මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 13, 2024

ජාතීන් දෙකක් එකට උත්සව සමරන දවසක්



 ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රධාන ජාතීන් දෙක වන සිංහල සහ දමිළ ජාතීන් අප්‍රේල් මාසයේ එකට සමරන එක් උත්සවයක් තිබෙනවා. සිංහල අපි අළුත් අවුරුද්ද කියා එය නම් කරද්දී ඔවුන් එය නම් කරන්නේ පුත්තාන්ඩු යන නමින්. දේශපාලන වශයෙන් ලබන වාසි වෙනුවෙන් ජාතීන් බෙදා  වෙන්කරන සමාජයක කැනඩාවේදීත් සමහරු ඒ බෙදා වෙන්කිරීම කර තිබුනා. ශ්‍රී ලාංකික උරුමයක් ඇති කැනේඩියානු ප්‍රජාව වෙනුවෙන් මාධ්‍යය මෙහෙයවන රූපණ මෙවර වැඩසටහන පටිගත කලේ ස්කාබරෝ ප්‍රදේශයේ ශ්‍රී චන්ද්‍රමවුලේශ්වර කෝවිල් පරිශ්‍රයේදී. මේ වැඩසටහන සිංහල සහ දමිළ චාරිත්‍ර වාරිත්‍ර වල සමානකම් වගේම සුවිශේෂී කම් ගැනත් ඔබට කදිම දැනුවත් කිරීමක් කරාවි.   

අද වැඩසටහන තුලින් දමිළ අවුරුදු සිරිත් විරිත් ගැන වගේම සිංහල අවුරුදු චාරිත්‍ර ගැන ආච්චි කෙනෙක් තමන්ගේ මුණුපුරා සහ මිණිබිරියට පැහැදිලි කරන ආකාරයත්. යොවුන් ප්‍රජාවට සිංහල අවුරුද්ද පැහැදිලි කරන වැඩිහිටි මහත්මයෙකුත් ඔබට දකින්නට පුළුවන්.  



 











2024 අප්‍රේල්  13 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.   





https://rupane.com/2024/04/13/rupane-episode-395-april-13-2024/

*********************************************************************************

ඉදිරිපත් කිරීම  -  අනුෂා කිංස්ලි 

                                අනුරුද්ධ වැලිගමගේ

සම්පත් දායකත්වය -  SIVASRI  SRITHARA KURUKKAL

                                         சிவஸ்ரீ ஸ்ரீதர குருக்கள் 

                                         MRS SELVAMBAL. SRITHARA KRUKKAL

                                         திருமதி செல்வம்பாள். ஸ்ரீதர குருக்கள்                        

කැමරාකරණය - එරංග හිදෙල්ලආරච්චි

                               ආත්‍රී සරෝද්  මාපිටිගම     

සංස්කරණය - පුබුදු වනිගසේකර                              

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - එරංග හිදෙල්ලආරච්චි 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

ශ්‍රී චන්ද්‍රමවුලේශ්වර කෝවිල් පරිශ්‍රයේ  කෙරුණු පටිගත කිරීමකි.

***********************************************************************************

ශ්‍රී ලංකාවේ ජනතාව සමරන බක් මහා මංගල්යය ගැන රූපණ හරහා මීට පෙර වැඩසටහන් රැසක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සටහන වෙනුවෙන් එක්කර තිබූ ප්‍රතිචාර නිසා  මේ කොටස එකතු කරන්නට හිතුවා. ඒ හින්ද ප්‍රතිචාර සටහන් තබන්නට පෙර මේ වැඩසටහනත් කැමති නම් ඒ වැඩසටහන් රැසත් සම්පූර්ණයෙන්ම බලන්න කියල ආරාධනා කරන්න කැමතියි.      

අවුරුද්දත් කිට්ටු කිට්ටු .......

https://ahasgawwenehalokaya.blogspot.com/2019/04/blog-post_13.html

කිරි ඉතිරේවා නව වසරේ ....

https://ahasgawwenehalokaya.blogspot.com/2020/04/blog-post_4.html

අවුරුද්ද සමග බැදුණු කවිය......

https://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_16.html

අළුත් අවුරුද්ද බොදු සහ හින්දු ආගමික ඇසින් බලමු

https://ahasgawwenehalokaya.blogspot.com/2023/04/blog-post_8.html

මහින්ද කුමාර දළුපොත ප්‍රවීණයා ගෙන් අළුත් අවුරුද්ද ගැන අහමු

https://ahasgawwenehalokaya.blogspot.com/2023/04/blog-post_15.html

කැනඩාවේ රූපණ කණ්ඩායම ලංකාවේ චරණ ට ආ අවුරුදු ගමන

https://ahasgawwenehalokaya.blogspot.com/2023/04/blog-post_22.html

සිංහල බ්ලොග් ලියන සැමටත් , කියවන ඔබටත් මේ අළුත් අවුරුද්ද සාමය , සතුට සපිරි සෞභාග්‍යවන්ත එකක්ම වේවායි පැතුම් එක් කරන්න කැමැතියි. 


 සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

7 comments:

  1. මෙතනදි ජාතින් යන්නේන අදහස් වන්නේ ethnicity නම් ජාතින් වෙනුවට වාර්ගිකයන් ලෙස යෙදිය යුතුයි.
    නමුත් දෙමළ කියලා හඳුන්වන වාර්ගියක් අඩුම වශයෙන් වර්ග 2ක් ඉන්නවා.
    එකම දිනයක යෙදුනට මේ උත්සව දෙකක්. එකම දිනයක යෙදුනට අවුරුද්ද ලබන්නේ වෙලාවන් දෙකක.
    ඒ වගේම දෙමළ වාර්ගිකයන්ගේ චාරිත්‍ර තනිකරම හින්දු. එය ඉන්දියානු පුතන්ඩු උත්සවයමයි.
    අවුරුද්ද (සිංහල අවුරුද්ද) කියන්නේ ජ්‍යෝතිෂ්‍ය මුල්කරගත් නිර් ආගමික උත්සවයක්.

    ReplyDelete
    Replies
    1. අන්තෝනියෝ බහිජටා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. වැඩසටහන සම්පුර්ණයෙන්ම බලන්න. මේ සටහන එයට යොමුවක් පමණයි.

      Delete
  2. සුබ සුව අලුත් අවුරුද්ද ක් වේවා
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.

      Delete
    2. මෙතනත් ලියන්නම් අංකය.
      0713620946

      Delete
  3. ඔබ සුබ පතන විදිය වැරදියි.

    සිංහල මිනිස්සු වැඩි තැනකදී සුභ පතන්න ඕනේ සුභ සිංහල සහ දෙමළ නව වසරක් වේවා කියලා.
    දෙමළ මිනිස්සු වැඩි තැනකදී සුභ පතන්න ඕනේ සුභ දෙමළ සහ සිංහල නව වසරක් වේවා කියලා.
    සමානව ඉන්න තැනකදී කියන්න ඕනේ හැපි නිව් ඉයර් කියලා.

    ReplyDelete
    Replies
    1. අන්තෝනියෝ බහිජටා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete