෙර කල පටන් රැකි ගුණදම් අතරේ

පුතුනි ඔබ නිසයි මේ දුක උහුලා ඉන්නේ

අනුරුද්ධ වැලිගමගේ

Image result for cn tower


සේයාරූ

 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

No comments:

Post a Comment