දක්ෂ මුර්ති ශිල්පී Michael Angelo ට දෙවන ජුලියස් පාප් වහන්සේ පැවරුවේ අති භාරදූර වැඩක් . ඒ Sistine Chapel එකේ සිවිලිමේ චිත්‍ර අදින්න . 1535-1541 අවුරුදු 6 ක් තිස්සේ ඔහු සහ පිරිස කල අගනා නිර්මාණ අදත් වතිකානුවට ගියොත් ඔබට බලන්නට පුළුවන් . අපි මේ යන්නෙ ක්‍රිස්තු භක්තිකයන්ගේ මහත් ගෞරවාදරයට පත්වුණු ලෝකයේ කුඩාම රාජ්‍යය වන වතිකානුව බලන්නයි . ඉතාලියේ රෝම නගරයට යාබදව තිබෙන වතිකානුව බලන්නට අප ගියේ පාප් වහන්සේගේ ගිම්හාන මාළිගාව නැරබීමෙන් අනතුරුවයි .
Castel Gandolfo
රෝම නගරයේ ඉදන් කිලෝමීටර් 25 ක තරම් දුරකින් නිස්කලංක ඉඩක පිහිටා තිබෙන පාප් වහන්සේගේ නිල ගිම්හාන මාළිගාව මෑතක් වනතුරු පැවතුණේ පොදු ජනතාවගෙන් වසන් කල පෞද්ගලික දේපලක් විදිහටයි . වෙනස්වන ලෝකයත් එක්ක බොහෝ දේ වෙනස් කල වර්තමාන පාප් වහන්සේගේ සුබවාදී දර්ශනය යටතේ උන් වහන්සේ භාවිතා නොකරන දිනවලදී ඔබට රෝමයට ගියොත් යන්නට පුළුවන් සංචාරක ආකර්ෂණ අතරට අළුතින්ම එක්වූ එකක් ලෙස එය හදුන්වා දෙන්නට පුළුවන් .
ඇල්බන් කදුකරයේ Lake Albano වලට මුහුණලා පිහිටා තිබෙන ඒ නිවස පිහිටි පරිසරය නම් හැබෑම ලස්සනයි . 17 වන සියවසේ ඉදිවුණු ධනවතුන්ගේ ගිම්හාන නිවාස රැසක් ඇති මේ ප්‍රදේශය රෝමයේ පැවති ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ ඉසව් සදහා භාවිතා වුණා .ක්‍රිස්තු පුර්ව 16 වන සියවසේ විසු Domitian නම් අධිරාජ්‍යයා මාළිගා සංකීර්ණයක් වූ මේ පරිශ්‍රය ගිනිකදු විදාරණයෙන් එක්වුණු සරු පසක් සහිත නිසා මේ මාළිගාවේ උද්‍යානය පාට පාට මලින් සහ සරු ගස් වලින් පිරී තිබෙනවා . Gondolfi පවුලෙන් මිලට ගෙන මෙහි ගිම්හාන නිවහනක් සකස් කලේ 1462 දී පියුස් පාප් වහන්සේ විසින් .
දෙවන ලෝක යුධ සමයේදී 7 වන පියුස් පාප් වහන්සේ විසින් මේ පරිශ්‍රය 12000 පිරිසකට සරණාගත කදවුරක් සහ එහි උපන් ළමුන් 36 දෙනෙකුට ළදරු පාසැලක් ලෙසින් ද ජනතා සේවයට යොදවා තිබෙනවා .
ලස්සන විශාල මන්දිරයක් වුණත් පාප් වහන්සේ එහි භාවිතා කරන කුටිය සරල එකක් . කාලයක් තිස්සේ විවිධ පාප් වහන්සේලා පරිහරණය කල ඇදුම් පැළදුම් ,ගෘහ භාණ්ඩ සේම නිල රථ මේ මන්දිරයේදී දකින්නට පුළුවන් . පාප් වහන්සේ වැඩ සිටින විට මැද මිදුලට රැස්වන ජනතාවට දේවාශිර්වාද කරන විශේෂ සදළු තලයක් මෙහි තිබෙනවා .මන්දිරය බලල ඉවරවෙලා අපි උද්‍යානය බලන්න විශේෂයෙන්ම සකස් කල රථයට නැගුනා . පෞද්ගලික රථ වාහන වලට අවසර නැති හින්ද ඔබට ඒ උද්‍යානය බලන්න පුළුවන් ඒ රථය තුල ඉදගෙන තමයි . ඒ සුවිසල් උද්‍යානය තුල කලාප රැසක් සේම කුඩා ගොවිපොලක් සහ අයිතිහාසික මාළිගාවක් තිබෙනවා . ඉඩක් තිබුණොත් බලන්න වටින කලාතුරකින් අවස්ථාව ලැබෙන එකක් .
අපේ චාරිකාවට අසල ගම්මානයේ අවන්හලකින් ඉතාලි සම්ප්‍රදායික දවල් කෑමක් වගේම වතිකානුවට සුවපහසු රථයකින් ගමන් පහසුව සලසලා තිබුණු හින්දා Lake Albano දිහා බලාගෙන පැය කිහිපයක් ගත කරන්නට අපට ඉඩ ලැබුණා .
අපි
පාප් වහන්සේගේ ගිම්හාන මාළිගයෙන් වතිකානුවට ආවා . වතිකානු කෞතුකාගාරය අද්දර අපව කැදවාගෙන යන්න රෝමයේදී අප හමුවූ නියාමක වරිය සුදානමින් හිටියා. ඔබට සංචාරක නියාමක සේවය රහිතවත් මේ පරිශ්‍ර බලන්නට පුළුවන් . ඒත් අනවශ්‍ය තැන්වල කාලය නාස්ති කරමින් අවශ්‍ය තැන් අතහරින එකටත් කාල කළමනාකරණයටත් ඒ වගේ සේවයක් කණ්ඩායමක් විදිහට ගන්න එක හොදයි . අපි ශ්‍රව්‍ය සන්නිවේදකය කනේ ගහගෙන සිතියම අතට ගත්තා . ඇය පසුපස ගිහින් රෝමයෙන් වටවෙලා තියෙන හෙක්ටෙයාර් 44 ක ලෝකයේ කුඩාම රාජ්‍යය බලන්න පටන් ගත්තා .
Sistene Chapel
අළුතින්
පාප් වහන්සේ කෙනෙකු පත්වුණු බව ලෝකයාට දන්වන චිමිනිය තිබෙන්නේ පාප් වහන්සේගේ නිල නිවස වන යුනෙස්කෝ ලෝක උරුමයක් වන මේ මන්දිරය තුලයි Baccio Pontelli සහ Giovanni De Dolci ගෘහ නිර්මාණ ශිල්පීන් නිර්මාණය කල මෙහි ඉදිකිරීම් නිමා වුනේ 1508 දී . ඒත් අද වනවිට මෙය මයිකල් ඇන්ජිලෝ විසින් ඇද තිබෙන The creation of
Adam සහ The last
judgement නිසා තවත් ජනප්‍රිය වී තිබෙනවා . 1984-1994 කාලයේදී කෙරුණු චිත්‍ර සංරක්ෂණය නිසා මෙහි ඇතුලත පැරණි බිතු සිතුවම් සේයාරූ ගන්නට අවසර නැහැ . සමහරු
නම් කියන්නේ එය වෙළද උපක්‍රමයක් කියලයි . ඒ කොහොම වුණත් සෙනග රැස්කන , විශාල නිලධාරීන් පිරිසක් ඉන්න එතැන ඔවුනට හොරෙන් ෆොටෝ ගහන එක ලේසි වැඩක් නෙවෙයි .
ඔබ
බදාදාවක හරි ඉරිදාවක ගියොත් ඔබට පාප් වහන්සේ බැහැ දකින්නත් ඉඩක් හොයාගන්න පුළුවන් වේවි . ඒ වගේම වතිකානුව ශුද්ධ ආගමික කලාපයක් හින්ද ගොඩනැගිලි ඇතුලත දී හිස් වැසුම් ඉවත් කරන්නත් , හොදින් ඇග වැහෙන ඇදුම් ඇදගෙන යන්නත් වග බලා ගන්න එක හොදයි . එහෙම නැත්නම් ඔබට සමහර තැන්වලට යන්නට බැරිවේවි .
Swiss Guards
වතිකානුවේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් සාම්ප්‍රදායිකව කැපවී ඉන්නා ස්විස් සොල්දාදුවන් බලන්න ලස්සනයි . ස්විස්ටර්ලන්ත හමුදාවේ සේවය කල අයවලුන් අතරින් අවිවාහක කතෝලික අවුරුදු 19-30 අතර තරුණයින් පිරිසක් මෙසේ පාප් වහන්සේගේ ආරක්ෂාව භාරව ඉන්නවා .
St. Peter’s Basilica
කලාකරුවන්
රැසකගේ දායකත්වයෙන් 1626 දී ඉදිවූ මෙය ලෝකයේ තිබෙන විශාලතම කතෝලික පල්ලියයි . 80000 ක පිරිසකට රැස්විය හැකි ලෙසින් තනා ඇති මෙහි ඇති අල්තාරය අති විශාලයි . ලෝකයේ උසම Dome එක ලෙසින් නම් දරා තිබෙන මෙය අඩි 448.1 ක්
උසයි . මියගිය පාප් වහන්සේලා කිහිප නමකගේ දේහයන් විශ්මිත අයුරින් දැකගැනීම සදහා මෙහි තබා තිබෙනවා .
St. Peter’s square
ලක්ෂ 4 ක තරම් සුවිසල් ජනතාවකට රැස්විය හැකි මේ චතුරශ්‍රය පිහිටා තිබෙන්නේ සුවිසල් ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිටයි .Gian Lorenzo Bernini ගේ හැඩ වැඩ සහ කැටයමින් වටවූ මේ පරිශ්‍රය සේයාරූ සදහා මනරම් පසුතල රැසක් මවනවා .
ලබන
මාසයේදී .....අනාගතයේ ගිලි යාමේ අවදාන මක් තිබෙන මනරම් වැනීසියේ රවුමක් යමු .
සටහන - අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි
සිත් ගන්නා සිහිපත් කිරීමක්. තවත් මෙවන් මතකයන් ගැන ලියන්න. මේ දිනවල කොහේවත් යන්න බැරි නිසා මෙවන් සටහන් කියවීමෙන් සිතින් හෝ අපට ඒ තැන් වලට යන්න පුළුවනි.
ReplyDeleteඔබේ ප්‍රතිචාරයටත් දිරිගැන්වීමටත් ස්තුතියි. මේ ලිපි පෙලේ තවත් ඉසව් රැසක විස්තර ඇතුලත් ලිපි 37 ක් තිබෙනවා. යුරෝපයේ තවත් තැන් රැසක විස්තර මාසිකව පලවන ඉදිරි ලිපි වලදී කියවන්නට පුළුවන්.
Delete'මේ දෑස් මක්කැටැයි' කියා හිතෙන්නේ මේ සටහන් කියවද්දී! කෙසේ වෙතත් ඔබ අපව එතැනට ගෙනගියා! ස්තූතියි!!
ReplyDeleteඔබේ ප්‍රතිචාරයටත් දිරිගැන්වීමටත් ස්තුතියි. යුරෝපයේ තවත් තැන් රැසක විස්තර ඉදිරි ලිපි වලදී කියවන්නට පුළුවන්.
Delete