ගීත වලට අමතරව වෙනස් විෂය ක්ෂේත්ර සහ තේමාවන් යටතේ නිමැවුණු වැඩසටහන් මෙන්ම කාලීන මාතෘකා යටතේ සකස්වුණු වැඩසටහන් පෙලකින් සැරසුණු සවන රේඩියෝව මව්බිමෙන් පිටත දුර ශීත රටක ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ප්‍රබල වේදිකාවක් තනා තිබෙනවා .
http://www.sawana.ca/ වෙබ් ලිපිනයෙන්
ජංගම දුරකථනයේ රේඩියෝ ගාඩන් ඇප් එක
http://radio.garden/listen/sawana-radio/VAywleA7
සහ Tune in
https://tunein.com ඇප් එක හරහා
ලෝකයේ ඕනෑම කොනක ඉදගෙන ඔබට සවනට කන් දෙන්න පුළුවන් .
සවන රේඩියෝවේ සතියේ වැඩසටහන් පෙලගැස්වී තිබෙන්නේ පහත සදහන් විදිහටයි.
කිසිදු වෙළද දැන්වීමක් ප්රචාරය නොවන මෙහි කිසිදු දේශපාලන හෝ ආගමික දර්ශනයකට ගැති නොවූ නිදහස් මාධ්ය භාවිතාවක් තිබෙනවා. මෙම ගුවන් විදුලියේ නඩත්තු වියදම් දරන්නේ ප්‍රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ගේ පෞද්ගලික මුදලින්.
ඉතිහාසය කෙටියෙන් .......
සවන රේඩියෝව මුලින් ප්රචාරය වුනේ 2006 සැප්තැම්බර් 6 වැනිදා එෆ් එම් 105.5 තරංග මාලාව ඔස්සේ උදෑසන 9 සිට 10 දක්වා ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්වන වැඩසටහනක් ලෙසින්. කැනඩාවේ ටොරොන්ටෝවේ යෝර්ක් විශ්ව විද්යාලය මගින් පවත්වා ගෙන ගිය CHRY ප්‍රජා ගුවන් විදුලිය හරහා සෑම බදාදාවකම පැයක ගුවන් කාලයක් එය සදහා වෙන්වුණා. 2015 දී CHRY ප්‍රජා ගුවන් විදුලිය නවතා දමන තුරුම එම සජීවී පැය ක්රියාත්මක කලේ වසන්ත ලංකාතිලක මහතා විසින්.
වසන්ත රිසි ලංකාතිලක
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගයේ වටිනා නිමැවුමක් වන වසන්ත ලංකාතිලකයන් එහි සේවයට එක්වුණේ 1971 දී සහකාර වැඩසටහන් සම්පාදක වරයෙකු ලෙසයි . කෘතහස්ත රේඩියෝ මාධ්යවේදීන් වන බ්රිතාන්ය ගුවන් විදුලියේ (BBC ) Stuwart Wevall , ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්රබල ගුවන් විදුලි මාධ්යවේදීන් සහ ප්‍රවීණයන් යටතේ පුහුණුව ලැබූ වසන්ත ලංකාතිලක තරුණයා බොහෝ කලක් ජනප්රිය ගුවන් විදුලි මාධ්යවේදී ප්රේමකීර්ති ද අල්විස් සමග එකට වැඩකල අයෙක් .
මැලේසියාවේ ආසියා පැසිෆික් ගුවන් විදුලි ආයතනයේ , සිංගප්පුරුවේ ජන සන්නිවේදන සහ පර්යේෂණ සහ තොරතුරු මධ්යස්ථානයේ රේඩියෝ වැඩසටහන් නිෂ්පාදනය සහ කළමනාකරණය පිළිබද විදේශ පාඨමාලා සහ ශ්රී ලංකා රූපවාහිනී අභ්යාස ආයතනයේ පාඨමාලා රැසක් සම්පුර්ණ කල ඔහු නිෂ්පාදකවරයෙකු සහ මෙහෙයුම් පාලකවරයෙකු ලෙස ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශාල මෙහෙවරක යෙදුනා .
1996 දී ලක්හඩ ගුවන් විදුලිය ආරම්භයේදී එහි කළමනාකරුවෙකු ලෙස මාධ්ය මෙහෙවරක යෙදුණු ඔහු 2005 දී කැනඩාවට පැමිණෙන තුරුම ඒ තනතුරේ කටයුතු කලා. රේඩියෝ මාධ්යයට තිබෙන ඇල්ම නිසාම ප්රජා ගුවන් විදුලිය නැවැත්වීමෙන් කෙටි නිහැඩියාවකට පසු වසන්ත ලංකාතිලකයන් ශ්‍රී ලාංකික රේඩියෝවකට ආදරය කරන තවත් පිරිසක් එකතු කර ගනිමින් 2017 දී සවන අන්තර්ජාල රේඩියෝව ආරම්භ කලා.
සවන අන්තර්ජාල රේඩියෝ කණ්ඩායම
වත්මන් සවන නිෂ්පාදන කණ්ඩායම සමන්විත වන්නේ පුජ්යපාද උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමියන් , ආචාර්ය ජගත් රූපසිංහ, ආචාර්ය සරත් චන්ද්‍රසේකර , ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර , පූසති විජේසේකර, සුනිමල් බාලසුරිය, චම්පා ගොඩකන්දආරච්චි, දීපා හෙට්ටිගේ සහ අනුරුද්ධ වැලිගමගේ යන කැනඩාවේ සිටින පිරිසගෙන්. ලංකාවේ සිට ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදීන් වන පාලිත පෙරේරා, අශෝක තිලකරත්න සහ හේමසිරි කුලරත්න සමබන්ධ වෙනවා. පරිගණක දැනුම බෙදාදෙමින් වැඩසටහන් එක් කරන්නේ සවන වෙබ් රේඩියෝවේ පරිගණක කටයුතු මෙහෙයවන මහින්ද ජයසුන්දරයි. ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර වෛද්‍ය උපදෙස් ලබාදෙන්නේ වෛද්‍ය ඕවිද විපුලගුණ යි . මෙල්බර්න් නුවර සිටශනිදා සාදය රැගෙන සවන එක්ක එකතු වන්නේ ජගත් එදිරිසිංහ සහ තේජා කටුගම්පලයි.
සෙනසුරාදා සවන වැඩසටහන් පෙල
මධුරයාමේ - සිංහල සිනමා ගීතය සහ සිනමා ඉතිහාසය ගැන කෙරෙන පර්යේෂණාත්මක ඉදිරිපත් කිරීමක්
( ආචාර්ය ජගත් රූපසිංහ )
ටොරොන්ටෝ ලියුම - කාලීන තොරතුරැ සහ සමාජ දේශපාලන විග්රහයක් ඇසුරින් පිට රටක ඉන්නා පුතෙකු ලංකාවේ නැන්දාට යවන ලියුමක්
( ආචාර්ය සරත් චන්ද්‍රසේකර )
මියුලැසිය - කාන්තාවන් ගැන කාන්තාවක් විසින් කෙරෙන සාර සංග්රහය
( පූසති විජේසේකර )
මෙල්බර්න් ශනිදා සාදය - ඕස්ට්රේලියාවේ සිට එක්වන සෙනසුරාදා සොදුරු පැය
( ජගත් එදිරිසිංහ සමග තේජා කටුගම්පල )
දම් සභා මණ්ඩපය - ජීවිතය සුවපත් කරන අමා දහම් විමසුම
(පුජයපාද උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමියන් )
කවි මිණි ආර - කවිය ආ මග, කවිමුතු නවක කවි නිර්මාණ සමග අන්තර්ජාතික කවි සමග කවියේ රසතැන් සොයා යන හෝරාව
( අනුරුද්ධ වැලිගමගේ )
සිහින සතක් - ජීවිතයේ මතක සමග ආරාධිතයෙකු ගී තෝරන මතක හෝරාව
( විවිධ ක්ෂේත්ර වල ආරාධිත පිරිස් )
අගනුවරින් පැයක් - කැනඩාවේ අගනුවර වන ඔටාවා නුවරින් එක්වන සමාජ කතිකාව
( දීපා හෙට්ටිගේ )
තාක්ෂණයේ හාස්කම් - සරල සිංහලෙන් පරිගණක දෘඩාංග සහ මෘදුකාංග ගැන කෙරෙන තාක්ෂණික වැඩසටහන
( මහින්ද ජයසුන්දර )
හෝපලු හෙවණ - ගුවන් විදුලියේ සොදුරු මතක උදාහරණ සමගින්
( ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී අශෝක තිලකරත්න )
වෛද්ය ඔවදන - පොදුවේ සැමගේ සුව සහනය සදහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට නොමිලයේ ලැබෙන වෛද්ය උපදෙස්
( වෛද්‍ය ඕවිද විපුලගුණ )
හුරුබුහුටිගේ චාරිකා - ලොව වටා රස පිරුණු තොරතුරු රැගත් අපූරු චාරිකා පෙල
( චම්පා ගොඩකන්ද ආරච්චි )
සක්මන් මළුව - මතකයන් දිගේ ආරාධිතයෙකුගේ හිත කියවන හෝරාව
( සුනිමල් බාලසූරිය )*
විශ්ව කාන්තා සාහිත්යය - ලෝකයේ දස දිගින් හමුවන කාන්තා සාහිත්යය පෙරා මිටකට ගෙනෙන සාර සංග්රහය
( ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර ) *
* වැඩසටහන් පිටපත් වලින් කොටසක් යු ටියුබ් තුලින් බලන්නට පුළුවන්
නියම සිංහල මුල් ගීත සමග අර්ථවත් වැඩසටහන් ශ්රාවකයින්ට තිලිණ කරන්නට සවන නියමු වසන්ත ලංකාතිලක නිතරම උත්සාහ ගන්නවා. ඒ වගේම ටොරොන්ටෝව සහ අවට සිටින දක්ෂ නිර්මාණ කරුවන්ට තම දක්ෂතා දක්වන්නට සවන හොද වේදිකාවක් වෙනවා .
ඔබත් සවන අහන්න . ඔබේ ප්රතිචාර ලියන්න . සවන අමතන්න. ඔබටම වෙනස වටහා ගන්න පුළුවන් වේවි .
සවන කණ්ඩායමට දිගු ගමනකට පැතුම් එක්කරනවා .
සේයාරූ - අන්තර්ජාලයෙන් -Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි
සුභ උපන්දිනයක් වේවා සවනට. 💕
ReplyDeleteබොහොම ස්තුතියි ලියෝනි .....
Deleteපරණ කමෙන්ටුවකින් මෙහෙට ගොඩවැදුනේ .නියමයි ...මතකය බොහෝ අතීතයට එක්කන් ගියා ... පොඩිම කාලේ චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයෙන් කරපු ගුවන් විදුලි වැඩසටහනකට මගේ නිර්මාණයක් යවල බොහොම අමාරුවෙන් සුසර කරන වැඩසටහන අහන හිටපු කාලයක් ඉබේම මතක් උනා ...
ReplyDeleteහංසි ඉඩ තියෙන වෙලාවක නිවාඩු දවසක අන්තර්ජාලයෙන් හෝ රේඩියෝ ඇප් හරහා අපේ වැඩසටහන් අහල ඔබේ අදහස් කියන්න . ඒ වගේම සවන කවි මිණි ආර ට ඔබේ කවි ගන්න පුළුවන් . අපට ඔබේ අවසරය දෙන්න.
DeleteBeautiful, meaningful and GREAT! Appreciation of other's valuable work is a good Sinhala tradition. I wish you and Vasanta strength and courage to continue your good work with SAWANA RADIO. HAPPY BIRTHDAY SAWANA!
ReplyDeleteThank you for your feedback. Your guidance & support is very valuable to sawana
DeleteGreat step forward. What Vasantha and you are doing via sawan is highly commendable and invaluable. Blessings for you all to keeplthe programs going and enriching our hearts all over the world. Sarath and Swarna Chandrasekere
ReplyDeleteThank you for your nice words, support & encouragement
Delete