මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 25, 2022

ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය - Trans Canada Highway

ට්‍රාන්ස්  කැනඩා අධිවේගී මාර්ගය පැසිපික් සාගරයත් , අත්ලාන්තික් සාගරයත් යා කරනවා . කිලෝමීටර් 7821 ක් ( සැතපුම් 4860) ක් දිග මාර්ගය කැනඩාවේ බටහිර අන්තයේ බ්රිටිෂ් කොලොම්බියා පලාතේ වැන්කුවර් දුපතේ වික්ටෝරියා නගරයේ පිහිටි බීකන් හිල් උද්යානය අද්දරින් පටන් ගෙන කැනඩාවේ නැගෙනහිර අන්තයේ පිහිටි නිව් ෆවුන්ඩ්ලන්තයේ ශාන්ත ජෝන් ( St. John’s) නගරයේ පිහිටි Mile 0 ක්රීඩා සහ සම්මේලන සංකීර්ණය අද්දරින් අවසන් වෙනවා . 1977 දී මෙට්රික් ක්රමයට මාරුවන තුරු කැනඩාවත් දුර මනින ඒකකය ලෙස සැතපුම් භාවිතා කල නිසා මේ මාර්ගයේ දෙකොන අදත් හැදින්වෙන්නේ මයිල් සිරෝ නමින් .

දුර ගමන් සදහා දුම්රිය යොදාගැනීමත් , මෝටර් රථ මිල අධික වීමත් නිසා අතීතයේදී සාමාන් ජනයාට අධිවේගී මාර්ගවල අවශ්යතාවයක් දැනුනේ නැහැ . දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ කාරය පහසු මිලකට ගත හැකි පවුලේ වාහනයක් වීම නිසා මහාමාර්ග වලට ඇතිවූ ඉල්ලීම නිසා මධ්යම රජය අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් කටයුතු කලේ 1949 දී සම්මත වූ Trans Canada Highway පනත මගින්. අනුව එහි ඉදිකිරීම් 1950 දී ආරම්භ වුනේ 1920 දී කැනඩා ඔටෝ මොබයිල්  සංගමය බිහිකිරීමට මූලික වූ වෛද් පෙරී ඩුලිටල් ( Perry Doolittle)   ගේ රට වටා මෝටර් රථයකින් යන සිහිනය සැබෑ කරමින් .



කැනඩා මධ්යම රජයත් , පලාත් රාජ්යය එක්ව ආරම්භ කල මේ ව්යාපෘතිය සදහා කැනඩා මධ්යම රජය 1950 දී මිලියන 150 ක් සහ පසුකාලීනව තවත් මිලියන 825 මුදලකුත් යොදවා තිබෙනවා . ඉදිකිරීම් පටන්ගෙන අවුරුදු 12 කට පස්සෙ 1962 ජුලි 30 වැනිදා  රොකී කදුවැටියේ Rogers Pass හිදී ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය නිල වශයෙන් අගමැති John Diefenbaker අතින් ජනතා අයිතියට පත් වුනා . 1971 දී මෙය සම්පුර්ණයෙන්ම නිම වුනේ ලෝකයේ දිගම අධිවේගී මාවත ලෙස වාර්තාවක් තබමින් . ප්රවාහන අවශ්යතා මත කලින් කලට මෙය නවීකරණය වෙන්නේ වඩාත් හොද සේවයක් සලසන්නයි .

පැසිපික් සාගරය තරණය කරන්නට වැන්කුවර් දුපතේ Nanaimo සිට බටහිර වැන්කුවර් නගරයේ Horseshoe bay අතර කිලෝමීටර 57 ක් දුරක කොටසත් , අත්ලාන්තික් සාගරය නෝවා ස්කොෂියා පලාත සහ එඩ්වඩ් කුමාර දිවයින මෙන්ම නිව් පවුන්ඩ්ලන්තය අතර දුරත් තරණය කල යුත්තේ රථවාහන ගෙන යාහැකි සුවිසල් පාරු භාවිතයෙන් . පාරු අවන්හල් ඇතුළු සියළු නවීන පහසුකම් සහිත ඒවා නිසා ඔබට කාලය ගෙවෙනවා දැනෙන එකක් නැහැ .

