මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 6, 2020

Dessert View වල ඉදන් Hermits Rest දක්වා Grand Canyon දිගේ ගමනක් යමු....සංචාරයක මතකය....

Grand Canyon West Rim Air-Only Helicopter Tour from Las Vegas

ඇමෙරිකානු සංචාරයක මතකය ...... Grand Canyon  වටේ රවුමක්  3.

2017 සංඛ්‍යාලේඛණ අනුව Grand Canyon වෙත 2017 දී පැමිණි සංචාරකයින් ගණන දල වශයෙන් මිලියන 6.25 ක් . අප පොදුවේ කියන Grand Canyon යුනෙස්කෝ ලෝක උරුමය වසර මිලියන 70 ක තරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියනවා. අක්කර මිලියන 1.2 ක් තරම් විශාල Grand canyon National Park ඇමෙරිකාවේ කුඩා ප්‍රාන්තයක් වන Delaware වලට වඩා මදක් කුඩා ඉඩ ප්‍රමණයක් වසාගෙන සිටින රක්ෂිතයක් . එය ජාතික උද්‍යානයක් බවට පත් කෙරුනේ 1919 දී.


අපි South rim වලට ඇතුළු වුණා . බලන්න දේවල් ගොඩක් තියෙනවා . කලින්ම වෙන් කරවා ගත්තොත් ඔබට මේ උද්‍යානය තුලම නවාතැනක් හොයාගන්න පුළුවන් වේවි . එහෙම නැත්නම් පහසුකම් තියෙන්නෙ පැයකට වඩා දුරින් තියෙන Williams හරි Flagstaff හරි නගර වලයි. ටිකක් වැඩියෙන් වියදම් කරන්න පුළුවන් නම් Williams ඉදන් south rim එකට යන Grand Canyon කෝච්චිය හොද සංචාරයක් ගෙනෙන බවයි අන්තර්ජාලය කියන්නේ . ඒ අතීතයට ගිහින් කව්බෝයි චිත්‍රපට වල තියෙන නගර අත්දැකීමක් සහ Train robbery එකකුත් විදින්න පුළුවන් හින්ද . 1901 දී ඉදිවූ දුම්රිය මාර්ගයත් එහි අදත් දිනපතා දුවන මගී දුම්රියත් එදා වගේම අදත් Grand Canyon සංචාරක ව්‍යාපාරයේ ජනප්‍රිය එකක් . වසරකට එහි සේවය ලබාගන්නා පිරිස 225000 කට වැඩියි.




අපි නැගෙනහිර අන්තයේ Dessert View Point එකෙන් Grand Canyon විදින්න පටන් ගත්තා.



Desert View Watch Tower

Desert View & Watchtower | Visitor Center

තට්ටු 4 ක් උස මේ නරබුම් කුළුණ ඉදිකර තිබෙන්නේ 1932 දී Grand Canyon කලාපයේ බොහෝ ඉදිකිරීම් කල Fred Harvey ආයතනයේ Mary Colter මෙහි සැලසුම් ශිල්පිනියයි .ලස්සන දසුන් බලන්නට සංචාරකයින් උනන්දු කරවීමේ අරමුණින් බිහිවූ මෙය බැල්කනි ගණනාවකින් සමන්විත අපූරු තැනක් . මෙක්සිකෝවේ ගුහා චිත්‍ර සිහිගන්වන චිත්‍ර රැසක් මෙහි තිබෙනවා . ආදිවාසී චිත්‍ර සහ මුර්ති ශිල්පී Fred Kabotie. ඒ චිත්‍ර වලට හිමිකම් කියනවා . රස්නය මග හරවා ගන්න එතැන තිබ්බ කඩෙන් අයිස්ක්‍රීම් කාලා සමරු එකතුවට මැටි කැටයමකුත් ගත්ත අපි එතැනින් පිටත් වුණා . මේ ගමන් වලදී පිටේ එල්ලන් යන බැග් වල වතුර ගෙනියන එක වටිනවා .

6 Iconic Grand Canyon Buildings Designed by Mary Colter - Canyon Tours

Mary Cotler

08307 Grand Canyon Historic- Hopi Artist Fred Kabotie c.19… | Flickr

Fred Cabotie

Tusayan Museum & ruin

Visitor Centers, Information Desks and Museums - Grand Canyon ...

අවුරුදු 800 ක් තරම් පැරණි Pueblo Indian වරුන්ගේ ජනාවාස ලෙස තිබු මේ ඉසව්ව මේ වනවිට පුරාවිද්‍යා පරිශ්‍රයක් ලෙස සංරක්ෂණය වෙනවා . 1928 දී ගෘහ නිර්මාණ ශිල්පී Herbert Maier විසින් නිමැවුණු වටිනා කෞතුකාගාරය ඉතිහාසය නිරූපණය කරන කදිම තැනක් . මෙය ඉදිකිරීම සදහා ආධාර කර ඇත්තේ ඇමෙරිකාවේ හිටපු ප්‍රකට දානපති බිරිදක් වූ Laura Rockefellar විසින්.

Herbert Maier | The Cultural Landscape Foundation

Herbert Maier

අපි Navajo Point, Lipan point, Moran Point, Grandview Point වල වාහනය නවත්වමින් Grand Canyon වල සිරිය වින්දා . Grand canyon Village වල ඉදන් ක්‍රියාත්මක වන බස් සේවයේ අවසන් නැවතුම තියෙන්නේ Yaki point එකේ . ඒ බස් වල යන්න වෙනම ගාස්තුවක් ගෙවන්න අවශ්‍ය නැහැ . ඔබේ ප්‍රවේශ පත් ගාස්තුවෙන් එය ආවරණය වෙනවා . ඔබට කාලය තියෙනවා නම් ඇවිදින්න , බයිසිකල් පදින්න අවශ්‍ය සියළු පහසුකම් මේ පරිශ්‍රයේ තියෙනවා Grand canyon Village කියන්නෙ තවත් නගරයක් වගේ .

Kaibab Rim Route Shuttle Bus - Grand Canyon National Park (U.S. ...

Yavapai Museum of Geology

Yavapai Museum of Geology - Grand Canyon National Park (U.S. ...

Grand canyon භූ විද්‍යාත්මක පසුබිම සහ විස්තර වැඩිපුර දැනගන්නට මෙය කදිම තැනක් . 1928 Herbert Maier මෙය නිර්මාණය කර තිබෙනවා . 2007 දී මෙය ප්‍රතිනිර්මාණය කර තිබෙන්නේ නවීන අංග එකතු කරමින් .ආදිවාසීන් තම ඉදිකිරීම් සදහා යොදාගත් Kaibab Limestone සහ Ponderosa Pine මෙය තනන්නට යොදාගෙන තිබෙනවා .

Yavapai Museum of Geology - Grand Canyon National Park (U.S. ...

අපට දැන් හොදටම මහන්සියි . ආයෙමත් හෙට එන්න බලාගෙන අපි පැයක ගමනක් තියෙන නවාතැනට යන්න පිටත් වුණා . හවස් වෙලා හින්ද හෙමින් වටපිට බල බලා ගිය ඒ ගමනේදී Elk සහ Mule Deer සතුන් කිහිප දෙනෙක්ම දකින්නට පුළුවන් වුණා .



ඊලග දවසෙ උදේම අපි ආයෙමත් Grand Canyon Village එකේ . දුම්රියපොල අද්දරම තියෙන වාහන නැවතුම්පලක වාහනය නතර කරපු අපි දැන් සුදානම් වෙන්නෙ පෞද්ගලික වාහනවලට තහනම් රතුපාට බස් මාර්ගයේ යන්න . අපේ ගමනාන්තය South Rim එකේ බටහිර අන්තයේ තියෙන Hermits Rest රතුපාට බස්පාරේ අන්තිම නැවතුම ඒකයි.

Grand Canyon Village Station - Picture of El Tovar Hotel, Grand ...

Hermits Rest

Hermit's Rest (Grand Canyon National Park) - All You Need to Know ...

1987 දී ජාතික ඓතිහාසික පරිශ්‍ර අතරට එක්වුණු මේ පරිශ්‍රය 1914 දී මුලින්ම ඉදිකළේ කැනේඩියානු ජාතික Louis Boucher විසින් . පසුකාලීනව කෙරුණු සංචාරක ප්‍රවර්ධන යටතේ Fred Harvey සමාගමේ Mary Colter ගේ ගෘහ නිර්මාණ ශිල්පිණිය අතින් මෙය ප්‍රතිනිර්මාණය වුනා . මෙය ඉදිකර ඇත්තේ අවට පරිසරයේ ඇති ස්වභාවික පාෂානවලට බොහොම කිට්ටුවෙන් යන විදිහටයි . සමහරු සදහන් කරන්නේ මෙතැන Grand Canyon වලදී කොලරාඩෝ ගග දකින්නට පුළුවන් හොදම තැන හැටියටයි.

Louis Boucher: Canadian Guide of the Grand Canyon | Canadian ...

Louis Boucher

රතුපාට බස් මාර්ගයේ නැවතුම්පල 8 ක් තිබුණත් සමහර ඒවායේ නැවතුම්පල තියෙන්නේ එක් දිශාවකට පමණයි. ඒ නිසා ඔබ ඒ ගැන දැනුවත්ව ගියොත් හොදයි . ඒත් පයින් යන්නත් බයිසිකල් මගින් සංචාරය කරනවා නම් යන්නත් ඒ හැම එකක්ම යාවුණු මාර්ග තියෙනවා . අපි ඒ ඔක්කොම බලාගෙන ආපහු Grand Canyon Village එකට ආවා.

Donna Kauffman » Grand Canyon…Day 2

Kolb Studio

Kolb Brothers: Conflict on the Canyon's Rim - Grand Canyon ...

කොලරාඩෝ ගග දිගේ ගිහින් චිත්‍රපට කිරීමේ උනන්දුවෙන් සිටි Emery සහ Ellsworth Kolb සහෝදරයින් දෙන්නා 1911 දී ඉදිකළ චිත්‍රාගාරය (Studio) සහ නිවස වන මෙය 1976 දී National Park Service විසින් පවරාගෙන සංරක්ෂණය කරනවා . අද මෙන් දියුණු තාක්ෂණය නොතිබුණු එදා ඔවුන් කල ඒ වික්‍රමයේ මතක සටහන් මෙහි එකතු කොට තිබෙනවා .

Kolb Brothers, Grand Canyon Emery lowering Ellsworth down on their ...

Kolb brothers

The Kolb Brothers Exploring the Green and Colorado Rivers Through ...

Hopi House

0545_0026 Grand Canyon Hopi House | Grand Canyon National Pa… | Flickr

Grand Canyon වෙත එන සංචාරකයින්ට Native American crafts. විකුණන මධ්‍යස්ථානයක් ලෙසින් 1904 දී මෙය ඉදිවුණේ ගෘහ නිර්මාණ ශිල්පිනි Mary Colter අතින්. Fred Harvey සමාගමේ New mexico හි පිහිටි Albuquerque හෝටලයට මේ සැලසුම බොහෝ දුරට සමාන බව කියැවෙනවා.

South Rim Village - Ranger Programs - Grand Canyon National Park ...


තවත් කාලෙ තිබ්බ නම් බලන්න දේ එමටයි . අපි Grand Canyon වලින් පිටත්වෙන්න වාහනයට නැග්ගා. 

Plan Your Trip | Grand Canyon National Park Lodges

ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .

මීළග කලාපයෙන් Hoover වේල්ලේ අසිරිය බලන්නට යමු.

The Hoover Dam Bypass: A Modern Engineering Marvel | Hoover dam ...

සටහන අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ


 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Grand Canyon Panorama Sunset | Fourth of July hiking the Gra… | Flickr


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  

Canadian Minority Media Database | Dasatha

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 ජුලි  කලාපයේ පලවිය .

විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට


Grand Canyon West


2 comments:

  1. හැමදාම වගේ අදත් වටිනා ලිපියක් . ස්තුතී අපිත් එක්ක බෙදා ගත්තාට

    ReplyDelete
  2. කලණ ඔබේ දිරි ගැන්වීමට ස්තුතියි. කාලෙකින් ... ඔබත් පවුලේ සැමත් හොදින් ඉන්නවා කියල හිතනවා

    ReplyDelete