මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 19, 2020

මාස තුනක් සහ එක දවසක් ..........මනුෂා ප්‍රභානි දිසානායක......රේඩියෝ කෙටිකතා....

Young Lust, Love Or Delusion?

"ආදරෙයිද ?"

"හ්ම්"

"කිස් එකක් දෙන්නද ?"

"හ්ම්"

"කමක් නැද්ද ?"

"හ්ම්"

"මෙතනදිම"

"හ්ම්"

"කම්මුලටද ....."

"ඔයාට නං හොඳටම පිස්සු. කිස් එකක් දෙන්න කලිං මෙච්චර ප්‍රශ්න අහනවද ?"

"ඒ වුණාට මේ ඇමරිකාව නෙවේ කියලා ඔයාමනෙ කලිං කිව්වෙ. ඔයා ගැනත් හිතන්න කිව්වෙ නැත්තං මට හිතෙන දේවල් කරන්න ගියොත් නං ඉතිං...."

"ඇති. ඇති. ඔයා දිනුම්. කතා කරලා දිනන්න බැරි මිනිහෙක් හම්බ වුණාමයි මේ..."

කෙල්ල හිනාවෙන අතරේ කොල්ලා කෙල්ලගෙ කම්මුලට පොඩි හාදුවක් දුන්නා. කෙල්ල රතු වුණා. ඒත් අනිත් පැත්තට එයත් තවත් එක්ක දුන්නා. කොල්ලා රතු වුණේ නෑ, පුදුම වුණ වග ඕනවටත් වැඩියෙන් පෙන්නුවා. දැන් දෙන්නටම හිනා.

"අපි දෙන්නා ෆොටෝ එකක් ගමුද ?"

"සෙල්ෆියක්නෙ."

"කෝ ඉතිං... මං දිහා ආදරෙන් බලන්න ඕන"

"හා"

"මං මේක ෆේස් බුක් අප්ලෝඩ් කරන්නද ? ගර්ල් ෆ්‍රෙන්ඩ්ට පොඩි ක්ලූ එකක් දුන්නෑකි"

"එපා ! ! ! ඔයාට පිස්සුද ? ඔයාට මොළේ නැද්ද ?"

"ඇයි ඔයාට ඒකෙ ඉවරයක් දකින්න ඕන කිව්වෙ."

"ඔයා මෙච්චර ලෙසියෙන් මං කියන දේ අහන්නෙ ඇයි ? මට වහ වැටිලා වගේ හැසිරෙන්නෙ ඇයි ? මෝඩයෙක් වෙන්නෙ නැතුව සාමාන්‍ය දැනීම පාවිච්චි කරන්න. එයාට ගිහින්ම කියන්න. එයාට මොනව හිතෙයිද දන්නෙ නෑ. මට හරි බයයි. මේක නිකං දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්"

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතාව  මාස තුනක් සහ එක දවසක්  ..........

Young couple at coffee shop – Jacob Lund Photography Store ...

සමාජ මාධ්‍ය ජාල හරහා ගොඩ නැගෙන වර්තමාන ප්‍රේම කතාවක්

බූන්දි බ්ලොග් අඩවියේ පලවූ ඇගේ මුල් කථාව

http://www.boondi.lk/article.php?ArtID=5081

සවනට රචනා කලේ මනුෂා ප්‍රභානි දිසානායක

Manusha Prabani Dissanayake - Issuu




කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .


Sawana Radio


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Sawana Radio

මින් පෙර අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය තුලින් ඔබ අත්විදි ඇගේ තවත් කතාවක්

උස් මිටි ........

දරදඩු කාර්යාල ප්‍රධානියා ට පෙම් බැදි අහිංසක සේවිකාවගේ කථාව

Suits Summer Finale Review: Rome Is Burning - TV.com

http://ahasgawwenehalokaya.blogspot.com/2018/06/blog-post_15.html

Songs about the working life for your playlist


 සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම මගේ කණගාටුව.

Young couple relaxing in a coffee shop. – Jacob Lund Photography ...

No comments:

Post a Comment