මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 28, 2021

පොත් පිටු අතරින් .......... ෆ්‍රීඩා විල්ලවාරයන්ගේ ගුරු සෙනෙහස සහ සුනිල් තන්තිරිගේ ගේ The House of Thousand Memories.....



පොත් පිටු අතරින් ..........කැනඩාවේ නිර්මාණ කරුවන්ගේ පොත් නිර්මාණ විමසුම .....






කැනඩාවේ වෙසෙන ලේඛක ලේඛිකාවන්ගේ අළුත් නිර්මාණ ඔබට හදුන්වා දෙන වැඩසටහන 


ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සම්පත් දායකත්වය - ෆ්‍රීඩා විල්ලවාරයන් සහ සුනිල් තන්තිරිගේ

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි



https://rupane.com/vimeo-video/rupane-episode-247-june-05-2021/


හදුන්වා දෙන අළුත්ම ගීතය 

තිබිරිගෙයින් දිවිසැරිය දිනූ දා ...

ගායනය - නිසල් ආරියරත්න, මල්මි ආරියරත්න, සෙනුල් ආරියරත්න

ගී පද - බන්ධුල කුරුවිටආරච්චි

සංගීතය - අජිත් දර්ශන ජයවීර 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, August 21, 2021

සදාදරණීය පරණ පෙම්වතා සහ දොලොස් මහේ පහන ........සොදුරු සිත බ්ලොග් අඩවියෙන් ........

 


සදාදරණීය පරණ පෙම්වතා 

**********************

"සුදත් "

"  කවුද මාෂි ඒ "

" නෑ ඉස්සර මගේ ඉස්කෝලේ යාළුවෙක් " 

" ආ අර කොල්ලද . පව් ඒ මනුස්සයගේ නෝනත් මෙහෙම තමයි ඉන්නෙ .

  ලැබුණු දරුවා මාස 3 කින් නැති වෙලා. එදා ඉදල ඒ ගෑණු මනුස්සයාගේ මොලේ හොද නෑ  "

 " මෙතන හිටියොත් මගේ නෝනා ගෙත් මොලේ නරක වෙයි "

දොළොස් මහේ පහන 

********************

" එහෙම කොහොමද හාමුදුරුවනේ එක එකාලට ඕන විදිහට පන්සලේ දේවල් අරගෙන යන්න දෙන්නෙ  " පන්සලේ සැදැහැවත්ම බෞද්ධයාගෙ හඩ  බණ මඩුවේ සිංහල උළු වහල දෙදරවා යන තරම් ..."

ඊළග දවසේ උදේ පන්සලේ තාප්පය පුරාත්, ඒ ආසන්න ගම පුරාවෙත්  ඇලවිලා තිබුණු කැලෑ පත්තර ලිව්වේ කවුද කියල දන්නෙ දෙවියොම විතරයි.

ඒවගේ ලියැවිලා තිබුනේ 

"  පොලීසියත් මකර කටේ . පහන් වැටත් උන්ගේ කටේ " "කියලා 


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතා

සදාදරණීය පරණ පෙම්වතා සහ දොලොස් මහේ  පහන ........සොදුරු සිත  බ්ලොග් අඩවියෙන් ........



විශේෂ
 ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී
වසන්ත ලංකාතිලකයන්ට



සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

               සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

  මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Friday, August 13, 2021

දළදා පෙරහැර නුවරට එනවා..............අනුරුද්ධ වැලිගමගේ....


