ඉඩ ලැබෙන වෙලාවලදී මම ගොඩවෙන යූ ටියුබ් චැනල කිහිපයක් ගැන ලියන්න හිතුවා. මේ පොඩ් කාස්ට් හරහා ඔවුන් කුමන මතයක් ගොඩනගන්නට යනවාද ? ඒවායින් කරන දේශපාලනය මොකක්ද ? කියන කාරණා වලින් ඔබ්බට ගිහින් දැනුවත් වෙන එකයි මම කරන්නේ. ඒවායේ බොහෝ වැඩසටහන් බලා තිබුණත් ඒවා අන්ධ භක්තියෙන් බදා ගන්නට හෝ ඒවාට කඩේ යන්නට මම සුදානම් වෙන්නේ නැහැ. ඔබත් කැමති නම් විතරක් අහල බලන්න.
Asian Mirror
මේ යූ ටියුබ් අඩවිය එකිනෙකට වෙනස් වැඩසටහන් රැසක් සතිපතා යූ ටියුබ් අවකාශයට මුදා හරිනවා. ඒවායේ සම්පත් දායකයින් ලෙස විවිධ ක්ෂේත්‍රවල දැනුම ඇති පිරිසක් එක්ව සිටිනවා. පාඨලී චම්පික රණවක ( ලෝක දේශපාලනය ), නාලක ගුණවර්ධන ( පරිගණක තාක්ෂණය ආශ්‍රිත සන්නිවේදනය ), ධනනාත් ප්‍රනාන්දු ( ආර්ථිකය), රසික ජයකොඩි ( ශ්‍රී ලංකා දේශපාලනය ) , චාමර සුමනපාල ( විවිධ විෂයන්) ඉන් ප්‍රධානයි. ඒ සම්පත් දායකයින්ම සමහර වැඩසටහන් මෙහෙයවනවා. වැඩසටහන් මෙහෙයවන යුරේශනී ගැටරළුව සිත් ගන්නා අයුරින් ඉන් සමහරක් ඉදිරිපත් කරනවා.
මේ එහි වූ වැඩසටහන් කිහිපයක දිගු
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOETS7FvsS2XHvSlxHMcF9_LnvGq1z8BfqTaUIwdNTrXzlvG7w3O9lChrV03033WuJ2smRkXfC3DMefoefbh4JQpqcwWc1f-3YhEjT7lqvMM93-mmw2LqDLLTrGKZwFlhV51R2_w50TarxdMJaZcm246ZbtPcBMOd92NkEzpWJw1FZyOgXRBZpybbZRO4/w400-h221/social-media-1233873_640.jpg)
මේ යූ ටියුබ් චැනලයත් වෙනස් එකක්. ලංකාවේ ඉතිහාසය, දේශපාලනය සහ විවාදාපන්න මාතෘකා ගැන මෙහි කතාවෙනවා. ගවේෂණාත්මක මාධ්‍යවේදී නන්දන වීරරත්න, කැකිරාවේ සුදස්සන හිමි , ද්‍රවිඩ මාධ්‍යයෙන් ගවේෂණාත්මක කටයුතු රැසක් කල එස් මනෝරන්ජන්, ඉන්දික තොටවත්ත සම්පත් දායකත්වය දැක්වූ වැඩසටහන් රැසක් මා මේ වනවිට අසා, බලා තිබෙනවා .
මේ එහි වූ වැඩසටහන් කිහිපයක දිගු
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxNSHRDKBHGq1V6U42VSRj7txNNrlPFmt0-8EOLzQh-ydOIZx4LL6ufxtNarqDZroTWyJ7aBk0EMD6V-9azzfDzukSQMHR0F0BSFeVrogJJ5MeMl_RZngV58Q1IxSG8qbRQ8eLEYK9SWxh2Q0vxWO9Tg9Nr00hW6fExGT8_-nEgg3yRmIJgQFe2JXM3DI/s320/filmstrip-589491_1280.webp)
I am Abisheka
දේශපාලනය සමග ගැටගැසුණු අපරාධ, නීතිය ගැන කතාවෙන තොරතුරු රැසක් ඇතුලත් වැඩසටහන් රැසක් මා මේ වනවිට අසා , බලා තිබෙනවා. ඒ වුණත් චැනලයේ තවත් වෙනස් විෂය ක්ෂේත්‍රවල අනතර් ගතයන්ද තිබෙන බව දැක තිබෙනවා. ප්‍රියන්ත ජයකොඩි වැනි දක්ෂ පොලිස් නිලධාරීන් සමග ඉසුරු පණ්ඩිත සහ අභිෂේකා ප්‍රනාන්දු කරන වෙනස් වෙනස් ඉදිරිපත් කිරීම් හරිම ප්‍රබලයි.
මේ එහි වූ වැඩසටහන් කිහිපයක දිගු
යුගයක රාවය එසේ නිමාවිය
Global inside with උවිඳු විජේවීර
මේ එහි වූ වැඩසටහන් කිහිපයක දිගු
යුද්ධයකට වඩා බිහිසුණු ගෝලීය අනතුරක් | GLOBAL INSIDE with උවිඳු විජේවීර
ලෝක බලවතුන්ගේ ඊළඟ යුද බිම කොතන ද? | GLOBAL INSIDE with උවිඳු විජේවීර
Thilini Perera
නීතිමය කාරණා ගැන සරල සිංහලෙන් ඔබව දැනුවත් කරන වැඩසටහන් සේම ලංකාවේ සිදුවූ විවිධ අපරාධ ගැන විශ්ලේෂණයක යෙදෙන යූ ටියුබ් චැනලයක් ලෙස මෙය නම්කරන්නට පුළුවන්. හිටපු පොලිස් නිලධාරීන් , නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවේදීන්, බන්ධනාගාර නිලධාරීන් වගේම ජනප්‍රිය නීතිවේදීන් සම්බන්ධ කර ගනිමින් මේ වැඩසටහන් මෙහෙයවන්නේ තිලිණි පෙරේරා.
මේ එහි වූ වැඩසටහන් කිහිපයක දිගු
මළ සිරුරේ ෆොටෝ එක පෙන්නද්දි අපරාධකරු වෙව්ලුවා | අවිස්සාවේල්ල කාන්තා ඝාතකයා පෝරකයට නියම වූ හැටි
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images, Pixabay
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි
No comments:
Post a Comment