මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 11, 2018

ප්‍රවීණ මාධ්‍යවේදිනී දයා ද අල්විස් මහත්මිය එකෝමත් එක දවසක පොතේ ........... අබේවර්ධන බාලසුරිය , රුක්මණී දේවි සහ කේ ඩි කේ ධර්මවර්ධන ගැන ලියු මතක

Image result for ekamath eka dawasaka gunasena book


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya ...


ප්‍රවීණ මාධ්‍යවේදිනී දයා ද අල්විස් මහත්මිය එකෝමත් එක දවසක පොතේ ...........

අබේවර්ධන බාලසුරිය 

Image result for abeywardhana balasuriya


 රුක්මණී දේවි 

T.K.Premadasa: Rukmani Devi –Nightingale Queen of the Silver Screen


සහ කේ ඩි කේ ධර්මවර්ධන 

Image result for k d k dharmawardena


 ගැන ලියු මතක

Bookmark.lk


* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images



කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

ස්තුතිය වාණිජමය නොවන නිර්මාණ කාර්යයක් වෙනුවෙන් අවසර දුන් පොත ප්‍රකාශයට පත්කළ ඇම් ඩී ගුණසේන සමාගමට සහ ශානක ඇපා සොයුරාට

සම්පුර්ණ කතා එකතුව සදහා එකෝමත් එක දවසක පොත කියවන්න .

KBOOKS.LK - Nosalen Indrakheelaya Se - නොසැලෙන් ...KBOOKS.LK - Nimawak Nowana Arambumak - නිමාවක් නොවන ...

http://sawana.ca/

Sawana Radio

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Sawana Radio

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


දයාදර ගී - Daya de Alwis Lyrics - Photos | Facebook

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.








Saturday, August 4, 2018

මුහුදු පතුල යට ඉඳලා.......... වඩදිය බාදිය බලලා .........කැනේඩියානු සංචාරයක මතකය....අද නිව් බ්රුන්ස්විච්ක් පළාතට යමු




Related image



මුහුදු පතුලේ ඇවිදින්නට නම් ඔබ අනිවාර්යයෙන්ම දක්ෂ කිමිදුම් ශුරයෙකු වන්නට වේවි. දවසකට වතුර ගැලුම් බිලියන ගණනක් සදේ ගුරුත්වාකර්ෂණය නිසා පුරවන හිස්කරන, නිව් බ්රුන්ස්විච්ක් සහ නෝවා ස්කොෂියා පළාත් මායිම් කරමින් පිහිටි නඩි බොක්කේදී ( Bay of Fundy) මුහුදු පතුලේ ඇවිදින්නත් , පැය ගණනකදී එතැනම මීටර ගණනක් ජලයෙන් පිරී යන අයුරුත් බලන්නට කදිම තැන වන්නේ මොන්ක්ටන් ( Mocton) නගරයෙන් හැරී කිලෝමීටර 37 ක් ගියතැන හමුවන හොප්වෙල් කඳු ප්රදේශයයි. අපි අද සංචාරයක මතකය අවදි කරන්නේ නිව් බ්රුන්ස්වික් පළාත ගැනයි.ජනශුන් මේ පළාත එඩ්වඩ් කුමාර දිවයිනටත් නෝවා ස්කොෂියා පළාතටත් සම්බන්දතා සලසමින් කුබෙක් පළාතට මායිම්ව පිහිටා තිබෙනවා. ටොරොන්ටෝවේ සිට පැය 14 පමණ රථ ධවනයකින් මෙහි ලගා වන්නට පුළුවන්. සමහරු එක දිනකින්ම එය නිමා කලත් සංචාරයේ නියම රසය විදින අරමුණින් අපේ නඩය තීරණය කලේ පැරණි කුබෙක් නගරයේ  ශාන්ත ලෝරෙන්ස් (St. Lawrence) ගඟේ එහා ඉවුරේ පිහිටි ලෙවිස් ( Lewis) නගරයේ නැවතී දින දෙකකින් දුර තරණය කරන්නටයි. එය  ගමන් වෙහෙසකින් හෙම්බත් නොවන්නටත් අනෙක් පස සිට පාරුවෙන් කුබෙක් නගරයට කෙටි ගමනක් යන්නටත් කදිම අවස්ථාවක් වූ බවත් කිව යුතුයි. දෙවන දිනයේදී අප ගමන් කල ට්රාන්ස් කැනඩා අදිවේගී මාර්ගයේ කුබෙක් වල සිට නිව් බ්රුන්ස්විච්ක් පළාත අතර ප්රදේශය නෙතට රසදුනක් වූ බව සටහන් කල යුතුමය.



හෝප්වෙල් කඳු  ( Hopewell Rocks)  

 ඔන්ටරියෝවේ මල් බඳුන දුපත් ( Flower pot Islands) ඔබ දැක ඇත්නම් එවැනි භූ පිහිටුමක් සිහි ගන්වන මේ ප්රදේශයේ තද පාෂාණ සංයුතිය නිසා සේදී නොගොස් ඉතිරිවූ භූ නිර්මාණ කිහිපයක් හෝප්වෙල් කඳු   ලෙස හැදින්වෙනවා.සෑම දිනකම පැය කිහිපයක් වඩදිය බාදිය හේතුවෙන් මේ ප්රදේශයේ මුහුදු  ජල මට්ටම අඩුවී මුහුදු පතුල පෙනෙන්නට ගන්නවා. වේලාවන් අන්තර්ජාලයෙන් විමසා බලන්නට පුළුවන්. වසන්තයේදී නිරීක්ෂණයට කදිම තැනක් ලෙසත් පැදුණු මහුදු පතුල යලි දියෙන් පිරෙද්දී කදිම ඔරුවක්  පදින්නට හැකි තැනක් ලෙසත් මෙය හදුන්වා දෙන්නට පුළුවන්.

Image result for magnetic hill moncton new brunswick

කාන්දම් කන්ද ( Magnetic Hill)

 ඔබ රථයකින් ගමනක් යනවිට පල්ලමකට ගොස් රිය නවතා තිරිංග අතහැරියොත් කුමක් වේවිද ?. නිසැකවම රථය පල්ලමට යාවි. එහෙත් මොක්ටන් හි කාන්දම් කන්දේදී සිදුවන්නේ ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවන දෙයක්.ඔබ බලා සිටියදීම ඔබේ රථය ආපසු කන්ද මුදුන වෙත යනවා. දෘශ් මායාවක් ( Optical Ilusion) ලෙසින් සිදුවන මෙය මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ 1931 දී මේ පළාතේ විසු කුඩා අවන්හල් හිමිකාරිනියක්  විසින්.



ලෝකයේ ලොකුම පොකිරිස්සා .




නිව් බ්රුන්ස්වික් , එඩ්වඩ් කුමාර දිවයින, නෝවා ස්කොෂියා පළාත්  පොකිරිස්සන් සදහා මහත් ප්රසිද්ධියක් උසුලනවා. අවන්හලකට වැදී පොකිරිස්සන් රස විදින්නටත් , කර්මාන්තය බලා කියා ගන්නටත් , ජනප්රිය ප්රදීපාගාරයක් දැක ගන්නා අතරේ මනරම් වෙරළ තීරයකට හිමිකම් කියන ශේඩියක් ( Shediac ) නගරයේ දී ලෝකයේ ලොකුම පොකිරිස්සා දැක ගන්නට පුළුවන්.
1989 දී ප්රදේශයේ රොටරි සමාජය ඉදිකර ඇති මේ ප්රතිමාව අඩි 35 ක් දිග අඩි 16 ක් පළල අඩි 16 ක් උස සුවිසල් එකක්. එහි බර ටොන් 55 ක්. එය පිහිටුවා ඇති පාදම තවත් ටොන් 35 ක් බරට සවිමත්ව තනා ඇත්තේ එහි නැග ඇති පදම් සේයාරූ ගන්නට ඉඩ සලසමින්. එම පරිශ්රය වාහන නැවැත්වීමට , කෑම ගැනීමට මෙන්ම සමරු සිහිවටන ගන්නටත් පහසුකම් සහිත එකක්.




බුක්ටච් වැලි කඳු ( Bouctouche Sand Dunes)

Image result for bouctouche sand dunes new brunswick

 කිලෝමීටර 12 ක් දිගට විහිදුණු වැලිකදු සහිත මේ පරිසර පද්ධතිය නිදහස් සොඳුරු ගැමි පරිසරයක පිහිටා තිබෙනවා. ආකේඩියන් වරුන් වෙසෙන එම ගමද මනරම් එකක්. එහි ඇති වෙරළ තීරය මෙන්ම අර්වින් පරිසර මද්යස්ථානය අධ්යාපනික සහ පාරිසරික කටයුතු රැසක් ඉටු කරනවා.






ලෝකයේ දිගම වහලයක් ඇති පාලම. ( Heartland Bridge)




හාර්ට්ලන්ඩ් සහ සොමර්විල් ගම් යා කරමින් ශාන්ත ජෝන් ගඟ හරහා ඉදිකර ඇති මේ පාලම දිගින් අඩි  1282 ක් . කුළුණු 6 ක් මත කොටස් 6 ක් එකතු කර මෙය ඉදිකර ඇත්තේ 1901 දී. මෙය ඉදිකළ අවදියේ අශ්ව රථ භාවිතා වූ අතර හරියටම පාලම මැදදී යුවලක් හාදුවක් දුන්නොත් ඔවුනට විවාහ විය හැකි බවත් , තනි හුස්මට මේ පාලම තරණය කලොත් වාසනාව උදාවන බවත් විශ්වාසයක් පවතිනවා.




ඔබගේ සංචාරයට එක් කර ගත හැකි තවත් තැන්

1. ග්රෑන්ඩ් ඇල්ල ( Grand Falls)

Image result for grand falls new brunswick

2. රිවර්ස් ඇලි පාලම ( Reversing Falls Bridge)

Image result for reverse falls new brunswick

3  අර්තාපල් කෞතුකාගාරය ( New Brunswick Potato Museum)

Image result for potato museum new brunswick


4. හිල්ස්බොරෝ දුම්රිය කෞතුකාගාරය ( Hillsborough Railway Museum)

Image result for hillsboro train museum new brunswick


ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .








සටහන අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ -  හෙසදී වැලිගමගේ  සහ * අන්තර්ජාලයෙන්





කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 පෙබරවාරි කලාපයේ පලවිය .

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

http://dasatha.com/