මට
ඉරාන භාෂාවත් , රුසියානු භාෂාවත් ලියන්නටවත් කියවන්නටවත් බැරිය. ජර්මන් හෝ ප්රංශ බස කථා කරන්නට බැරිය. ඒත් ප්රංශයේ, ජර්මනියේ, රුසියාවේ හෝ ඉරානයේ ගමක වෙසෙන මිනිසුන් සහ ගැහැණුන් අතර සිදුවන පුද්ගල සම්බන්ධතා හෝ ඉන්දියාවේ මුම්බායි නුවර නාගරිකයින් අත්විදින දේ සේම තුර්කියේ ඉස්තාන්බුල් මධ්යම පාන්තිකයින් විදින ජීවිතය තේරුම් ගන්නට පුළුවන. ඒ
සදහා මට ඉඩ ලැබෙන්නේ සිනමාව තුලිනි. සංචාර සදහා ලෝකයේ විවිධ කලාපවල රට වලට ගොස් අත්දැකීම් එකතු කල හැකි වෙතත් ඉතා කෙටි කලකින්, අඩු වියදමකින් සුවිසල් අත්දැකීම් පරාසයක් විදින්නට මට භාෂාවලින් මායිමක් නැත්තේය. Subtitles මට නිරවුල් අදහසක්
දෙන අතරේම සිනමාව මට කතාන්තරය කියන්නේය.



සූරිය
අරණ

ශ්රී ලාංකික ළමා චිත්රපට අතර ජනප්රිය එකක් වූ මෙය දඩයක් කාරයෙකුගේ පුතා ටිකිරා නම් කුඩා පිරිමි දරුවෙකු සහ
ආරණ්‍ය විහාරවාසී ළමා හිමිනමක් අතර ඇතිවන මිතුරු දම පිළිබද කතාවකි. වනාන්තරය සහ සොබාදහමේ සුන්දරත්වය ඔප්නංවන අපූරු කතාවකි.
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..
https://en.wikipedia.org/wiki/Sooriya_Arana
චිත්රපටයේ ගීතයක් සදහා යු ටියුබ් දිගුව ….



Brooklyn

රැකියාවක්
නොමැතිව අයර්ලන්තයේ කුඩා ගමක සිටිනා තරුණියක් 1951 දී ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට සංක්රමණය වෙනවා. ඇය අළුත් ජීවිතයට හැඩ ගැසෙන්නට පුජකවරයේකුගේ උදව්වෙන් ඉගෙන ගන්නා අතරේ අයර්ලන්ත නැටුම් පන්තියේදී හමුවන ඉතාලි තරුණයෙකු සමග පෙමින් බැදෙනවා.
නිව්
යෝර්ක් නුවර ජීවිතය අතරේ හදිසියේම තම සොයුරිය මිය යාම නිසා ඇයට ආපසු අයර්ලන්තයේ සිටිනා මව වෙත යාමට සිදුවෙනවා. නැවත අයර්ලන්තයට යාමට පෙර ටෝනි සමග රහසිගතව විවාහ වන එලිස් අයර්ලන්තයේ ගත කරන සමයේදී තම සොයුරියගේ සේවා ස්ථානයට උදව් වන අතරේම විවාහ යෝජනාවක් ලැබෙනවා. තම මිතුරියගේ විවාහය නිසා ඇයට තම නිවාඩුව දික් කරගැනීමට සිදුවෙනවා. මේ සිදුවීම් අතරේදී තම විවාහය ගැන
මවට කියනා ඇය ටෝනි සමග එක්වීමට ඇමෙරිකාවට යනවා .
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..
https://en.wikipedia.org/wiki/Brooklyn_(film)
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….



Seni Seviyorum Adamim ( I love you Man – Turkish)
සිය
දිවි නසා ගැනීමට මුහුදට පනින පිලිකා රෝගයෙන් පීඩා විදින තරුණියක් ධීවර ගමක මැදි වියේ මිනිසෙකු විසින් බේරා ගන්නවා. ජීවිතය කලකිරී නගරයේ ජීවිතයෙන් පලා ආ සංගීත නිර්මාණ ශිල්පියෙකු වන ඔහු ඇයගේ ගීත දක්ෂතා දැක ඇගේ ගීතයක් පටිගත කරනවා. ඔහු හා පෙමින් බැදෙන ඇයට අගේ ජීවන සිහින සපුරා ගැනීමට ඔහු කරන උදව් ඇතුලත් වෙනස්ම ආදර අන්දරයක් විදිහට මේ තුර්කි චිත්රපටය සදහන් කරන්න පුළුවන්. ඔබ හින්දි චිත්රපට ලෝලියෙක් නම් තුර්කි චිත්රපට වලටත් ඇළුම් කරාවි.
Cast

චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….
චිත්රපටයේ යු ටියුබ් දිගුව …. ( With English Subtitles )


Three Colours trilogy ( French/Polish)

නිල්
, සුදු සහ රතු ප්රංශ ධජයේ පාට වලින් නම් වුනු මේ චිත්රපට ත්රිත්වය ප්රංශ සහ පෝලන්ත භාෂා වලින් නිමැවී තිබෙනවා. ඉන් රතු පැහැ චිත්රපටය සම්මාන සදහා නිර්දේශිත එකක්. ප්රංශ රජයේ තේමා පාටයේ අරුත් තුනට ගැලපෙන අයුරින් මේ නිර්මාණ 3 නිමවා තිබෙනවා.
| Three Colours trilogy |
|---|
 |
| Directed by | Krzysztof Kieślowski |
|---|
| Produced by | Marin Karmitz |
|---|
| Written by | |
|---|
| Starring | |
|---|
| Music by | Zbigniew Preisner |
|---|
| Cinematography | |
|---|
| Edited by | Jacques Witta |
|---|
Production companies | |
|---|
| Distributed by | - MK2 Diffusion (France)
- Rialto Film (Switzerland)
|
|---|
Release date | - 8 September 1993 (Blue)
- 26 January 1994 (White)
- 8 February 1994 (Red)
(France) |
|---|
Running time | 288 minutes |
|---|
| Country | |
|---|
| Language | |
|---|
| Box office | $6.1 million (total) |
|---|
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..
https://en.wikipedia.org/wiki/Three_Colours_trilogy
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව …
නිල්
පැහැය චිත්රපටයේ ප්රධාන චරිතය ජුලී ගේ සැමියා සහ දියණිය රිය අනතුරකින් මිය යනවා. ප්රංශ කොඩියේ නිල් පැහැය අරුත් දක්වන අයුරින් ජීවිතයේ සියළු බාධක මැද දුක සහ අහිමි වූ ආදරය මැද සියදිවි නොනසා ගෙන තම ජීවිතය ගොඩනගන චරිතයක් මෙහි පෙන්වනවා.
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..
https://en.wikipedia.org/wiki/Three_Colours:_Blue
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….
සුදු
පැහැය චිත්රපටයේ කැරොල් පෝලන්තයෙන් ප්රංශයට පැමිණි කොණ්ඩා මෝස්තර ශිල්පියෙක්. සිය බිරිද දික්කසාද කිරීම නිසා අසරණ වන ඔහුගේ ජීවිතය විවිධ ඉසව් කරා ගොස් පෝලන්තයටත් ආපසු පැරිසියටත්
පැමිණ පැරණි බිරිද සොයා එනවිට ඇය ඉන්නේ හිර ගෙදරකයි. සමානාත්මක භාවය මේ චිත්රපටයේ තේමාවයි.
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..
https://en.wikipedia.org/wiki/Three_Colours:_White
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….
රතු
පැහැය චිත්රපටය මිත්රශීලී භාවය එකිනෙකාට උදව් කරගැනීම යන ප්රංශ කොඩියේ රතු අරුත සිහි ගන්වනවා . ජිනීවා සරසවියක ඉගෙනුම ලබන වැලන්ටයින් ගේ සහකරු ඉන්නේ ලන්ඩන් නුවරයි. එකිනෙකාගේ උදව් ඇතිව ජීවිතය ගෙනයන ඇය අවසානයේදී සහකරු කරා යන ගමන මෙහි කියැවෙනවා.
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …...
https://en.wikipedia.org/wiki/Three_Colours:_Red
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….


Masaan

එකිනෙකට
වෙනස් කථා 2 ක් මේ චිත්රපටය මැද දී
එකතුවෙනවා.
පළමු
කොටසේදී නගරයේ හෝටල් කාමරයකට රිංගන ජෝඩුවක් පොලිස් වැටලීමකදී අහු වෙනවා. ලැජ්ජාව නිසා පිරිමියා සිය දිවි නසා ගන්නවා. දේවි තරුණිය බේරා ගැනීමට පොලිස් නිලධාරියා අල්ලස් ඉල්ලන්නේ තමන්ගේ දුරකථනයේ ඇති පටිගත කිරීම් පියාට පෙන්වමින්.
දෙවන
කොටසේදී වාරානාසි නුවර මිනී ආදාහනය කරන පවුලක උගත් පිරිමි ළමයෙක් වන දීපක් ශාළු නම්
තරුණියක් සමග පෙමින් බැදෙනවා. හදිසියේම
පවුලේ අය සමග ගිය චාරිකාවකදී වන බස් අනතුරින් ශාලු මියයනවා. දීපක් ඇගේ දේහය දැක කලකිරෙනවා. ඔහු නගරය අත්හැර යනවා .
මියගිය
ප්රේමවන්තයා සිහි කරන්නට සැමරුම් දිනයේදී ගංගා ගග අසලට එන දේවි හඩමින් සිටිනා හැටි දකින ගං ඉවුරේ ඉන්නා දීපක් ඇයට වතුර බොන්නට දෙනවා. එතැන ඉන්නා බෝට්ටු කරුවෙක් මේ යුවලට සංගම් නම් අනුභාව ස්ථානයට යන චාරිකාවට ඇරයුම් කරනවා .
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..


සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
