මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
මන්නාරම් බස් එක…
මන්නාරම් බස් එක පිලිබඳ කතාව වසර දහයකටත් වැඩ පැරණි ඉතිහාසයක් බව
වරුණට තවමත් හිතාගන්නටවත් බැරිය. අනුරාධපුරයේ සේවය කරන සමයේ දෙසතියකට
වරක් ගෙදර එන්නට සුදානම් වන විට එය හිස කකියන මතකයක් වුයේ ගමනට ගතවන කාලය ගැන හිතන
විටය. සිකුරාදාට අනුරාධපුරයෙන් ගෙදර එන්නට ඇ ති ප්‍රවාහන
පහසුකම් අල්ප වූ බැවින් බොහෝ විට ඔවුන් කලේ ටිකක් කලියෙන් කන්තෝරුවෙන් පිටවීමය.
කොළඹ සිට රට මැද පිහිටි අනුරාධපුරයට යාම් ඊ ම්
සඳහා ප්‍රධාන මාර්ග 3 ක්ම තිබුණත් පොදු ප්‍රවාහන මාධ්‍යකින්
යන්නේ නම් ඒ සඳහා අඩුම තරමේ පැය 6ක්
වත් ගතවන්නේය.
පුත්තලම මාර්ගයෙන් කොළඹට යන මන්නාරම් බස් එකට වරුණ ඇතුළු පිරිස හුරුවුයේ එය කෙසේ හෝ පැය 5කින් කොළඹට එන නිසාය.වෙලාව ඉතිරි කර
ගැනීම සදහා මන්නාරම් බ ස් එකේ රියැදුරු
රාජා අය්යා කලේ නගරවල ප්‍රධාන බ ස් නැවතුම්පල හා ජනාකීර්ණ මාර්ග මග
හැර
යාමය . එහෙත් පුරුදු කාරයින් රැස්කකා බලා සිටි බැවින් මගීන් පිළිබද ගැටළුවක් ඔහුට
තිබුනේ නැත . වරුණ ඇතුළු පිරිස යාපනය හන්දියේදී ඔහුට පෙනෙන්නට ඈතට වී බලා හිදින්නේ
තෙල් සංස්ථාව ඉදිරිපිට වංගුවෙන් කහ සහ කළු ඉරි ඇති කගවේනා මතුවන තුරුය.
ඔවුන්
එයට හුරුවූ අනෙක් කාරණාව වුයේ එහි කොන්දොස්තර දෙපළ ආසන ලබාගැනීමට උදව් කල නිසාය.
" වරුණ මහත්තයා අර කොලපාට සාරීය ඇඳලා ඉන්න කෙනා නොච්චියාගමින් බහිනවා ".
ගැස්සෙන පැද්දෙන විදුලි වේගයෙන් කෙත්බිම්,වනරොද පසු කරන රත්න එක්ස්ප්‍රස් තුල
අනුරාධපුරයේ සිට කොළඹ ට හිටගෙන යාමේ අමාරුව අත්විඳි ඔවුනට ඒ වචන දහස් ගණනක්
වටින්නේය. අඩුම තරමේ එක ආසනයක් වත් ලැබුනොත් වරුනටත්,
සපුමල්ටත්
මාරුවෙන් මාරුවට හිඳගෙන ය හැකිය.
මේ කතාන්තරය වරුණට හදිසියේ මතක් වුයේ ළඟදී දවසක සපුමල් මුහුණු පොතට
එක්කර තිබු පැරණි සේයා රු ගොන්නක් නිසාය. නිශාදි,සපුමල්,අකිල,උදිත,අනුෂා ඇතුළු මිතුරු පිරිසක්
මිහින්තලයේදී ගත් පින්තුර කිහිපයක් එහි වුයේ
ගෙදර යන්නට බැරුව සෙනසුරාදා වැඩ වැටුණු සති අන්තවල කල සංචාරයන් සිහි
ගන්වමිනි.
අද මෙන් දියුණු කැමරා සහිත ජංගම දුරකථන නොතිබූ එකල බොහෝ විට සේයාරූ ගැනුනේ කැමරාවක් මගින් මිලිමීටර් 35 හේ සේයා පටලයකටය . පසුව චිත්රාගාරය කට ගොස් ඒවා මුද්රණය කර ගත යුතුය .එබැවින් වරුණ දුටු මිහින්තලා ගමන වැනි ගමන් කිහිපයක් පමණක් සේයාරූ වලට නැගී ඇත . එහෙත් ඒ කාලයේ වරුණ සහ පිරිස සංචාරය කල ඉසව් අතරින් සේයාරූ ඉතිරිව ඇත්තේ මිහින්තලය ඇතුළු තැන් කිහිපයක් පමණි. මතකය අවදි කල වරුණට සිහියට නැගුනේ නාච්චාදුව
, රිටිගල,අවුකන , රැස් වෙහෙර පමණක් නොව තන්තිරිමලයටද කණ්ඩායම දින සංචාර සදහා ගිය බවය . වයසත් සමග ජීවිත වෙනස් වී ඇතත් ඒ තුල රැදි සුන්දර මතකයත් , ත්රාසජනක අත්දැකීම් රැසත් කණ්ඩායමේ සැමටම සිහියට නගා ගත හැකි වෙතැයි වරුණට සිතිණි .