න්කුටු  න්කුටු  පෙරහැර  එනවා

හේවිසි හොර නෑ හඬ පැතිරෙනවා

ඇත්රජ මහ කරඩුව ඩමනවා

ඇසල මහේ මහ පෙරහැර යනවා


පන්තේරුව ලස්සන හැඩ මවලා

කොප්පර පහනින් රෑ එළි කරලා

බෙරහඩ තාලම්පට හා බැදිලා

උඩරට නැටුමින් දන මන දිනලා

 

කුබල් පෙරහැරින් ඇරබුම ලබලා

ඇත්රජ රන්දෝලිය පිට වඩලා

දිය කැපුමෙන් වැඩ අහවර කරලා

දළදා පෙරහැර නුවරට එනවා

 

අනුරුද්ධ වැලිගමගේ

රූපණ අන්තර්ජාල රූපවාහිනියේ ජයේ මාමාගෙන් අහන්න වැඩසටහන සදහා ලියැවුනකි. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, August 7, 2021

සරසවි යන දියණියට ...... අනුරුද්ධ වැලිගමගේ....

 

විසල් අහසේ ඉගිල යන්නට

කාලයයි කදිමයි

තුරුණු පිරිපුන් ජවය අරගෙන

දුරට පියඹන්නයි ....

  

සුදු සඳක මුදු මොලොක් රැස් සේ

එළිය පතුරන්නයි

සිනාසීගෙන හෙමින් ඇවිදින්

වැඩි දුරක් යන්නයි .....

 

උගත් ගුණ දම් සිරිත් මල්දම්

ලෙසින් පලදන්නයි

ඔබේ ගමනට සියළු බාධක

දුරුව හැඩ වෙන්නයි ......

 

අනුරුද්ධ වැලිගමගේ


2021 අගෝස්තු  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය

https://londonkavi.com/



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

Saturday, July 31, 2021

පලංචියේ දිගාවී මයිකල් ඇන්ජිලෝ ඇදී සිතුවම් බලන්නට වතිකානුවට ගියදා .....

දක්ෂ මුර්ති ශිල්පී  Michael Angelo දෙවන ජුලියස් පාප් වහන්සේ පැවරුවේ අති භාරදූර වැඩක් . Sistine Chapel එකේ සිවිලිමේ චිත් අදින්න . 1535-1541 අවුරුදු 6 ක් තිස්සේ ඔහු සහ පිරිස කල අගනා නිර්මාණ අදත් වතිකානුවට ගියොත් ඔබට බලන්නට පුළුවන් . අපි මේ යන්නෙ ක්රිස්තු භක්තිකයන්ගේ මහත් ගෞරවාදරයට පත්වුණු ලෝකයේ කුඩාම රාජ්යය වන වතිකානුව බලන්නයි . ඉතාලියේ රෝම නගරයට යාබදව තිබෙන වතිකානුව බලන්නට අප ගියේ පාප් වහන්සේගේ ගිම්හාන මාළිගාව නැරබීමෙන් අනතුරුවයි .

Castel Gandolfo

රෝම නගරයේ ඉදන් කිලෝමීටර් 25 තරම් දුරකින් නිස්කලංක ඉඩක පිහිටා තිබෙන පාප් වහන්සේගේ නිල ගිම්හාන මාළිගාව මෑතක් වනතුරු පැවතුණේ පොදු ජනතාවගෙන් වසන් කල පෞද්ගලික දේපලක් විදිහටයි . වෙනස්වන ලෝකයත් එක්ක බොහෝ දේ වෙනස් කල වර්තමාන පාප් වහන්සේගේ සුබවාදී දර්ශනය යටතේ උන් වහන්සේ භාවිතා නොකරන දිනවලදී ඔබට රෝමයට ගියොත් යන්නට පුළුවන් සංචාරක ආකර්ෂණ අතරට අළුතින්ම එක්වූ එකක් ලෙස එය හදුන්වා දෙන්නට පුළුවන් .