Yukon, North west teritories  සහ Nunavut හැර කැනඩාවේ අනෙකුත් පලාත් සියල්ලම ආවරණය වන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය පාලනය වන්නේ පලාත් ආණ්ඩු මගින් . විවිධ හේතු මත තැනින් තැන මෙහි ධාවන වේගය කිලෝමීටර 50 සිට 110 දක්වා වෙනස් වෙනවා.

දර්ශනීය ෆ්රේසර් නිම්නයත් , රොකී කදුවැටියත්  හරහා බ්රිටිෂ් කොලොම්බියාවේ සහ කැල්ගරි පලාතේ දර්ශණීය ඉසව් හරහා දිවෙන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය Saskatchewan  සහ Manitoba පලාත්වල  ප්රෙයරි තණබිම් කලාපයේදී සරුසාර ගොවිබිම් හරහා යනවා . කැනඩාවේ පැරණිතම වනෝද්යානය වන බැන්ෆ් ඇතුළුව වනෝද්යාන රැසක් මැද්දෙන් යන මේ මංපෙත සංචාරකයෙකුට නිමක් නැති මනරම් දසුන් මවන සම්පතක්


උතුරු ඔන්ටාරියෝ ප්රදේශයේදී පතල් ආශ්රිත ප්රදේශ හරහා යන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය උතුරු සහ නැගෙනහිර සුපිරියර් (Lake Superior) විල් ඉවුරෙන් ගිහින් කැනඩාවේ අගනුවර වන Ottawa නගරය හරහා Quebec පලාතට ඇතුළු වෙනවා .

කියුබෙක් පලාතේදී St.Lawrence ගග යටින් යන Louis-Hipplyte Lafontaine Bridge tunnel උමග හරහා කිලෝමීටර් 1.3 ක් දුර ගෙවන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය St.lawrence ගග දකුණු පසින් ගිහින් New Brunswick පලාතේ Saint john ගග නිම්නය හරහා යනවා . අර්තාපල් වගා බිම් , ලදු කැලා පහුකරන මේ පාර එඩ්වඩ් කුමාර දිවයිනට යන්නේ කිලෝමීටර් 13 ක් දුර අත්ලාන්තික් සාගරය මතින් ඉදිවුණු සුවිසල් Conferderation  පාලමෙන් . අතරෙ ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයේ කොටසක් නිව් බ්රුන්ස්විච්ක් පලාතේ ඉදන් නෝවා ස්කොෂියා පලාතට යනවා .

කැනඩාවේ කුඩාම පලාත එඩ්වඩ් කුමාර දිවයිනේ අගනුවර වන Charlottetown පසුකරන කොටස wood island පාරු පර්යන්තයෙන් කිලෝමීටර් 26 පාරු ගමනකට පස්සෙ නෝවා ස්කොෂියා පලාතේ caribou නගරයට සේන්දු වෙනවා . අනෙක් පැත්තෙන් නෝවා ස්කොෂියා පලාතේ අගනුවර Halifax බලාගිය කොටසත් එකට එකතු වෙලා කේප් බ්රිටන් දුපතේ සිඩිනි නගරයේ පාරු තොටුපලින් ආයෙත් පාරුවට නගින්නේ නිව් ෆවුන්ඩ් ලන්තය වෙත යන්නයි. Channel port aux basques දක්වා අත්ලාන්තික් සාගර ගමන කිලෝමීටර 177 ක් දුරයි .

නිව්ෆවුන්ඩ්ලන්තයේ එක කොනක ඉදන් අනෙක් අන්තය දක්වා කිලෝමීටර 905 දිගු ගමනක යෙදෙන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය අවසන් වෙන්නේ එහි අගනුවර වන ශාන්ත ජෝන් නගරයේ මයිල් සීරෝ ක්රීඩා සංකීර්ණය අසලින් . එක පැත්තකින් බැලුවාම ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය නැගෙනහිර අන්තයෙන් පටන් ගන්නේ මෙතැනින් කියන්න පුළුවන් හින්දයි මෙතැනටත් මයිල් සීරෝ කියන්නෙ .

