මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 2, 2024

නැවතිලා ඉමුද එක මොහොතක්….

 



මල් පිපෙන්නේ නැතිනම් , කොයිද මේ හැටි සිරියක් 

හිම වැටෙන්නේ නැතිනම් , කොයිද මේ හැටි සිසිලක් 

ඇහැ කොනින් බලනට බැරිනම් 

කිම දකින්නේ හැඩයක්

හැඩය අරුමැසි වෙනසක් 

සරු පසක් හිමි නැතිනම් , කිම හැදෙන්නේ පල වැල් 

හිරු එළිය දැක නැතිනම්, කිම දිලෙන්නේ දල්ලක් 

රැය විදින්නට බැරිනම් 

කිම දකින්නේ තරුමල් 

රටාවකි ඒ වියමන් 

හැඩ මවන්නට බැරිනම් , හැඩවේද හඳ මෙතරම් 

තනි රකින්නට බැරිනම් , හිත බැදේවිද මෙතරම් 

එසිත රඳනට බැරිනම් ,

සතුට දෙනවද පහසක් 

ලබැදි සුවයක හැඩයක් 

ඉවසලා ඉන්නට බැරිනම් , විසිරේද හැගුමන් මෙතරම් 

කලබලය අඩු නැත්නම් , පෙනේවිද සිරි මෙතරම් 

හති හලා දුවන මේ ලෝකෙන් 

නැවතෙමුද අනේ අපි පොඩ්ඩක් 

නැවතිලා ඉමුද එක මොහොතක් 

අනුරුද්ධ වැලිගමගේ  

2024 මාර්තු  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

















විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

12 comments:

  1. හරිම ලස්සනයි අර්ථවත් නිර්මාණයක් අනුරුද්ධ ..
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබේ කවිත් ලන්ඩන් කවියට වගේම සිසිල ට යවන්න.

      Delete
  2. //කලබලය අඩු නැත්නම් , පෙනේවිද සිරි මෙතරම්

    හති හලා දුවන මේ ලෝකෙන්

    නැවතෙමුද අනේ අපි පොඩ්ඩක්

    නැවතිලා ඉමුද එක මොහොතක්

    /// ගමනේ සුන්දර්ත්වය ඇත්තේ ගමන අවසානයේ නොව ගමන් අතර මැද හමුවූ තැන් වල කියලා මීට කලින් කතාවක් අහලා තිබ්බා....ඒකමද මන්දා මේ කියන්නේ...

    ReplyDelete
    Replies
    1. මයියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඇත්ත තමයි. ගමනේ අවසානය හොදයි කියල මේ මොහොත වින්දේ නැත්නම් ඒක කොහොම වෙයිද කියල කියන්න බැහැනෙ. ලබන ආත්මය, පැන්ෂන් ගත්තට පස්සෙ වගේ දේ හිතල පහු කරනවට වඩා ගෙවන මේ මොහොතවල් සුබදායී කරගන්නයි උත්සාහය. බලමු .....

      Delete
  3. බොහොම දෙනෙකුට හති හලාගෙන දිව්වේ නැතිනම් ජීවිතේ යාන්තමින් හරි ගැටගහගන්න බැරි නිසා ලෝකයේ අසිරිය විදින්න ඉස්පාසුවක් ලැබෙන්නෙ නැහැ.ඒ අය ගැන හරිම කනගාටුවක් දැනෙනව.මම හිතන්නෙ නිසැකවම ඔබටත් එහෙම හිතෙනව නේද?

    ReplyDelete
    Replies
    1. සරත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඒක නේන්නම්. ගොඩ දෙනෙක් ලොකු, සැප ....... වගේ භෞතික දේ පස්සෙ දුවනවනෙ. ඒත් මට හිතෙන්නෙ ඒවා පස්සෙ ගියොත් අපට අනවශ්‍ය විදිහට හති වැටෙනවා කියලයි. පොඩි ,ලාභ දේවල් ඇතුලෙත් අපට සතුට හොයාගන්න පුළුවන්.

      Delete
  4. ඔබ කියන සියලු දේ
    පරිසරයෙ අසිරියයි
    එහෙත් ඒ චමත්කාරය
    දකින්නේ ටික දෙනයි.

    මිනිසා රුදුරු වී
    ගහකොලත් වනසයි
    සතා සීපාවෝ
    අසරණව මියෑදෙති

    සොබා දහමේ තිලිණ
    නොදන්නා මිනිස් කැළ
    නිසා අප මිහිකතට
    වනපාඩු අපමණය

    ReplyDelete
    Replies
    1. වීරසේකර මහත්මා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ලස්සන අදහස් පෙලක්.

      Delete
  5. ලස්සනයි ඒ කවිය.

    මේ දවස්වල මං නං මන්නාරමේ නැවතිලාම හක්කලං කොරනව නෙව. කිසි හදිසියක්.නෑ. 🙈🙈🙈

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . ඒ අසිරිය ගැනත් නිර්මාණ කරන්න. කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා.

      Delete
  6. Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete