ලෝකයේ බිහිවූ චිත්රපට අතුරින් වාර්තා චිත්රපට වලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. සමහර වාර්තා චිත්රපට සදහා ඒවායේ නිර්මාණකරුවන් වසර ගණනාවක් පර්යේෂණ කටයුතු වල යෙදෙනවා . සමහර විට වසර ගණනාවක් රූපගත කිරීම් වල යෙදෙනවා.
ඒවායේ භාවිත වන ප්රයෝග, අදහස් ඉදිරිපත් කිරීම් සහ සනාථ කිරීම සදහා යොදාගන්නා සම්පත් දායකයින් නිසා ඒ කරුණු නරබන්නන් ගේ සිත ඒ තුල ඇද බැද ගන්නවා.සමහර දර්ශන නිරූපණය සදහා යොදාගන්නා නළුවන් සහ පැරණි චිත්රපට දර්ශණ අපව ඒ සිදුවීම් තුලට ගෙනයනවා.
කොවිඩ් 19 සංක්රාන්ති සමයේ නිවසේ සිට රාජකාරි කරන අතරේ දිනපතා සතියේ දිනවල නගරයට යන ඉතිරි වූ කාලයේ සහ කාර්ය බහුල සති අන්තයන්ගේ ඉතිරි වූ කාලයේදී මටත් එවන් වාර්තා චිත්රපට මාලාවන් රැසක් බලන්නට ඉඩ ලැබුණා . පහුගිය මාසවල චිත්රපට තුලින් ලෝකය දකිමු ලිපි මාලාව ගැන ප්රතිචාර දැක්වූ ඔබ සමග ඉන් කිහිපයක් බෙදාගන්නට හිතුවේ ඒ නිසයි.
ගග දිගේ .....(2008)
2008 දී ස්වර්ණවාහිනිය තුලින් විකාශය වූ මේ වාර්තා චිත්රපට මාලාව තුලින් මහවැලි ගග පටන් ගන්නා තැන පටන් මුහුදට වැටෙනා තැන දක්වා අපූරු ගමනක යෙදෙනවා.
ඉතා විශාල පරිශ්රමයකින් කෙරුණු ත්රාසජනක මේ ගමන අධ්යක්ෂණය කලේ දැන් අප සමග කැනඩාවේ සිටින ප්රවීණ රූපවාහිනී මාධ්යවේදී කෝසල මකුලොළුව විසින්. ප්රවීණ මාධ්යවේදී ජැක්සන් ඇන්තනි තම සුපුරුදු දස්කම් දක්වමින් අපූරු විදිහට අපව ගග දිගේ ගෙනයනවා.
පළමු වැඩසටහන සදහා යු ටියුබ් දිගුව
Greatest Events of WW2 in Color
දෙවන ලෝක යුද්ධය නිමා වී මේ වසරේදී 75 වසරක් ගෙවී ගියා. ඉතා විශාල මිනිස් සහ දේපල සංහාරයක් කරමින් 1939-1945 කාලයේදී ලෝ පුරා ඇවිල ගිය මේ දේශපාලන බල අරගලය මැද බොහෝ දේ සිදුවී තිබෙනවා. එමගින් අහිමි වූ ජීවිත නැවත ලබාගත නොහැකි වුවත් ඒ හරහා ලොවට දායාද වූ බොහෝ නව නිෂ්පාදන සහ ක්රමෝපායන් වර්තමාන ලෝක දියුණුවට හේතු වී තිබෙනවා.
The Human Sexes (1997)
1997 දී නිමවුණු මේ චිත්රපට මාලාව තුලින් ගැහැණු සහ පිරිමි ලිංගිකත්වයේ පරිණාමය ලොව වටා නිදසුන් අතරින් ගල් යුගයේ සිට වර්තමානය දක්වා හේතු සාධක සහිතව ඉදිරිපත් වෙනවා. මේ වැඩසටහන රූප සොබාවේ පටන් ගති ලක්ෂණ දක්වා ගැහැණුන් සහ පිරිමින්ගේ විවිධත්වය මතින් ලෝකය කරනා ගමන ගැන කියැවෙනවා.
තාක්ෂණික හේතුවක් මත මට මෙයට එකතු කල නොහැකි වුවත් මේ දිගුව ඔස්සේ ඔබට මෙය බලන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=fgfn-eoVU_w
Conspiracies
ලෝකයේ සිදුවී තිබෙන බොහෝ අබිරහස් සහ ජනප්රිය සිදුවීම් තුල ඇති ඇතුලාන්ත කථා හරහා අප දන්නා කතාව තුල ඇති සැබෑව සහ මවාපෑම පිළිබද විශ්ලේෂණයක් මේ වැඩසටහන් මාලාව තුලින් කියැවෙනවා.
මේ චිත්රපට මාලාව Netflix නිෂ්පාදනයක්.
Tikhiy Don (Russian)
Mikhail Alexandrovich
Sholokhov ගේ And quiet flows the don නවකථාව ඇසුරින් 2015 දී රුසියානු බසින් කෙරුණු රූපවාහිනී වෘතාන්ත මාලාව දොන් ගංගා නිම්නයේ 20 වන සියවස මුල විසු කොසැක් වරුන්ගේ ජීවන කතාවක් එළි දක්වනවා. පළමු ලෝක යුද්ධය සහ 1917 රුසියානු විප්ලවය ගැන සදහන් මේ ගැන මට කීවේ ප්රවීණ බ්ලොග් රචක අජිත් ධර්මකීර්ති. (කොළඹ ගමයා ) මා රුසියානු බස නොදන්නවා වුණත් ඒ කථා මාලාව මගේ හිත ගත්තා.
තාක්ෂණික හේතුවක් මත මට මෙයට එකතු කල නොහැකි වුවත් මේ දිගුව ඔස්සේ ඔබට මෙය බලන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=DfSiwILaJ2o&t=1373s
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි,
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
No comments:
Post a Comment