මන්නාරම් බස් එක සපුමල්ට නිශාදිව මුණ ගස්වන්නටත් ,අකිලට පළමු පෙම අහිමි කරන්නටත් හේතු වූ
බව වරුණගේ කණ්ඩායම පමණක් නොව රාජා අය්යා පවා දැන සිටියේය .නිශාදි මැදවච්චියට ආසන්න
පාසැලක ගුරුවරියක්ව පත්වීම් ලබන්නට වුයේ වරුණ ඇතුළු පිරිස මන්නාරම් බ ස් එකට හුරුවී ටික කලකට පසුවය. හලාවත පදිංචි ඇය රබැවේ නවාතැන් පලක ලැගුම් ගෙන
සිටියාය. නිශාදි දුටු මුල් දිනයේම සපුමල්ගේ නොසන්සුන්කම කාටත් තේරෙන්නට වුවත්
කාටත් කලියෙන් කට ඉස්සර කලේ කොන්දොස්තර කොලුවාය. "මහත්තය රබැවෙන් නැග්ගේ. මං
හිතන්නේ ටීචර් නෝනා කෙනෙක්." .
රටේ පැවති යුධමය වාතාවරණය නිසා ප්‍රධාන නගර හා හමුදා කඳවුරු ආශ්‍රිතව
හමුදා පිරික්සුම් පොල රැසක් පිහිටුවා තිබුණි.
අනුරාධපුරය
සිට පුත්තලම දක්වා මාර්ගය වැටි තිබුනේ විල්පත්තුව වනෝද්‍යාන මායිම හරහාය. වැසි
වැටෙන කාලයට පිරී ඉතිරී යන තබ්බෝව වැව වියලිව,
කේඩා
රීව තිබු ගස් වැල් ප්‍රාණයෙන් පුම්බා විල්ලු ජලයෙන් පුරවාගෙන මහත් අසිරියක්
මවන්නේය. ඉදහිට දිනෙක වල් අලින් පාර මාරුවෙනු දකින්නටද
පුළුවන. එවන් දිනෙක වේලා අරගෙන පාර පනින ඔවුන් දිහා බල සිටින රත්න අය්යා ඒ වෙලාව
අල්ලන්නේ තේ බොන වෙලාව අඩු කිරීමෙනි.
නිවෙස්වල සිට දිනපතා තම සේවා මුරපොලට යන එන පොලිස් හා හමුදා
නිලධාරීන්ද මන්නාරම් බ ස් එකේ යාවජීව සාමාජිකයන් වූ බැවින් මුරපොල වලදී
එක්ස්ප්‍රස් සේවාවක් මන්නාරම බ ස් එකට ලැබී තිබීම ගමන් කාලය අඩු කරන අතුරු
වාසියක්ද වී තිබුණි. එහෙත් නිශාදි ආ පළමු දිනයේ වෙනස් යමක්
සිදුවී තිබුණි. ඒ විල්පත්තු වනය හරහා විත් පුත්තලම හමුදා කඳවුරට ත්‍රස්තවාදී ප්‍රහාරයක්
එල්ල කරන බවට ඔත්තුවක් ලැබී තිබීමය. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්න සියලු
රථවාහන දැඩි පරීක්ෂාවට ලක් කරන්නට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි. බ ස් රථවල අමතර ටයර සහ බැ ටරි පවා පරික්ෂාවට ලක් කෙරුණු බැවින් පුත්තලමේ බොහෝ
වේලා රස්තියාදු වන්නට සිදුවිය. වරුණට නම සිහිපත් නොවන කොන්දොස්තර මල්ලී
සපුමල්ගේ ඉටු දෙවියා වුයේ ඔහු නිශාදිගේ ආරක්ෂකයින් ලෙස සපුමල් සහ වරුණ රෙකමදාරු කල
බැවිනි. බ ස්
එකේ කතාබස් සහ කෙටි පණිවුඩ ඔස්සේ ලංකල නිශාදි සහ සපුමල් දැන් දරු
දෙදෙනෙකුගේ මාපිය යුවලක්ව ඇත්තේය.
බොහෝ පෞද්ගලික බස්රථ රියැදුරන්ගේ නොමනා ක්රියා හේතුවෙන් ක්ෂේත්රයම ගැරහුමට ලක් වුවත් , සේවාවක් ලෙසින් සමාජ ක්රමය අහිමි කල දුම්රිය සහ ලංගම බස් රථ මගී දුෂ්කරතා වලට විකල්පයක් ලෙසින් රාජා අය්යා නියෝජනය කල දුර ගමන් බස් සේවා කල මෙහෙය අති මහත්ය .
මන්නාරම බස් එකේ රාජා අය්යා තවමත් රූට් එකේ දුවන්නේද වරුණ දන්නේ නැත.
මීගමුවේ මුහුදු මාළු සුවදට හුරු සපුමල් හලාවත මුතු කුමරියට පෙම් බැද අනුරාධපුරයේම
කැදැල්ලක් තැනුවාය .සේවා කාලය නිමවීමෙන්
අගනුවරට මාරුවූ වරුණ දුරු රටකට පියමන් විනි. අකිලගේ කෙටි කාලීන පෙම් පුවත
මතකයෙන් ඈතට ගියේ ඔහුටත් නොදැනීය. කාලය කෙමෙන් ගෙවී දශකයක්ම ඉක්ම ගොසිනි.
සිත් පිත් නැති යකඩ ගොඩක් වුවද මන්නාරම් බස් එක .වරුණ හා පිරිස අතර බැදියාව අමතක කල නොහැකි මිහිරි
මතකයක්ව ඇත්තේය. එක්විටම තෙල් සංස්ථා වංගුවෙන් මතුවන
මන්නාරම් බස් එක රාජා අය්යාගේ හැඩි දැඩි දෑත්වල තෙරපි වරුණ ඇතුළු පිරිස ගෙන යන්නට
එන අයුරු වරුණට අදද මැවී පෙනෙන්නේ එබැවිනි.
අනුරුද්ධ වැලිගමගේ
සේයා රූ - අන්තර්ජාලයෙන් Google Images....
සේයා රූ - අන්තර්ජාලයෙන් Google Images....
මෙම කෙටිකතාවේ ශ්‍රව්‍ය රසවින්දනය
දින නැති දිනපොත .... සවන රේඩියෝ කෙටිකතාව ...
කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝව
http://sawana.ca/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට
//මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...//
ReplyDeleteඔබගේ post එක කියවූවා. මේ පිවිසුම සිත් ඇදගන්නා සුළුයි. අපගේ පාඨකයින් කිහිප දෙනෙක්වත් ඔය ආකාරයේ සංචාර කර ඇති. ඒ නිසා ලිපිය දුටු ගමන් කියවනවා.
ඇත්තෙන්ම, මන්නාරම ගැන කියන විටම, 2012 වසරේ මා අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා උපදේශකවරයෙකු ලෙස සේවය කරද්දී, මන්නාරම ශුෂ්ක පරිසරයක කළ ක්‍ෂේත්‍ර අධ්‍යයනයක් සිහියට නැගුනා. මන්නාරමේ සිත්තිවිනායගර් විදුහලේ සිසුන් සමග මෙම අධ්‍යයනය කළේ අච්චන්කුලම ප්‍රදේශයේ, අරුවි ආරු ගඟ අසබඩ. මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වන මල්වතු ඔය ඒ ප්‍රදේශයට යනවිට කියන්නේ අරුවි ආරු බව දැනගත්තේ ඒ ගමනේදී. මන්නාරම Baobab ගස ගැන මම Blog සටහනක් ලියා ඇති. කියවා බලන්න.
බොහොම ස්තුතියි බ්ලොග් කලාවේ ප්‍රවීණයෙක් වන ඔබතුමාගේ ඇගයුම ශක්තියක් . ඔබගේ මතකය ගෙනයන ඉසව්වට අනුරාධපුර සේවය කරන කාලෙ ගිහින් තියෙනවා . ඔබ සදහන් කල ලිපිය ඇතුළු ඔබේ ලිපි මා කියවා තිබෙනවා . අද වගේ අන්තර්ජාලය සුලබ නොවූ එදා ඉංග්‍රීසියෙන් තිබු විද්‍යා අධ්‍යාපනය පොදු සිංහල සිසු පිරිසට සරල බසින් ගෙනයාමට ඔබ ඇතුළු පිරිස කල මෙහෙය අති මහත් .මම දිගටම ඔබේ ලිපි කියවන්න බලාගෙන ඉන්නවා . ඉඩ තියෙන විදිහට මගේ ලියැවිලි වල අඩුපාඩු ලියන්න .
Deleteඅපූරුයි...
ReplyDeleteබොහොම ස්තුතියි ....
DeleteThank you for enjoying my submissions.....
ReplyDeleteහොඳයි. කළබල නැතුව ලියමු.
ReplyDeleteබොහොම ස්තුතියි මගේ බ්ලොග් අඩවියට ගොඩ වැදුනට සහ උපදෙසට ...... දිගටම කියවන්න . අඩුපාඩු ලියන්න .
Deleteහරිම ලස්සණයි !
ReplyDeleteකියෙව්වේ නැහැ , අහං හිටියා .
වරුණ වාසනාවන්තයි !
හරිම ලස්සන මතකයන් පෙළක්...
ReplyDeleteමියුරු බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට සහ මගේ බ්ලොග් එකට ගොඩ වැදුනට
Delete