කවි , ගීත , කෙටිකථා රචනයේ දක්ෂ, නුගේගොඩ ශාන්ත ජෝන් විද්යාලයේ ශිෂ්යයෙක්, හතේ පන්තියේදී , පොතක්, මුද්රණය කරනවා . ජාතික පුවත්පත් වලට, සිය නිර්මාණ සපයන ඔහු , ගුවන් විදුලියේ, ළමා රගමඩල හරහා, සිය නිර්මාණ,
වාතලයට මුසු කරනවා .
නුගේගොඩ දී , 1949 ජුලි මස, 28 වැනිදා , උපත ලබන, සුනිල් ආරියරත්නයන්, ක්ෂේ ත්ර ගණනාවක්, දික් විජය කල, කට පුරා කිවහැකි , මහා සාහිත්යධරයෙක් .
භාෂා ගණනාවකින් පොහොසත් ඔහු, විෂය ගණනාවක් ඔස්සේ , පර්යේෂණාත්මක ග්රන්ථ රැසක්, ලියා තිබෙනවා . සිංහල ගීතය , නුර්ති ගීත , ආදිය පමණක් නොව, ලංකාවේ භාවිත , වෙනත් ගීත විධි පිළිබදව,
ඔහු , විරුද සහ විරිදු , බයිලා .kapiringgha.,
කැරොල් පසන් කන්තාරු, වැනි ග්රන්ථ මගින්, එළිදක්වා ඇති කරුණු වලට , ජාතියම , ණය ගැතියි .
වුර්තියෙන්
සරසවි ආචාර්යවරයෙකු ලෙස, යාපනය සහ ශ්රී ජයවර්ධනපුර. සරසවියේ, සේවය කල ඔහු , ලේඛකත්ව හා ජනසන්නිවේදන
පාඨමාලාව හරහා, පිරිපුන් මාධ්යවේදීන් රැසක් බිහිකල, මහාචාර්ය වරයෙකු ලෙස , සරසවියෙන් විශ්රාම ලබා , තවමත්, සක්රීයව, නිර්මාණකරණයේ යෙදෙනවා .
ක්ෂේත්ර රැසක දස්කම් දක්වන ඔහු, මෑතකදී , ඔබ අප, කැනඩාවේදී
නැරබු " පත්තිනි ", සිංහල චිත්රපට යේ , අධ්යක්ෂක වරයාද වෙනවා .
සිංහල ගීත සාහිත්යයේ විප්ලව කල, ඔහු අතින් ලියැවුණු ගීත , විෂය පරාස රැසක් තුල දිවෙනවා . ඒ අතර සරල චිත්රපට ගීත , සුගායනීය සුභාවිත ගීත , සේම විරෝධාකල්ප
ගීත ද, රැසක් තිබෙනවා .
නන්දා මාලනී -සුනිල් ආරියරත්න සුසංයෝගයෙන්, බිහිවූ විශිෂ්ට නිර්මාණ,
සදා අමරණීයයි . ඒ අතර, තවත් බොහෝ ගායක ගායිකාවන්
ගේ, ජනප්රියත්වය සදහා, ඔහු, සිය නිර්මාණ දායකත්වය, අරුත්බර පදවැල් වලින් , සරසා තිබෙනවා
කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ නිර්මාණ ඇගයීම
ටොරොන්ටෝවේ ආචාර්ය ජගත් රූපසිංහ
http://rupane.com/vimeo-video/rupane-episode-99-july-28-2018/
ඉදිරිපත් කිරීම - සුනිමල් බාලසුරිය
සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ
සංගීත අධ්‍යක්ෂණය - සුනිල් ජයසිරි
නිෂ්පාදනය සහ අධ්යක්ෂණය -දිනේෂ් පීරිස්
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වැඩක් .....
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,
No comments:
Post a Comment