ඇල්බන් කදුකරයේ Lake Albano වලට මුහුණලා පිහිටා තිබෙන නිවස පිහිටි පරිසරය නම් හැබෑම ලස්සනයි . 17 වන සියවසේ ඉදිවුණු ධනවතුන්ගේ ගිම්හාන නිවාස රැසක් ඇති මේ ප්රදේශය රෝමයේ පැවති ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ ඉසව් සදහා භාවිතා වුණා .ක්රිස්තු පුර්ව 16 වන සියවසේ විසු Domitian නම් අධිරාජ්යයා මාළිගා සංකීර්ණයක් වූ මේ පරිශ්රය ගිනිකදු විදාරණයෙන් එක්වුණු සරු පසක් සහිත නිසා මේ මාළිගාවේ උද්යානය පාට පාට මලින් සහ සරු ගස් වලින් පිරී තිබෙනවා . Gondolfi පවුලෙන් මිලට ගෙන මෙහි ගිම්හාන නිවහනක් සකස් කලේ 1462 දී පියුස් පාප් වහන්සේ විසින් .


දෙවන ලෝක යුධ සමයේදී 7 වන පියුස් පාප් වහන්සේ විසින් මේ පරිශ්රය 12000 පිරිසකට සරණාගත කදවුරක් සහ එහි උපන් ළමුන් 36 දෙනෙකුට ළදරු පාසැලක් ලෙසින් ජනතා සේවයට යොදවා තිබෙනවා .

ලස්සන විශාල මන්දිරයක් වුණත් පාප් වහන්සේ එහි භාවිතා කරන කුටිය සරල එකක් . කාලයක් තිස්සේ විවිධ පාප් වහන්සේලා පරිහරණය කල ඇදුම් පැළදුම් ,ගෘහ භාණ්ඩ සේම නිල රථ මේ මන්දිරයේදී දකින්නට පුළුවන් . පාප් වහන්සේ වැඩ සිටින විට මැද මිදුලට රැස්වන ජනතාවට දේවාශිර්වාද කරන විශේෂ සදළු තලයක් මෙහි තිබෙනවා .මන්දිරය බලල ඉවරවෙලා අපි උද්යානය බලන්න විශේෂයෙන්ම සකස් කල රථයට නැගුනා . පෞද්ගලික රථ වාහන වලට අවසර නැති හින්ද ඔබට උද්යානය බලන්න පුළුවන් රථය තුල ඉදගෙන තමයි . සුවිසල් උද්යානය තුල කලාප රැසක් සේම කුඩා ගොවිපොලක් සහ අයිතිහාසික මාළිගාවක් තිබෙනවා . ඉඩක් තිබුණොත් බලන්න වටින කලාතුරකින් අවස්ථාව ලැබෙන එකක් .


අපේ චාරිකාවට අසල ගම්මානයේ අවන්හලකින් ඉතාලි සම්ප්රදායික දවල් කෑමක් වගේම වතිකානුවට සුවපහසු රථයකින් ගමන් පහසුව සලසලා තිබුණු හින්දා Lake Albano දිහා බලාගෙන පැය කිහිපයක් ගත කරන්නට අපට ඉඩ ලැබුණා .

අපි පාප් වහන්සේගේ ගිම්හාන මාළිගයෙන් වතිකානුවට ආවා . වතිකානු කෞතුකාගාරය අද්දර අපව කැදවාගෙන යන්න රෝමයේදී අප හමුවූ නියාමක වරිය සුදානමින් හිටියා. ඔබට සංචාරක නියාමක සේවය රහිතවත් මේ පරිශ් බලන්නට පුළුවන් . ඒත් අනවශ් තැන්වල කාලය නාස්ති කරමින් අවශ් තැන් අතහරින එකටත් කාල කළමනාකරණයටත් වගේ සේවයක් කණ්ඩායමක් විදිහට ගන්න එක හොදයි . අපි ශ්රව් සන්නිවේදකය කනේ ගහගෙන සිතියම අතට ගත්තා . ඇය පසුපස ගිහින් රෝමයෙන් වටවෙලා තියෙන හෙක්ටෙයාර් 44 ලෝකයේ කුඩාම රාජ්යය බලන්න පටන් ගත්තා

Sistene Chapel

අළුතින් පාප් වහන්සේ කෙනෙකු පත්වුණු බව ලෝකයාට දන්වන චිමිනිය තිබෙන්නේ පාප් වහන්සේගේ නිල නිවස වන යුනෙස්කෝ ලෝක උරුමයක් වන මේ මන්දිරය තුලයි Baccio Pontelli සහ Giovanni De Dolci ගෘහ නිර්මාණ ශිල්පීන් නිර්මාණය කල මෙහි ඉදිකිරීම් නිමා වුනේ 1508 දී . ඒත් අද වනවිට මෙය මයිකල් ඇන්ජිලෝ විසින් ඇද තිබෙන The creation of Adam සහ The last judgement නිසා තවත් ජනප්රිය වී තිබෙනවා . 1984-1994 කාලයේදී කෙරුණු චිත් සංරක්ෂණය නිසා මෙහි ඇතුලත පැරණි බිතු සිතුවම් සේයාරූ ගන්නට අවසර නැහැසමහරු නම් කියන්නේ එය වෙළද උපක්රමයක් කියලයි . කොහොම වුණත් සෙනග රැස්කන , විශාල නිලධාරීන් පිරිසක් ඉන්න එතැන ඔවුනට හොරෙන් ෆොටෝ ගහන එක ලේසි වැඩක් නෙවෙයි .

ඔබ බදාදාවක හරි ඉරිදාවක ගියොත් ඔබට පාප් වහන්සේ බැහැ දකින්නත් ඉඩක් හොයාගන්න පුළුවන් වේවි . වගේම වතිකානුව ශුද්ධ ආගමික කලාපයක් හින්ද ගොඩනැගිලි ඇතුලත දී හිස් වැසුම් ඉවත් කරන්නත් , හොදින් ඇග වැහෙන ඇදුම් ඇදගෙන යන්නත් වග බලා ගන්න එක හොදයි . එහෙම නැත්නම් ඔබට සමහර තැන්වලට යන්නට බැරිවේවි .

Swiss Guards

වතිකානුවේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් සාම්ප්රදායිකව කැපවී ඉන්නා ස්විස් සොල්දාදුවන් බලන්න ලස්සනයි . ස්විස්ටර්ලන්ත හමුදාවේ සේවය කල අයවලුන් අතරින් අවිවාහක කතෝලික අවුරුදු 19-30 අතර තරුණයින් පිරිසක් මෙසේ පාප් වහන්සේගේ ආරක්ෂාව භාරව ඉන්නවා .

St. Peter’s Basilica

කලාකරුවන් රැසකගේ දායකත්වයෙන් 1626 දී ඉදිවූ මෙය ලෝකයේ තිබෙන විශාලතම කතෝලික පල්ලියයි . 80000 පිරිසකට රැස්විය හැකි ලෙසින් තනා ඇති මෙහි ඇති අල්තාරය අති විශාලයි . ලෝකයේ උසම Dome එක ලෙසින් නම් දරා තිබෙන මෙය අඩි  448.1 ක් උසයි . මියගිය පාප් වහන්සේලා කිහිප නමකගේ දේහයන් විශ්මිත අයුරින් දැකගැනීම සදහා මෙහි තබා තිබෙනවා .

St. Peter’s  square

ලක්ෂ 4 තරම් සුවිසල් ජනතාවකට රැස්විය හැකි මේ චතුරශ්රය පිහිටා තිබෙන්නේ සුවිසල් ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිටයි .Gian Lorenzo Bernini ගේ හැඩ වැඩ සහ කැටයමින් වටවූ මේ පරිශ්රය සේයාරූ සදහා මනරම් පසුතල රැසක් මවනවා .

ලබන මාසයේදී .....අනාගතයේ ගිලි යාමේ අවදාන මක් තිබෙන මනරම් වැනීසියේ රවුමක් යමු .

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදි වැලිගමගේ  සහ අන්තර්ජාලයෙන්


කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ  2020  මාර්තු කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි