එක්දහස් නමසිය හතලිස් පහේදී දෙවන ලෝක යුද්ධය නිමාවන විට එයට වියදම් වූ වියදම වශයෙන් සඳහන් වන්නේ වර්තමාන මුදලින් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන හතරක් (4,000,000,000,000.). 1939 -1945 කාලයේදී ලෝකයේ එයට වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1,301,316 ක්. ඉන් වැඩිම වියදමක් කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ ඩොලර් බිලියන 341,491ක් . යුද්ධයන් දියත් කළ බවට චෝදනා ලබන ජර්මනිය වියදම් කර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 270,000 ක් සහ ජපානය ඩොලර් බිලියන 56,000 වශයෙන්.
යුධ වියදම් පිළිබඳ වැඩි විස්තර සඳහා මේ දිගුව බලන්න.
https://historyandheritage.cityofparramatta.nsw.gov.au/research-topics/world-war-two/world-war-two-financial-cost
.jpg)

වටිනාකමක් කිව නොහැකි මිනිස් ජීවිත මිලියන 53 ක් පමණ ඒ යුද්ධය නිසා ලෝකයට අහිමිව ගියා. ඉන් මිලියන 15ක් විවිධ රටවල හමුදා නිලධාරීන්. ඒ අතරේම යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන් ප්‍රමාණය මිලියන 38 කට අධිකයි.. යුද්ධයේදී ජර්මනිය ඇතුළු නාසි කණ්ඩායමේ රටවල් සේම මිත්‍ර පාක්ෂික රටවල් කළ කිසිදු ක්‍රියාවක් ක්‍රියාවක් සාධාරණීකරණය කළ නොහැකි සේම එවැන්නක් සිදු නොවූවා නම් යහපත් කියන මතයේ පිහිටා ඉතිහාසය දෙස බලන්නට කැමතියි.ජර්මනිය ජපානය, ඉතාලිය දෙවන ලෝක යුද්ධයට ඇද දැමුවේ එකල ලෝකයේ ක්‍රියාත්මක වුණු බල අරගලය නිසා අප මතුපිටින් දකිනවාට වඩා විශාල පසුබිම් කතා රැසක් දෙවන ලෝක යුද්ධය පසුපස සේම අද වන විට ලෝකය පුරා ක්‍රියාත්මක වන යුද ගිනිදැල් අතරේත් හැංගිලා තියෙන හින්ද හුදු මාධ්‍යය වාර්තාකරණයෙන් ඔබ්බට ගිහින් මැදිහත්ව එය බලනවා නම් පැහැදිලි චිත්‍රයක් දැකගන්න පුළුවන්.
දෙවන ලෝක යුධ සමයේ මිනිස් ඝාතන සහ ආබාධිත අයවලුන්ගේ වැඩි විස්තර සඳහා මේ දිගුව බලන්න.
https://www.nationalww2museum.org/students-teachers/student-resources/research-starters/research-starters-worldwide-deaths-world-war


ඒ කොහොම වුණත් එක්දහස් නමසිය තිහ දශකයේ දී දෙවන ලෝක යුද්ධය නිසා ඉදිකිරීම් සහ කාර්මික අංශයේ අති විශාල සංවර්ධනයක් සිදුවූ බව කියන්නට පුළුවන්. ඒ යුද්ධයෙන් පසු විනාශ කළ සමහර දේ අතරේ තාක්ෂණ රහස් සැගව ගියත් එදා තිබූ ඒ තාක්ෂණය සොයාගැනීම සදහා අදත් පර්යේෂකයන් විශාල සංඛ්‍යාවක් විවිධ පර්යේෂණ සිදු කරනවා. ඒවා ඇසුරින් ඇමෙරිකාවේ ඩිස්නි සමාගමට අයත් National Geographic නාලිකාව 2013 - 2019කාලයේදී නිෂ්පාදනය කළ Nazi Megastructures වෙනස්ම වාර්තා වැඩසටහන් පෙළක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මේ වැඩසටහන් පෙළ Nazi Mega Weapons සහ WW2 Mega Weapons නමිනුත් විකාශය වී තිබෙනවා.


Seasons හයක් පුරා වැඩසටහන් තිස්නමයකට (39) කැටිවුණු මේ වැඩසටහන් පෙළ හරහා ජර්මනිය සහ ජපානය යුද්ධයක් පටන් ගත්තේ ඇයි? . ඔවුන්යුද්ධයට කළ පෙර සූදානම. පියවරෙන් පියවර යුද්ධය ඉදිරියට ගිය ආකාරය, යුරෝපයේ ඇවිලෙමින් තිබූ යුද්ධයට ඇමෙරිකාව සම්බන්ධ වුණේ ඇයි? රුසියාව, ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔවුන්ගේ යටත් යටත් විජිත රටවල් යුද්ධය මැඩ පැවැත්වුයේ කොහොමද?. ජපානය සහ ජර්මනිය යුද්ධයෙන් පරාද වුණේ ඇයි ? කියන ප්‍රශ්න රැසකට ලෝකය පුරා තැනින් තැනකින් කෙරුණු ඉදිකිරීම් ඇසුරින් ජර්මනිය සහ ජපානය පැත්තේ සිට කෙරෙන විවරණයක් විදිහට මේ වැඩසටහන මේ නිර්මාණය වී තිබෙනවා.
ඉතිහාස වාර්තාකරුවන්, යුධ විශේෂඥයන්, හිටපු යුද නිලධාරීන් රැසකගේ දායකත්වයෙන් ලොව වටා තැනින් තැනට අපව ගෙනයමින් මේ වනවිට ඒ ස්ථාන දකින්නට තිබෙන තත්ත්වයේ සිට එදා යුද්ධය පැවති කාලයේ තිබුණු පටිගත කළ දර්ශන ඇසුරින් දියුණු ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කර ගනිමින් එදා පැවති තත්වය ප්‍රතිනිර්මාණය කරන්නට ඔවුන් දරන උත්සාහය අති විශිෂ්ටයි. මෙය ඇමෙරිකානු නිෂ්පාදනයක් නිසා මෙහි සාධාරණත්වය ගැන සියයට සීයක් වගකීමක් හිතන්නට අසීරු වුනත් මෙතුලින් යුද්ධයේ ප්‍රායෝගික භාවිතාව පිළිබඳව යම් අවබෝධයක් ගන්නට පුළුවන්.
https://en.wikipedia.org/wiki/Nazi_Megastructures
.jpg)

යුද්ධයට සජීවීව සම්බන්ධ වුණු හිට්ලර්, හිරෝහිතෝ අධිරාජයා සහ සමහර තෝරාගත් නිලධාරීන් පිරිසක් නිරූපණය කරන්නට නළුවන් යොදා ගනිමින් වැඩසටහන තුළින් කරන රඟ දැක්වීම හින්දා සමහර වෙලාවට මේ වැඩසටහන බලන විට ඔබ දෙවන ලෝක යුද්ධය සමයේ ඉන්නවා වගේ දැනෙනවා. ඒ ඒ වැඩසටහන අවසානයේ දී යුද්ධයෙන් පසු එහි කථාබහට ලක්වුණු නිලධාරීන්ගේ යුද්ධයෙන් පසු වතගොත පවා ඉදිරිපත් කර තිබෙන්නේ කැමති අයට තවත් විස්තර සොයා ඒ ගැන තහවුරු කරගැනීමක් කරගන්නටයි . ඔබට මේ වැඩසටහන් පෙළේ වැඩි විස්තර මේ දිගුවෙන් දැනගන්න පුළුවන්.
https://www.tvguide.com/tvshows/nazi-megastructures/cast/1000541794/#google_vignette
භූමිය තමන් පාලනය කරන සෘජු යටත් විජිත වාදයෙන් මිදී, තමන්ගේ පාලනයට යටත් දේශීය පිරිසකට රටවල් භාරදෙමින් එක්සත් රාජධානිය ප්‍රමුඛ යුරෝපා රටවල් කළ බල හුවමාරුව ගැනත් , යුද්ධයෙන් පස්සේ දෙපිල බෙදා ගනිමින් කළ ශීතල යුද්ධයට හේතුවත් , වර්තමානයේ ලෝකය පාලනය කරන වෙළඳ යටත් විජිත වාදය ගැනත් අවබෝධයක් ගන්නමේ වැඩ සටහන් පෙල පූර්වාදර්ශයක් කරගන්න පුළුවන්.
යුද්ධයට වියදම් කරන්න සල්ලි හොයාගත්තේ කොහොමද?. ඒ වියදම් ආවරණය කර ගත්තේ කොහොමද? න්‍යෂ්ටික බෝම්බ සහ රසායන අවි භාවිතයට විරුද්ධව ගත් ක්‍රියාමාර්ග මොනවාද? ජපන් අධිරාජයා යුධ අධිකරණයට නොගෙන ආවේ මන්ද කියන ප්‍රශ්න වලට පිළිතුරු තිබෙන වැඩසටහන් මේ දවස් වල හොයමින් ඉන්නවා.
මේ නිවාඩු කාලයේ ඉඩක් තිබුණොත් ඔබත් බලන්න.
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
