මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 23, 2019

දේදුන්නේ පාට පාටින් ආදරේ මල්දම්……අනුරුද්ධ වැලිගමගේ ....කවි......


Related image

දේදුන්නේ පාට පාටින් ආදරේ මල්දම්……


දේදුන්නේ පාට පාටින් ආදරේ මල්දම්
කදුරැල්ලේ සීත මීදුම් තීරයේ හැඩනම්
විසිරීලා හිනැහීලා හීනයක් වාගේ
යව්වනයේ හසරැල්ලේ ප්රේමයේ අන්දම් ......


පිණි ඉහිරෙන රළ අතරේ මහා සාගරේ
තැන තැන මතුවී එනවා සුදු පෙණ දහරේ
පොපියන හිත දගලන හිත හීනයක් වාගේ
ඉපදෙනවා නැතිවෙනවා ප්රාර්ථනා ආලේ ....


පෙම් සිතුවිලි හැඩ කරනා ගගදිය අතරේ
සද රැස් වන්නමක් නටයි නිල් දිය වතුරේ
හැඩ වීලා නැලවීලා හීනයක් වාගේ
යව්වනයේ මල් පුබුදයි ජීවිතේ අපගේ …..


අනුරුද්ධ වැලිගමගේ 

Image result for couple in swiss alps

8 comments:

  1. හරිම ලස්සනයි. අකූරැකරනයෙදි සුළු අඩුපාඩු කීපයක් නිවැරදි කළයුතු බව සඳහන් කරන්නේ ඉතාමත් කරැණාවෙන් මල්ලී.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මම අකුරු කරන ගුගල් ආදාන මෙවලමේ සමහර අකුරු හුවමාරුවේදී අඩුපාඩු තියෙනවා . ඒත් අඩුපාඩු ලියන්න . ඒවා හදාගෙන ඉස්සරහට යන්න මම කැමතියි .

      Delete
  2. කවි පෙළ අදාළ පරිසරයට හොඳින් ගැලපෙනවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වීරසේකර මහත්මා

      Delete
  3. Replies
    1. සදවති බොහොම ස්තුතියි ප්‍රතිචාරයට . මේ දවස්වල ටිකක් කාර්යබහුලයි . කලකින් අනෙක් බ්ලොග් වලට ගොඩ වැදෙන්න ඉඩක් ලැබුනේ නැහැ . ඉඩක් ලැබුණාම ඇවිත් යන්නම් .

      Delete
  4. හරිම ලස්සනයි .

    "ඉපදෙනවා නැතිවෙනවා ප්‍රාර්ථනා ආලේ ...."

    ReplyDelete
    Replies
    1. කලණ ඔබේ දිරිගැන්වීමට ස්තූතියි .

      Delete