වාලම්පුරියෙන් ඇරබුණු නව ගමන
එදා රෑ ට කල එළිවී ඇත මෙදින
ඉතිහාසයත් ප්‍රේමය හා මුසු කෙරුන
ආපහු ගලනවා ගිලිහුණු ජන ගමන
ක්ලැරන්ස් සිංදු වාගේම මිල්ටන් ගී අහලා
ෆාදර් බලා පාතාලය සිහි කරලා
රිවස්ටන් එක්ක භීෂණ යත් බලලා
ආසු බලනකොට නම් කදුළුත් වැටිලා
ඩාක් කොමඩි ශානරයේ නෙළුම් කුළුණ යට
මෝඩ තරිදු බැලූ අයට දැනුණු හිනා කැට
වීදි කොනේ අභිසාරිට ලැබුනු සවියකට
අළුත් ඈයෝ ගේනවාලු සෙනගත් හරියට
අනුරුද්ධ වැලිගමගේ
2026 නොවැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.


.jpg)





.jpg)
.jpg)

No comments:
Post a Comment