කිලෝමීටර 7821 ක් දිගු ගමනේදී  ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය විවිධ පලාත්වලදී විවිධ නම් ලබනවා . බොහෝ මාර්ග එකතු වෙනවා . විවිධ භූ විෂමතා කලාප හරහා යනවා . මේ මාර්ගයේ මද්යය ( Midpoint) ලෙස සැලකෙන්නේ ඔන්ටාරියෝ පලාතේ Sault Ste Marie නගරයේ ඇති Batchwana bay  නම් තැනයි . වෛද් ඩූ ලිට්ල් කිව්වට මේ මූළු මාර්ගයම ආවරණය කරන එක ලේසි නැහැ .   සදහා විශාල කාලයක් , ශ්රමයක් සහ මුදලක් අවශ් නිසා . ඒත් සමහරු RV- Recreational  Vehicles රථ භාවිතයෙන් එහෙම කරනවා .



 Vivien Bowers ඇගේ ජනප්රිය පොත WOW Canada තුලින් ගැටවර පුතෙකුගේ ඇසින් පවුලක් කරන සංචාරයක් ලෙසින් කරන සටහන බලන්නට වටින එකක් . වගේම 1980 දී නිව් ෆවුන්ඩ් ලන්තයේ සිට ඔන්ටාරියෝවට කිලෝමීටර 5373 ක් පිලිකා මර්ධනය සදහා අරමුදලක් පිහිටුවීම වෙනුවෙන් Terry fox කල දිරිය  පා ගමන  ට්රාන්ස් කැනඩා මාර්ගයේ තවත් මතක සටහනක් .


බැන්ෆ් වනෝද්යානයේදී ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය නිසා දෙකඩ වන කැලය තරණය සදහා පරිසර හිතකාමී පියවරක් ලෙස  Wildlife Overpass ඉදිකලේ 2007 දී . ඊට අමතරව Tesla Roadstar සමාගම 2012 දී නොමිලයේ විදුලි වාහන බලගන්වන Electric Vehicle charging centres ඉදිකරමින් ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය ලෝකයේ එවන් පහසුකම් ඇති ලොව දිගම මාවත බවට පත්කලා .


අනුරුද්ධ වැලිගමගේ 


 

2019 අප්‍රේල් සහ 2019 මැයි මස කලාපවල කොටස් 2 ක් ලෙස පලවිය. 


කැනඩා උරුමය නමින් කැනඩාවේ පලවන යාත්‍රා පුවත්පතේ තීරුව වෙනුවෙන් එහි සංස්කාරක චන්ද්‍රරත්න බණ්ඩාර මහතාගේ ආරාධනයෙන් 
මේ ලිපි පෙල ලියා තැබුවත් අනුග්‍රහකතයේ ගැටළු නිසා මේ ලිපි පෙල අතරමගදී නතර වුණා.

මම යාත්‍රා වෙනුවෙන් මෙම ලිපි පෙල ඉදිරිපත් කලේ රුවන් හරිස්චන්ද්‍ර යන නමින්.


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, June 18, 2022

ඉමෙල්ඩා .....සෝමසිරි මුණසිංහ ....පොත් පිටු අතරින්......

 

" දැන් මොකටද කාමන්ගෙ නම කියන්නෙ , ඔයාගෙ නම මිසක් ? . ඔයා අද හරි ලස්සනයි ඉමෙල්ඩා ."

" ලස්සන ඇදුම විතරයි . මං නොවෙයි. පිලිපීන ගෑණු ලස්සනට අදින්න ආසයි. අද මම දැක්ක ඔයා මගෙ පපුව දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා . "

මම ලැජ්ජාවෙන් සිනාසී අහක බලා ගත්තෙමි. ඉමෙල්ඩා මා අසලට පැමිණ ඇගේ හිස මගේ පපුවට හේත්තු කර ගත්තාය.

( 270 වන පිටුව )  


මුදලිහාමි මහත්මයාගේ ඇස් දෙකේ තද වපරයක් ඇති නිසා බලා සිටින්නේ කොයි දිසාවද යන වග තෝරා බේරා ගන්නට අපට මුලදි මුලදී අපහසු විය. මුළු පාසැලම මහත්තයාට කීවේ " බොම්බේ ලුකින් කල්කටා "  කියාය. දවසක් දා රෙදි සෝදන නිල්වලින් ලියූ කඩපොලේ ලෑලි දොරවල් කිහිපයක ඇලවූ කැලා පත්තරයකත් ඒ නම සහ නයනා මිස්ගේ නමද සදහන් වී තිබූ බව මා දැනගත්තේ පන්තියේ ළමයෙක් මාර්ගයෙන්ය.

( 10 වන පිටුව )  

කන්දය්යා ඔහුගේ නිෂ්පාදනය ලියාපදිංචි කලේ " කරල් පහ " යන වෙළද නාමයෙන්ය . වෙළද ලාංඡනයේ මුද්‍රණය කර තිබුණේ වී කරල් පහක්ය. ඔහුගේ නිෂ්පාදනය ගැන වෙළද දැන්වීමක් සිංහලෙන් ලියා ගැනීමට ඔහු මාගේ සහාය පැතුවේය. දැන්වීමේ සිරස්තලය වශයෙන් " කාන්සියට කදිම මිත්‍රයෙක් " යනුවෙන් ලියා ඊට පසුව මා සදහන් කලේ " රසවත් , සුවදවත් , අනභිභවනීය මල්පහ බීඩි සම විටම පාවිච්චියට ගන්න " යනුවෙනි. පසුව මුදලාලි " ගුණයෙන් පිරි " යන වචනයද දැන්වීමට එකතු කර ගත්තේය.

( 67 වන පිටුව )   


ඉමෙල්ඩා .....සෝමසිරි මුණසිංහ ...පොතින් .


පොත් පිටු අතරින් ..........කැනඩාවේ නිර්මාණ කරුවන්ගේ පොත් නිර්මාණ විමසුම .....

කැනඩාවේ වෙසෙන ලේඛක ලේඛිකාවන්ගේ අළුත් නිර්මාණ ඔබට හදුන්වා දෙන වැඩසටහන


https://rupane.com/2021/11/27/rupane-episode-271-november-27-2021/

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සම්පත් දායකත්වය -    Newstrails රචක, ප්‍රවීණ පුවත්පත් කලාවේදී , ලේඛක සෝමසිරි මුණසිංහ     

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි


හදුන්වා දෙන අළුත් ගීතය 

දහස් ගව් ......

ගායනය - විශාරද හසන්තිකා කොඩිතුවක්කු ( අතපත්තු )

සංගීතය - නයන කරුණානායක 

ගී පද - ගයාන් කොඩිතුවක්කු 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, June 11, 2022

පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්……….

 



මිහින්තලා කඳු සිප එන සාදු නදින්

මහ කනදරා වැව පිරි සුදු ඕලු මලින්

අනුබුදු මිහිදු සමිදුන් දෙසු දහම් වැලින්

පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්

 

මිසදිටු දමින් පිරි සිරිලක ඉන් මුදවා

මනරම් කලාවන්ගෙන් පන්සල් පුරවා

අහස සිඹින සුවිසල් දාගැබ් කරවා

පොසොන් සදේ සිරි අසිරිය වැඩි කෙරුවා

 

සියවස් පුරා පැවතුණු ඒ ගති සිරිතින්

බොදු හදවත් පිරී ඉතිරිනි හද බැතියෙන්

අදටත් වෙනස් නැත සිරිලක පොසොන් සඳින්

පියමැන බලනු මැන රජරට සුවද මැදින්

 

අනුරුද්ධ වැලිගමගේ





2022  ජුනි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, June 4, 2022

තේ සහ මුහුණු ..... යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී )...



තේ.... 

සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්පවලට උණු ඉඟුරු තේ, කිරි තේ, කිරි කෝපි පිරෙව්වා. නවයහමාර කියන්නෙ මුලු ඔෆීසියම මීයට පිම්බා වගේ නිස්සද්දෙන් කොම්පියුටර් ඇතුලට ගිලෙන වෙලාව. ආකාශ් මහත්තය උනත් ලැප්ටොප් එකට බෙල්ල දික්කරගෙන ඇති.

කට කොනට ආපු හිනාවක් නිසා සුසීමගෙ දෙතොල් මෑත් වුනා. කිරිපාට හා දත් දෙකක් මතුවුනා. පීරිසිය උඩ කිරි කෝපි ඇබින්දක් ඉහිරුනා. තෙත සර්වියට් එක පීරිසිය උඩ වැතිරිලා කෑදරකමෙන් කෝපි බිංදු ටික ලෙවකෑව.

කණ්නාඩි කෑල්ල සුසීමට විරිත්තුවා. ලා රෝසපාට ලිප් ග්ලොස් කූර තොල් දෙක වටේ දෙපාරක් එහෙමෙහෙ ගියා. උඩ පැනපු කොණ්ඩ කැරලි කන්පෙති පිටිපස්සෙ හැංගුනා.

තේ බන්දේසිය වඩාගන්නකොට යාන්තම් තේ කෝපි එහෙමෙහෙට කැලැත්තුනාට බිඳක්වත් නොඉහිරවාගන්න තරමට සුසීමා පරෙස්සම් සහගතයි. කෝපි සුවඳට වඩා සැරට දැනෙන්නෙ තේ සුවඳ. ඉස්සරහට ඇවිදන් යනකොට ඉහල ඇදෙන උණුහුම් දුමාරය පිටිපස්සට නැමෙනවා. මී මැස්සියෙක් වගේ කොරිඩෝව දිගේ කලබලෙන් දිවිල්ලේ අතරමැද දැනෙන ඒ උණුහුමට සුසීමා කැමතියි.

******************************************************************

මුහුණු....

“ඇයි?”

“මනෝහරී? මනෝහරී මැඩම් එන්න තව පරක්කු වේවිද?”

“මනෝහරී මැඩම්?”

“හ්ම් ම්හ්! තළෙලලු, උස. මනෝහරී මැඩම්. වම් පැත්තෙ ඉඳන් තුන්වෙනි පුටුවෙ වාඩි වෙන්නෙ.”

‘ඔහ්! එයා හදිස්සියෙම නාරාහේන්පිට බ්‍රාන්ච් එකට මාරු වුනා නෙ. මේ.. මේ… මං කියන්නේ, එයා දැන් මෙහෙ නෑ.”

කෙසඟ සිරුරැති ගැහැණිය ආපහු යන්න වගේ ආපිට හැරුනා.

“පොඩ්ඩක් ඉන්න. මොකද්ද නම?”

“ඉයුජීන්.”

“බැංකුවෙන් කෙරෙන්න වුවමනා දෙයක් ඇත්නම් කියන්න. අපිට පුලුවනි උදව් කරන්න.”

***************************************************************

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතාව  තේ සහ  මුහුණු....

හඩ මුසුව - නිරෝෂා ගමගේ

මින් පෙර අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය තුලින් ඔබ අත්විදි ඇගේ තවත් කතා


යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී ) ගේ බස්සිගේ ආදර අන්දරයෙන් ..........


http://ahasgawwenehalokaya.blogspot.com/2019/11/blog-post_30.html

ඒක වැදගත්ද ?.....


http://ahasgawwenehalokaya.blogspot.com/2018/06/blog-post_10.html

නොපිරවෙන හිස්තැන් ....

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/blog-post_10.html



කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.

යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී ) ගේ සම්පුර්ණ කතා එකතුව සදහා   බ්ලොග් අඩවියට යන්න.

බස්සිගේ නවාතැන

රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්
http://bassigenawathana.blogspot.com/


ස්තුතිය - සවන නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.