පාට
වැටුණු හැන්දෑවක
ඉර
රත පිරි
සුදු වෙරළක
සිගිති
දෝණි මා
පස්සෙන්
දුවගෙන
එනවා
.
මගේ
හිතින් මං
හනිකට
ගම්
රට යනවා
සුදු
ගවුමක ටයි
පටියක
සේයාරූ
මුහුණු පොතේ
පාසැල්
යනවා
මගේ
හිතින් මං
ආයෙත්
අකුරු
කරනවා
(පාසැල් යනවා
)
ලස්සන
සුදු බෝනික්කෙක්
ඩිජිටල්
සල්පිල ඇතුලේ
ඇස්
උදුරනවා
මං එතකොට
මගෙ දූගේ
කොණ්ඩේ
ගොතනවා
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම මගේ කණගාටුව.
No comments:
Post a Comment