මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 17, 2025

නූතන කවීන් දකින සැබෑ ලෝකය - අමයුරු කවි රස


කවිය වෙනුවෙන් මේ වනවිට කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනිය වැඩසටහන් 16 ක් ඉදිරිපත් කර තිබෙනවා. ජනකවියෙන් පටන් ගෙන පරිවර්තන කවි හරහා වර්තමානය තෙක් පැමිණි ඒ ගමන ඉතා දිගු එකක්. සිංහල බ්ලොග්,මුහුණු පොත් නිර්මාණ හරහා කවියට යලිත් වටිනාකමක් ලැබී ඇති මේ මොහොතේ නූතන කවි පොත් කිහිපයකින් නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරන්නට හිතුවා. ඒ අනුව නූතන කවි 15 ක් ගැන කතාබහ කරන්නට රූපණ වැඩසටහන්  3 ක් නිර්මාණය කර තිබෙනවා. ලංකාවෙන් බැහැරව    ඉන්නා අපට  ප්‍රායෝගිකව කවි පොත් සපයා ගැනීම වෙනුවෙන් ඇති දුෂ්කරතා නිසා ලබාගැනීමට හැකිවූ පොත් කිහිපයකින්  කවි තෝරාගෙන තිබුණත් එම නිර්මාණ කරුවන්ට නිසි ගෞරවය දෙමින් එම නිර්මාණ අගය කරන්නට අප උත්සාහ කලා. 

මේ දිගුව එහි දෙවන වැඩසටහනටයි . 




 අද වැඩසටහනේ සංවාදයට තේමා වන කවි 




කවිය -  ඇදල දෙනවද මතක හැටියට .....


කවියා  -  රුවන් බන්දුජීව  

කවි පොත - මීළග මීවිත  

කවි ගායනය - සම්පත් පෙත්තාවඩු












කවිය -  හතලිස් වියැති මනාලිය


කවියා -  ඉසුරු චාමර සෝමවීර 

කවි පොත - අප දෙදෙන මැද මහ මුහුද 

කවි ගායනය - මංජුලා වික්‍රමරත්න 

















කවිය -  පහන් කණුව යට පාපොච්චාරණය

කිවිදිය - අනුරාධා නිල්මිණි 

කවි පොත - යුගස්ත්‍රී 

කවි ගායනය - මංජුලා වික්‍රමරත්න 











කවිය -  සොදුර ඔබ දැන් සුවෙන්ද ? 


කවියා - ටිම්රාන් කීර්ති

කවි පොත - පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරෙයි ඇලකට

කවි ගායනය - සම්පත් පෙත්තාවඩු 

















කවිය - සමනළ තටු ගැලවුණු පසු 

 

කවියා -   මහින්ද ප්‍රසාද් මස්ඉඹුල  

කවි පොත - හිරුත් හිම පියල්ලක

කවි ගායනය - මංජුලා වික්‍රමරත්න







2025 මැයි 10 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.










කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

https://rupane.com/2025/05/10/rupane-episode-451-may-10-2025/

------------------------------------------------------------------------------

ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ
සම්පත් දායකත්වය - ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 
කවි ගායනය - මංජුලා වික්‍රමරත්න, සම්පත් පෙත්තාවඩු
සංස්කරණය - පුබුදු වනිගසේකර , රවිදු කන්නංගර
සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

*********************************************

අමයුරු කවි රස - වැඩසටහන් පෙල 

අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html

අපේ තෙවන වැඩසටහන -  සිංහල කවියේ සදැස් ලකුණ  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html

අපේ හතරවන වැඩසටහන -  නිසදැස් කවියක විප්ලවය   සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html

අපේ පස් වන වැඩසටහන -  ළමා කවියේ රුව ගුණ  සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/6.html

අපේ හත් වන වැඩසටහන -  සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/10/6.html

අපේ අට වන වැඩසටහන - අවුරුද්ද හා බැදුණු කවිය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_16.html

අපේ නව වන වන වැඩසටහන - බුදු දහම සහ බැදුණු කවිය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/05/blog-post_14.html

අපේ දහ වන වැඩසටහන - පරිවර්තන කවියේ මිහිරියාව  සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/11/10.html

අපේ එකොළොස්වන  වැඩසටහන- හාස්‍ය කවියේ ගැබ්වුණු උපහාසය 


http://ahasgawwenehalokaya.blogspot.com/2022/07/11.html

අපේ දොළොස්වන  වැඩසටහන - ජන ජීවිතය සමග බැදුණු විවිධ කවි


https://ahasgawwenehalokaya.blogspot.com/2023/11/12.html

අපේ දහතුන්වන වැඩසටහන -කවි කොලයෙන් සහ හිටිවන කවි මඩු තුලින් සිදුවූ සමාජ කාර්යභාරය

http://ahasgawwenehalokaya.blogspot.com/2022/01/13.htm

අපේ දහහතරවන  වැඩසටහන - පරිවර්තන කවි තුලින් ජීවිතය කියැවීම සදහා දිගුව 
(මේ වැඩසටහන පළමු කොටස සහ දෙවන කොටස ලෙස වැඩසටහන් 2 ක් තිබෙනවා) 

http://ahasgawwenehalokaya.blogspot.com/2023/07/14.html

අපේ පහළොස්වන  වැඩසටහන- වෙනසක් එක්ක නූතන කවි විදිමු

https://ahasgawwenehalokaya.blogspot.com/2025/03/blog-post.html






සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


Saturday, May 10, 2025

ප්‍රීති වෙසක් ........


බට පතුරුත් , සව් කරදහි අරගෙන අපි එදා 
සොයුරු සොයුරියන් එකතුව කූඩු හැදුව එදා 
කාර් එකෙන් සුපිරි වෙළද හලට ගිහින් මෙදා 
උජාරුවෙන් වෙන අය හැදූ කූඩු අරන්  මෙදා 


ගඩොල් වලින් බැම්ම තනා මැටි පහනේ එදා 
තෙල් පුරවා එළි මැව්වේ සුදු තිරවැටි යොදා 
හනි  හනිකට කඩේට ගොස් බකට් අරං මෙදා 
අඩුවට ගත්  බල්බ් වැලෙන් එළිය ගත්තෙ  මෙදා 


සුදු සරමින් , ළමා සාරියෙන් හැඩවී  එදා 
අත්තම්මා එක්ක ගිහින්  සිල් ගත්තනේ එදා 
කෑම කකා එල බයිටක් හපන ගමන් මෙදා 
ටීවී එකෙ රියැලිටි ෂෝ බණ මොනවද සුදා  


ලෑන්ඩ් මාස්ටරේ නැගිලා තොරන් බැලුව එදා 
වෙසක් මතක දුරයි තාම සතුටු මතක  එදා 
දන්සැල් , ඔළු බක්කො ඩිස්කෝ නැති කෝලම් මෙදා 
ටික් ටොක් කර ගේම් ගහමු  ළමයි කියයි මෙදා 


අනුරුද්ධ වැලිගමගේ



අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2025 මැයි කලාපය

ප්‍රීති වෙසක් ........

බට පතුරුත් , සව් කරදහි අරගෙන අපි එදා
සොයුරු සොයුරියන් එකතුව කූඩු හැදුව එදා
කාර් එකෙන් සුපිරි වෙළද හලට ගිහින් මෙදා
උජාරුවෙන් වෙන අය හැදූ කූඩු අරන් මෙදා


ගඩොල් වලින් බැම්ම තනා මැටි පහනේ එදා
තෙල් පුරවා එළි මැව්වේ සුදු තිරවැටි යොදා
හනි හනිකට කඩේට ගොස් බකට් අරං මෙදා
අඩුවට ගත් බල්බ් වැලෙන් එළිය ගත්තෙ මෙදා


සුදු සරමින් , ළමා සාරියෙන් හැඩවී එදා
අත්තම්මා එක්ක ගිහින් සිල් ගත්තනේ එදා
කෑම කකා එල බයිටක් හපන ගමන් මෙදා
ටීවී එකෙ රියැලිටි ෂෝ බණ මොනවද සුදා


ලෑන්ඩ් මාස්ටරේ නැගිලා තොරන් බැලුව එදා
වෙසක් මතක දුරයි තාම සතුටු මතක එදා
දන්සැල් , ඔළු බක්කො ඩිස්කෝ නැති කෝලම් මෙදා
ටික් ටොක් කර ගේම් ගහමු ළමයි කියයි මෙදා

2025 මැයි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.




විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

Saturday, May 3, 2025

ශ්‍රී ලංකැන් නිව්ස් සහ සිංහල බ්ලොග් කරුවන්ගේ සහයෝගීතාවය



ශ්‍රී ලංකැන් නිව්ස් අන්තර්ජාල පුවත්පතට මේ වන විට වසරක් සපිරෙනවා. " කැනඩාවත් ශ්‍රී ලංකාවත් යාකරන ඩිජිටල් ලියමන "  ලෙසින් නම් ලබන මෙය සතිපතා යාවත්කාලීන වන ඩිජිටල්  ප්‍රකාශනයක්. ශ්‍රී ලංකාවේ පුවත්  4 ක්,  කැනඩාවේ පුවත් 4 ක්,  ක්‍රීඩා පුවත් 3 ක් , ලෝකයේ ගෙවුණු සතියේ වැදගත් පුවතක් සහ ශ්‍රී ලංකාවේ ගෙවුණු සතියේ පලවූ කාටුන් උපහාස රැසක් සතිපතා සිකුරාදා දිනයේදී මේ හරහා අන්තර්ජාලයට එකතු වෙනවා. වෙනස් වෙනස් වෙබ් අඩවි සහ අනතර්ජාල පිවිසුම් වලට නොගොස් මේ හරහා කැනඩාවේත්  ලංකාවේත් සිදුවන දේ ගැන කෙටි විස්තරයක් ඔබට දැනගන්න පුළුවන්. කෝච්චියේ , බස් එකේ වැඩට යන ගමන් , සේවා ස්ථානයේ ලැබෙන කෙටි විවේකයේදී , දුව හෝ පුතා සංගීත , නැටුම්, පිහිනුම් පංතියෙන්  එනතුරැ වාහනයට වී ඉන්නා කෙටි විරාමයේදී කාලය ගෙවන්නට මෙය ඔබ කාටත් කදිම අත්වැලක් වේවි. 



සෑම මසකම 20 වැනිදා වන විට කෙටිකතා,කවි, ලෝක සංචාරයක් සහ කැනඩාවේ සංචාරයකට තොරතුරු, සාහිත්‍ය සහ ඉතිහාසය,  ශ්‍රී ලංකාවේ දේශපාලන කතාබහ සමාලෝචනයක්, ශ්‍රී ලංකාව පිළිබද විශේෂ ලිපියක්,  චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිළිබඳ ලිපියක්,  කැනඩාවේ ප්‍රජා තොරතුරු සේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිපියක් මේ යටතේ ඔබට කියවන්නට පුළුවන්. සතිපතා කෙරෙන පුවත් වාර්තාකරණයට දායකත්වය දක්වන්නේ ශ්‍රී ලංකාවේ හිරු ප්‍රවෘත්ති අංශය කලක් සේවය කළ නිරෝධ කාරියවසම්.




මාසිකව එකතුවන නිර්මාණ වෙනුවෙන් අපේ සහෝදර බ්ලොග් රචකයන් රැසක් තමන්ගේ ලිඛිත අවසරය ලබා දෙමින් අනගි මෙහෙයක් ඉටු කරනවා.කිසිදු ගෙවීමකින් තොරව ඔවුන් කරන ඒ සහයෝගය ශ්‍රී ලංකැන් නිව්ස් ඉදිරි ගමනට මහත් පිටිවහලක් බව සඳහන් කරන්නේ සතුටින්. සතියේ අමතර වේලාවක් සහ වෙහෙසක් ගෙන කරන මහත් කාර්යභාරයක්‌  වන මෙය " කියවා හිතන්නට යමක් ඉතුරු කරන පත්තරයක් " බවට පත් කරන්නේ ඒ දිරියයි. ඒ වෙනුවෙන් පහතින් නම් සඳහන් බ්ලොග් අඩවි සහ මුහුණු පොත් පිටු හිමි මහත්ම මහත්මීන් ට අපගේ ගෞරවණීය ස්තූතිය හිමිවෙනවා. එසේ පලවන කිසිදු නිර්මාණයක වෙනසක් නොකරන අතර මුලාශ්‍ර සහ බ්ලොග් සහ මුහුණු පොත් දිගු එකතු කර තිබෙන්නේ ඒ රසයෙන් උනන්දු වන පිරිසට ඔවුන්ගේ වෙනත් නිර්මාණ කියවා බලන්නයි.   



කියවන පිරිසගේ රස වින්දනය සහ උනන්දුව වැඩි කරමින් කවියට විශේෂ තැනක් දෙන්නට අප කටයුතු කර තිබෙනවා. මාසිකව පළවන “ පරිවර්තන කවි”  වෙනුවෙන් පරිවර්තන බ්ලොගයේ හිමිකරු රාජ්‍ය සමානලාභී පරිවර්තක නිලුක කදුරු ගමුවත්,  Hot chocolate Days  බ්ලොගයේ හිමිකාරිනිය ලේඛිකා හෙල්මලී ගුණතිලක ත් ,   “ සිංහල බ්ලොග් කවිමුතු “ නමින් නම් වන සිංහල බ්ලොග් කරුවන්ගේ කවි එකතුවට තට්ටයාගේ කොළම,සොඳුරු සඳවතී, කඩදාසි කොලේ, කටුසු හදවත,සංචාරේ, බස්සීගේ නවාතැන යන බ්ලොග් අඩවි වලින් හිමිකරු හිමිකාරිනියන් සහයෝගීත්වය දක්වනවා. මාසිකව නිකුත්වන කවි පිටු තුන(3) සංස්කරණය කරන්නේ කැනඩාවේ අප සමග වෙසෙන " සිතිවිලි මං පෙත"  බ්ලොග් හිමිකාරිනිය ලියෝනි අමරතුංගයි.


පරිවර්තන....Parivarthana

විශ්ව සාහිත්‍යයෙන් බිඳක් සිංහල අන්තර්ජාල පාඨකයා වෙත ගෙන ඒමට දරන වෑයමකි.

.


සිතිවිලි මංපෙත - Sithiwili Manpetha

හදවතෙහි තෙරපෙන සිතිවිලි ගිලිහී විත්, පත් ඉරුවක් මත මෙසේ දැහැන්ගත විය.


 

මාසිකව පළවන කෙටිකතා පිටුව කතන්දර තුනකින් සමන්විතයි. එයට අපේ “ සිංහල කෙටිකතාවක් “ , ජීවිතයේ විවිධ මතක අත්දැකීම් කැටිවුණු  “ ජීවන කතන්දරයක්”  සහ වෙනස් පරිසරයක වෙනත් බසකින් ලියැවුණු ජීවන අත්දැකීම් පිරි “ පරිවර්තිත කෙටි කතාවක් “  ඇතුලත්.  Transylvania,  තිලකසිත, බස්සීගේ නවාතැන, අධ්‍යාපන රසකතා, බකමූණු කතා, සොඳුරු සඳවතී,  තට්ටයාගේ කොළම,පරිවර්තන, Hot Chocolate Days   යන  බ්ලොග් හිමිකරුවන් සහ හිමිකාරිනියන් එයට සහයෝගීත්වය දක්වනවා.  


තිලක සිත

Thoughts of Tilakasiri Ekanayaka; tekanayaka@gmail.com. ජීවිත අත්දැකීම් හෝ ඇසූ දුටු දේ අනුසාරයෙන් ලියූ කෙටි කතන්දර එකතුවකි . පුද්ගල නාම,ස්ථාන නාම හා කාල වකවානු බොහෝවිට සත්‍ය ඒවා නොවේ

අධ්‍යාපන රසකතා

බස්සිගේ නවාතැන

රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්

සොඳුරු සඳවතී

නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන


THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column

හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !


සාහිත්‍ය සහ ඉතිහාසය වෙනුවෙන් මාසිකව වෙන්වන පිටුව වෙනුවෙන් මල් කැකුළු බ්ලොග් අඩවි හිමි ප්‍රවීණ මාධ්‍යවේදී පර්සි ජයමාන්න වගේම ‍ප්‍රවීණ සාහිත්‍යවේදී කරුණාරත්න අමරසිංහගේ මුහුණු පොතේ හරබර  සටහන් ඇතුළත් වෙනවා.







විවිධ පිටුවට ශ්‍රී  ලංකාවේ සහ ලෝකයේ විවිධ භාෂා වලින් නිර්මාණය වුනු චිත්‍රපට සහ වාර්තා වැඩ සටහන් ගැන තොරතුරු එකතු වෙනවා. ඒ සඳහා මූලාශ්‍ර මුහුණු පොතෙන් සහ විවිධ අන්තර්ජාල වෙබ් අඩවි වලින් එකතු වෙනවා.


මාසයකට වරක් කරන ලංකාවේ දේශපාලන තොරතුරු සමාලෝචනය වගේම ශ්‍රී ලංකාව ගැන කෙරෙන විශේෂ ලිපිය ලියන්නේ කලක් හිරු ටීවි ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ සේවය කළ නිරෝධ කාරයවසම්.  ශ්‍රී ලංකැන්  අපේ ලංකාවේ පුවත් නියෝජනය වන්නේ නිරෝධයි.


කැනඩාවේ ටොරොන්ටෝ අවට සමාජයට මහත් මෙහෙයක් කළ පුද්ගල චරිත ගැන වගේම කැනඩාවේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් විවිධ අරමුණු සහ සම්බන්ධතා මත පිහිටුවා ගත් ප්‍රජා සංවිධාන ගැනත් කැනඩාවට සංක්‍රමණය වන්නට බලාපොරොත්තු වන අයට අවශ්‍ය සියළු තොරතුරුත් මාසිකව වෙබ් ගතවන ප්‍රජා ලිපි 4  යටතේ ප්‍රකාශයට පත්වෙනවා.මෙම ලිපි රචනා කරන්නේ කැනඩාවේ වෙසෙන අශෝකා ජයලත් සහ කුමුදු රත්නවීර යන මහත්මීන් දෙපලයි. ඒ  යටතේ ටෝරොන්ටෝ අවට පැවැත්වෙන විවිධ විශේෂ අවස්ථාවල සේයාරූත් එකතු වෙනවා බොහෝ විට ඒ සේයාරූ ලබාදෙන්නේ ඡායාරූප ශිල්පී ජනක මොහාන් සොයුරා විසින්. 




ඉදිරියේදී ප්‍රජා පිටුවලින් ඉඩක් ශ්‍රී ලාංකික පිරිස් ජීවත් වන කැනඩාවේ වැන්කූවර්, කැල්ගරි සහ ඔටවා ප්‍රදේශවල අයටත් වෙන් කරන්නට අපි සූදානම්. ශ්‍රී ලංකාවේ භාවිතා  වන සියළු භාෂා නියෝජනය පිණිස මාසිකව දමිළ භාෂාවෙන් ලියැවුනු ලිපියක් එකතු කරන්නට අපේ සූදානමක් තිබෙනවා.  





ඉංග්‍රීසි භාෂාවෙන් පලවන මාසික ලිපිය විවිධ තේමා යටතේ ලියැවෙනවා.  Transylvania  බ්ලොගයේ හිමිකරු වන වෛද්‍ය රුවන් පී ජයතුංග සහ ආචාර්ය සරත් න්ද්‍රසේකර මහත්වරු ඒ වෙනුවෙන් දායකත්වය දක්වනවා. ව්‍යාපාරික හා ආර්ථික තොරතුරු විශ්ලේෂණයට ඉකොනොමැට්ටාගේ බොජුන් හල බ්ලොග් අඩවියේ සහයෝගිත්ව හිමිවෙනවා. ව්‍යාපාරික රියාස් රවුෆ්  මහතාත් විටින් විට එයට ලිපි එකතු කරනවා. අනුග්‍රාහකත්වය යටතේ යම් සීමා මායිම් තුල කැනඩාවේ ශ්‍රී ලාංකික පිරිස් වෙනුවෙන් ව්‍යාපාරික ලිපි ඉදිරිපත් කරන්නට කැමති අයට ඉඩක් දෙන්නත් අපට පුළුවන්. ඒ හරහා යම් ව්‍යාපාරික පණිවුඩයක් ගෙනයන ගමන්ම ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කරන්නත් පුළුවන්. 




වෙබ් පුවත්පතේ උපදේශකත්වය ප්‍රවීණ අධ්‍යාපනයවේදිනි ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර ලබාදෙනවා.  ශ්‍රී ලංකැන් නිව්ස් වෙබ් අඩවියේ සැකැස්ම නටාෂ් පීරිස් සහ කාවින්දි උපද්‍යා ගේ.වෙබ්  සැකැස්ම සහ තාක්ෂණික පවත්වාගෙන යාම , මුහුණු පොත් පිටුව සහ වට්ස්ඇප්  සමාජ ජාලා සම්බන්ධීකරණය කරන්නේ ලංකාවේ  කාවින්දි වනිගසේකර නැගණියයි.ඇයගේ සහයෝගයත් අපට අමතක කරන්නට බැහැ.


වීරාටෙක් ක්‍රියේෂන්ස්  ව්‍යාපාර සමූහයේ රූපණ මාධ්‍ය ජාලය යටතේ ශ්‍රී ලංකැන් නිව්ස් පුවත්පතේ ප්‍රකාශක වරයා ලෙස කටයුතු කරන්නේ වීරා ෆොන්සේකා මහතායි. ව්‍යාපාර අරමුණු වලින් එහා ගිය ප්‍රජා කටයුත්තක යෙදෙන රූපණ කණ්ඩායමේ සියළු දෙනාටත් මේ මොහොතේ ස්තූතිය පලකරන්න කැමතියි.  ශ්‍රී ලංකැන් නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක සහ පරිපාලන කාර්යභාරය ඉටු කරන්නේ අනුරුද්ධ වැලිගමගේ විසින් .  


අපට බොහෝ දේ අයකිරීමකින් තොරව ලැබුනත්, නිතර තොරතුරු වෙනස්වන  වෙබ් අඩවියක් පවත්වාගෙන  යාම යම් මාසික පිරිවැයක් දරන්නට වෙන දෙයක්.ඒ වෙනුවෙන් කරන වියදම් වලින් කොටසක් දරමින් මේ වනවිට අපට සහයෝගිතය ලබා දෙන්නේ රියාස් රවුෆ් සහ ඇන්ටන් ධර්මසිල්ලෙන් යන ව්‍යාපාරික දෙපලයි. අපේ ඉදිරි කටයුතු සහ අන්තර්ගතයේ විවිධත්වය වැඩි කිරීම වෙනුවෙන් ඕනෑම කෙනෙකුට අපට සහයෝගය ලබාදෙන්න පුලුවන්.ඔබේ බ්ලොග් අඩවියේ ලියැවුනු කවි, කෙටිකථා සහ ජීවන සටහන් අප පුවත්පතේ පලකරන්නට කැමති නම් ඒ බව කියන්න. ඔබේ අළුත් රචනා අපට එවන්නත් පුළුවන්. ඔබේ තෝරාගත් සටහන් වෙනස්කම් වලින් තොරව ඔබේ බ්ලොග් යොමුව සහිතව පලකරන්න අපි කැමතියි.


https://srilancan.ca/


මේ දිගුවෙන් ඔබටත් අපේ අන්තර්ජාල වෙබ් පුවත්පතට පිවිස ඒ  අපේ විවිධත්වයේ මුසුව කියවන්නට පුළුවන්.  මුහුණු පොත හරහා සතියෙන් සතිය අලුත් වන බැනර මගින් අලුත් තොරතුරු ගැන දැනගන්නට පුළුවන්. ඔබේ කියවීම අදහස් සහ ශ්‍රී ලංකැන්  අප මහත් සේ අගය කරනවා. එනිසා ඔබට දැනෙන අවංක අදහස් අපට ලියන්න. ඒවා අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේවි. 



සේයාරූ - 

අන්තර්ජාලයෙන්  Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.