යුධ වියදම් පිළිබඳ වැඩි විස්තර සඳහා මේ දිගුව බලන්න.
https://historyandheritage.cityofparramatta.nsw.gov.au/research-topics/world-war-two/world-war-two-financial-cost
වටිනාකමක් කිව නොහැකි මිනිස් ජීවිත මිලියන 53 ක් පමණ ඒ යුද්ධය නිසා ලෝකයට අහිමිව ගියා. ඉන් මිලියන 15ක් විවිධ රටවල හමුදා නිලධාරීන්. ඒ අතරේම යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන් ප්‍රමාණය මිලියන 38 කට අධිකයි.. යුද්ධයේදී ජර්මනිය ඇතුළු නාසි කණ්ඩායමේ රටවල් සේම මිත්‍ර පාක්ෂික රටවල් කළ කිසිදු ක්‍රියාවක් ක්‍රියාවක් සාධාරණීකරණය කළ නොහැකි සේම එවැන්නක් සිදු නොවූවා නම් යහපත් කියන මතයේ පිහිටා ඉතිහාසය දෙස බලන්නට කැමතියි.ජර්මනිය ජපානය, ඉතාලිය දෙවන ලෝක යුද්ධයට ඇද දැමුවේ එකල ලෝකයේ ක්‍රියාත්මක වුණු බල අරගලය නිසා අප මතුපිටින් දකිනවාට වඩා විශාල පසුබිම් කතා රැසක් දෙවන ලෝක යුද්ධය පසුපස සේම අද වන විට ලෝකය පුරා ක්‍රියාත්මක වන යුද ගිනිදැල් අතරේත් හැංගිලා තියෙන හින්ද හුදු මාධ්‍යය වාර්තාකරණයෙන් ඔබ්බට ගිහින් මැදිහත්ව එය බලනවා නම් පැහැදිලි චිත්‍රයක් දැකගන්න පුළුවන්.
https://www.nationalww2museum.org/students-teachers/student-resources/research-starters/research-starters-worldwide-deaths-world-war
ඒ කොහොම වුණත් එක්දහස් නමසිය තිහ දශකයේ දී දෙවන ලෝක යුද්ධය නිසා ඉදිකිරීම් සහ කාර්මික අංශයේ අති විශාල සංවර්ධනයක් සිදුවූ බව කියන්නට පුළුවන්. ඒ යුද්ධයෙන් පසු විනාශ කළ සමහර දේ අතරේ තාක්ෂණ රහස් සැගව ගියත් එදා තිබූ ඒ තාක්ෂණය සොයාගැනීම සදහා අදත් පර්යේෂකයන් විශාල සංඛ්‍යාවක් විවිධ පර්යේෂණ සිදු කරනවා. ඒවා ඇසුරින් ඇමෙරිකාවේ ඩිස්නි සමාගමට අයත් National Geographic නාලිකාව 2013 - 2019කාලයේදී නිෂ්පාදනය කළ Nazi Megastructures වෙනස්ම වාර්තා වැඩසටහන් පෙළක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මේ වැඩසටහන් පෙළ Nazi Mega Weapons සහ WW2 Mega Weapons නමිනුත් විකාශය වී තිබෙනවා.
Seasons හයක් පුරා වැඩසටහන් තිස්නමයකට (39) කැටිවුණු මේ වැඩසටහන් පෙළ හරහා ජර්මනිය සහ ජපානය යුද්ධයක් පටන් ගත්තේ ඇයි? . ඔවුන්යුද්ධයට කළ පෙර සූදානම. පියවරෙන් පියවර යුද්ධය ඉදිරියට ගිය ආකාරය, යුරෝපයේ ඇවිලෙමින් තිබූ යුද්ධයට ඇමෙරිකාව සම්බන්ධ වුණේ ඇයි? රුසියාව, ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔවුන්ගේ යටත් යටත් විජිත රටවල් යුද්ධය මැඩ පැවැත්වුයේ කොහොමද?. ජපානය සහ ජර්මනිය යුද්ධයෙන් පරාද වුණේ ඇයි ? කියන ප්‍රශ්න රැසකට ලෝකය පුරා තැනින් තැනකින් කෙරුණු ඉදිකිරීම් ඇසුරින් ජර්මනිය සහ ජපානය පැත්තේ සිට කෙරෙන විවරණයක් විදිහට මේ වැඩසටහන මේ නිර්මාණය වී තිබෙනවා.
ඉතිහාස වාර්තාකරුවන්, යුධ විශේෂඥයන්, හිටපු යුද නිලධාරීන් රැසකගේ දායකත්වයෙන් ලොව වටා තැනින් තැනට අපව ගෙනයමින් මේ වනවිට ඒ ස්ථාන දකින්නට තිබෙන තත්ත්වයේ සිට එදා යුද්ධය පැවති කාලයේ තිබුණු පටිගත කළ දර්ශන ඇසුරින් දියුණු ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කර ගනිමින් එදා පැවති තත්වය ප්‍රතිනිර්මාණය කරන්නට ඔවුන් දරන උත්සාහය අති විශිෂ්ටයි. මෙය ඇමෙරිකානු නිෂ්පාදනයක් නිසා මෙහි සාධාරණත්වය ගැන සියයට සීයක් වගකීමක් හිතන්නට අසීරු වුනත් මෙතුලින් යුද්ධයේ ප්‍රායෝගික භාවිතාව පිළිබඳව යම් අවබෝධයක් ගන්නට පුළුවන්.
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
ඉතාමත් වටිනා තොරතුරු ගොඩක්. ස්තූතිය ඔබට මේ සඳහා වූ වෙහෙසට.
ReplyDeleteජයවේවා !!!
දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Deleteවාර්ථා වැඩ සටහන බලන්නම ඕන!
ReplyDeleteමංජුල ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. බලන්න.ගොඩක් විස්තර දැනගන්න පුළුවන් වේවි.
Deleteබල අරගල වලට කෙලකෝටි ගණනින් මුදල් වියදම් කරල අනතිමේ ලබාගත් බලයකුත් නෑ. එහි නැවතුමකුත් නෑ!
ReplyDeleteමේ වයෙ වාර්ථා කොයිම විදිහකට හරි සටහන් වෙන එක වටිනව. වඩාත් වටිනව... සලරැවක් විදිහට තියෙන එකත්
ඒ උනත් අයියෙ මෙයත් නොබලන ගොන්නට වැටෙනව. මොකද මේ ටිකේම සිනමා, වැඩසටහන්, වාර්තා බැලීම අත්හිටුවල තියෙන්නෙ. ඒත් ඔන්න පෝස්ට් එක කියෙව්වා!
Deleteනමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ හරි , යුද්ධයේ අර්ථවත් නොවන බව මිනිස්සු දැනගෙන හිටියත් කවදාවත් ඔය බල අරගලය ඉවර වෙන එකක් නම් නැහැ.
Deleteහොඳ විස්තර ටිකක්. අර ලොකු කාල තුවක්කුව "බිග් බර්තා" නේද? ඉතිහාසය ලියැවෙන්නේ ජයග්‍රාහිකන් අතින් පමණි කියල කතාවක් තියනවා. යුධ වලට ඇති අකමැත්ත නිසා බලන එකක් නෑ. ඒත් ස්තූතියි, විස්තරේට
ReplyDeleteබසු මහත්තයා ඒ බිග් බර්තා තමයි. ඒ කාලෙ හැටියට විශාල වැඩක්. තව ඔය වගේ පර්යේෂණ විශාල ගණනක් මග නැවතිලා තියෙනවා. රජ , අධිරාජ්‍යය කියන මානසිකත්වය හරිම භයානක එකක්.
Deleteමම එපිසෝඩ් දෙක තුනක් බැලුව. දෙවන ලෝක යුද්ධය ගැන නෙට්ෆ්ලික්ස් එක්කෞත් යනවා. මමත් හරි කැමතියි මේවා බලන්න.
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. මහා බ්‍රිතාන්‍යය දෙවන ලෝක යුද්ධයට උපක්‍රමශීලීව සෑහෙන දායකත්වයක් දැරූ හින්ද ඒ බොහෝ තැන් ඔබ දකින්නට ඇති කියල හිතෙනවා. අත්හැර දමන ලද තැන් වල අභිරහස් - Mysteries of the abandoned වල එවන් තැන් රැසක් දැක්කා.
Delete