මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 27, 2020

සංසාරේ දිගු ගමනක් වන්දනාවේ යන .......... අනුරුද්ධ වැලිගමගේ......

Old Couple Walks Down Fall Stock Footage Video (100% Royalty ...


Male

සංසාරේ දිගු ගමනක්

වන්දනාවේ යන

මේ භවයේ අපි දෙන්නා

කල එක සක්මන ......

Female

බාධක පිරි  ගමනේ

නොම තනිකර මම

අත් අල්ලන් ඔබ උන්නා

අමතක නැතිවද ........

....................................................................................................

Male

හංගා තදකර කදුලක්

වඩවා බැදි පෙම

පැතුම් පොකුරු පොදි බැදගෙන

ආවා මතකද .........

Female

නැගෙනා හිරු හා පිබිදී

වෙහෙසී අපි ගැන

ඔබ විදි දුක් කවුරුද දන්නේ

හිමියනි මා හැර .....

  

Both

සංසාරේ දිගු ගමනක්

වන්දනාවේ යන

මේ භවයේ අපි දෙන්නා

කල එක සක්මන ......

...................................................

Male

පුංචි වුණත් දිව බොජුනක්

සරිකර කදිමට

දූට පුතුට මට කැව්වා

සෙනෙහස කැටිකර

female

සව්දිය පුරලා ඇතිදා

සාද දමන්නට

රැස්වුණු අය අද කොයින්ද

මට ඔබ පමණද ? .................

Male

සංසාරේ දිගු ගමනක්

වන්දනාවේ යන

මේ භවයේ අපි දෙන්නා

කල එක සක්මන ......

Female

බාධක පිරි  ගමනේ

නොම තනිකර මම

අත් අල්ලන් ඔබ උන්නා

අමතක නැතිවද ........


අනුරුද්ධ වැලිගමගේ


Romantic Couple Walking Across the Stock Footage Video (100 ...

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

Spicing Up Those Dog Walks – Part 1 - Dog Notebook 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


4 comments:

  1. Male and Female (Together)

    අත්වැල් බැඳගෙන සෙනෙහස පාමින්
    ඒ දිගු ගමනේ අවසන් කොටසේ
    දරු මල්ලන් වෙන්වී ගොස් ඇත
    හුදකලාව තනිකම උරුමයි අපහට

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි වීරසේකර මහත්මා තව දිගට ලිව්වානම් ආසයි ......

      Delete
  2. Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි

      Delete