මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 7, 2019

නොමැකෙන ගී රස - පළමු අදියර

Music Artistic Abstract HD Wallpaper - Wallpaper Stream


කවියක් කියවා රසවිදින්නට පුළුවන්. ජනකවියක් අසා රසවිදින්නට පුළුවන්. සමහර ගීත අසා රසවිදිනවාට අමතරව කියවා  රසවිදින්නටත් පුළුවන්. ගීතයක් අපට ඇහෙන්නේ තුන් ඇදුතු පුද්ගල සම්බන්ධතාවයක් නිසයි. ගීතය ඔබට ගෙනෙන ගායකයා, වෙනුවෙන් මනරම් තනුවක් නිර්මාණය කල සංගීත නිර්මාපකයා සේම මනරම් පදවැලක් ලියු ගීත රචකයින් නිසා.
බොහෝ වෙලාවට ගීත නම්වන්නේ ගායක ගායිකාවන්ගේ නමින් හින්ද එහි රචකයින් සහ සංගීත නිර්මාණ ශිල්පීන් ගැන කථා කෙරෙන්නේ අඩුවෙන්. ජාතික රූපවාහිනියේ, ස්වාධීන රූපවාහිනියේ සහ සමහර පෞද්ගලික නාලිකාවල ඉදහිට ගීත රචකයින් ගැන සංගීත නිර්මාණ ශිල්පීන් ගැන කතිකාවතක යෙදෙන වැඩසටහන් ඉදිරිපත් කෙරුණා.   

Image result for Music"

ලංකාවේ රූපවාහිනී නාලිකාවල තරම් සම්පත් නැති හින්ද තිබෙන සීමිත සම්පත් සම්බන්ධීකරණය කර ගනිමින් රූපණ අන්තර්ජාල රූපවාහිනිය හරහා ගීත රචකයින්ගේ නිර්මාණ ගැන වැඩසටහනක් කරන්නට මට ඉඩ ලැබුණා. නොමැකෙන ගී රස එහි ප්රථිපලයයි.
පළමු අදියර යටතේ අප අතරින් වියෝවූ ගීත රචකයින් දෙපලක් සහ මව්ගුණ සහ පියගුණ ගැන අප කතාකලා. අදියර දෙකක් යටතේ මේ වන විට වැඩසටහන් 8 ක් නිෂ්පාදනය කරන්නට අපට හැකිවුණේ රූපණ විධායක නිෂ්පාදක වීරා ෆොන්සේකා ගේ කැපවීම සහ හිටපු අධ්යක්ෂක දිනේෂ් පිරිස් ගේ වෙහෙස නිසා. 

Music Art - Wallpaper, High Definition, High Quality, Widescreen


පරිශ් අනුග්රහය -
 ගාමිණී අබේසිංහ සහ චමරි අබේසිංහ යුවල සහ පුබුදු සහ මංජුලා ආරියරත්න යුවල.

Image result for mahagama sekara"

පළමු වැඩසටහන - නොමියෙන සේකර

Image result for mahagama sekara"

අන්තර්ජාලයට මුදා හැරියේ - 2017 අප්රේල් 22

sekara Instagram posts (photos and videos) - Picuki.com

ඉදිරිපත් කිරීම - අනුෂා ගම්මුදලි
                      රූපණ අන්තර්ජාල රූපවාහිනියේ ප්‍රමුඛ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන අනුෂා දක්ෂ ගායිකාවක ද වනවා

Image result for anusha gammudali"

සම්පත් දායිකාව - ආචාර්ය ස්වර්ණා රත්නායක චන්ද්රසේකර

Image result for swarna chandrasekere sawana

පේරාදෙණිය විශ්ව විද්යාලයෙන්   උපාධිය ලබන ස්වර්ණා චන්ද්රසේකර මහත්මිය කැනඩාවේ වෙසෙන ශ්රී ලාංකික ප්රජාවට නිහඩව විශාල සේවයක් කරන චරිතයක්. ඇය ගුරුවරියක,  අධ්යාපන විද්යා පීඨ කථිකාචාර්යවරියක, ජාතික අධ්යාපන ආයතනයේ විෂය මාලා සංවර්ධන මධ්යස්ථානයේ  සම්පත් දායිකාවක්  ලෙස ශ්රී ලංකාවේදී බුහුමනට පාත් වූ චරිතයක්. විශේෂයෙන්ම ළමා පෞර්ෂ සංවර්ධනය සම්බන්ධ විශේෂඥ වරියක වන ඇය ළමා සාහිත් සම්බන්ධ  1988 රාජ් සාහිත් සම්මානය දිනා තිබෙන ගත් කතුවරියක්  ඇය මේ වනවිට පොත්  10 ක්  ප්රකාශයට පත් කර තිබෙනවා.
 1989 සිට කැනඩාවේ පදිංචිව සිටින ඇය එඩ්වඩ් කුමාර දිවයිනේ පුස්තකලාධිපතිනියකව ලෙසින්ද  අත්දැකීම් එකතුකරගෙන තිබෙනවා. මේ වනවිට විශ්රාම සුවයෙන් පසුවෙතත් සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විශ්ව කාන්තා සාහිත්යය තුලින් සහ දසත සහ යාත්රා පුවත්පත හරහා විවිධ ශාස්ත්රීය ලිපි තුලින් සක්රීය නිර්මාණකරණයේ යෙදී සිටිනවා.


සංගීත අධ්යක්ෂණය - ශ්රී ලංකා ගුවන් විදුලි වාදක මණ්ඩල හිටපු සාමාජික සුනිල් ජයසිරි
ගීතය-  ඔබේ නමින් සැය බදිමි අමරදේවයන්.
            මුල් ගායනය විශාරද ඩබ්ලිව්  ඩි අමරදේව
ගීත ගායනය - රෝහණ දිසානායක සහ පිරිස
පසුබිම් කථනය - අනුරුද්ධ වැලිගමගේ

Image result for moms"

දෙවන  වැඩසටහන - සිංහල ගීතයේ මව් ගුණ ලකුණ

Image result for moms"

අන්තර්ජාලයට මුදා හැරියේ - 2017  මැයි 20

Image result for moms"

ඉදිරිපත් කිරීම - අනුෂා ගම්මුදලි
                      රූපණ අන්තර්ජාල රූපවාහිනියේ ප්‍රමුඛ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන අනුෂා දක්ෂ ගායිකාවක ද වනවා

සම්පත් දායකයා - චන්ද්රරත්න බණ්ඩාර

Image result for chandrathna bandara"

කවියෙකු, නවකථා කතුවරයෙකු, ආයතන කිහිපයක මාධ් අධ්යක්ෂවරයෙකු සහ  මාර්ග ආයතනයේ සහ රාවය පුවත්පතේ පුවත්පත් කලාවේදියෙකු වන චන්ද්රරත්න බණ්ඩාරගේ වලාකුළු බැම්ම මේ වනවිට සිනමාවට නැගෙමින් තිබෙනවා. ඔහුගේ විචාර කලාව ඉරණම්විල බ්ලොග් අඩවියෙන් කියවන්නට පුළුවන්.

Iranamvila

වසර 11 ක් පුරා මාසිකව කැනඩාවේ නිකුත්වන යාත්රා පුවත්පතේ කතුවරයා ඔහුයි.

Image result for yaathra newspaper canada


සංගීත අධ්යක්ෂණය - ශ්රී ලංකා ගුවන් විදුලි වාදක මණ්ඩල හිටපු සාමාජික සුනිල් ජයසිරි
ගීතය -  අම්මාවරුනේ....
              මුල් ගායනය- නන්දා මාලනී

 ගීත ගායනය - අනෝජා මකුලොළුව 
පසුබිම් කථනය - අනුරුද්ධ වැලිගමගේ

Image result for dad"


 තෙවන වැඩසටහන - සිංහල ගීතයේ පිය ගුණ ලකුණ

Image result for dad"

අන්තර්ජාලයට මුදා හැරියේ - 2017  ජුනි  17

Image result for dad"

ඉදිරිපත් කිරීම - අනුෂා ගම්මුදලි
                      රූපණ අන්තර්ජාල රූපවාහිනියේ ප්‍රමුඛ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන අනුෂා දක්ෂ ගායිකාවක ද වනවා

සම්පත් දායිකාව - චමරි අබේසිංහ

Image result for chamari abeysinha"

ලේක්හවුස් ආයතනයේ හිටපු ලේඛිකාවක වන චමරි අබේසිංහ වසර 10 ක් පුරා කැනඩාවේ පලවන දසත සිංහල මාසික පුවත්පතේ සංස්කාරක වරිය වෙනවා.

Image result for dasatha publications

සංගීත අධ්යක්ෂණය - ශ්රී ලංකා ගුවන් විදුලි වාදක මණ්ඩල හිටපු සාමාජික සුනිල් ජයසිරි

ගීතය -   රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ...

              මුල් ගායනය- සුනිල් එදිරිසිංහ 
ගීත ගායනය - රෝහණ දිසානායක
පසුබිම් කථනය - අනුරුද්ධ වැලිගමගේ

Image result for premakeerthi de alwis"

සිව්වන   වැඩසටහන - සමරවීර මුදලිගේ දොන් ප්රේම කීර්ති අල්විස්.

Image result for premakeerthi de alwis"

අන්තර්ජාලයට මුදා හැරියේ - 2017  ජුලි 29

Image result for premakeerthi de alwis"

සම්පත් දායකයා- ආචාර්ය සරත් චන්ද්‍රසේකර

Resource Team 

ප්‍රේමකීර්ති සමග ආනන්ද විද්‍යාලයේ එකම පන්තියේ සිටී ආචාර්ය සරත් චන්ද්‍රසේකර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධියත් කැනඩාවේදී පශ්තාත් උපාධි නිමකර තිබෙනවා.
කැනඩාවේ එඩ්වඩ් කුමාර දිවයිනේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා ලෙස සේවය කොට විශ්‍රාම සුවයෙන් පසුවෙතත් කැනඩාවේ Mcmaster විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙකු ලෙසත් සවන අන්තර්ජාල ගුවන් විදුලියේ ටොරොන්ටෝ ලියුම හරහාත්, යාත්‍රා පුවත් පතේ නොනිමි මතක පොත ලිපි පෙල හරහාත් තවමත්   සක්‍රීය නිර්මාණකරණයේ යෙදෙනවා.


ගීතය -  පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා
                 මුල් ගායනය- නිරංජලා සරෝජිනී
              ගායනය වරුණි මාරසිංහ
පසුබිම් කථනය - අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for rupane

No comments:

Post a Comment