මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 17, 2021

ගහ ගාව ඉන්නවා මගේ සද එන තුරුම ..........කවි......... අනුරුද්ධ වැලිගමගේ........

  

තරු අහුරු මල් පිපුණු ඉගිමරන රෑ අහස

සද නැතුව පාලුවෙන් කියන් ඉන්නේ කෝම

පාළුවක් දැනුනොතින් කියන්නට බැරි සේම

මගේ හද ගොළුවෙලා පැතුම් වැහි නෑ බෝම

 

දේදුන්න පායලා එළිය කරනා සේම

බලා ඉමි පාළුවෙන් එනතුරා සද සේම

ඈත නොවුණත් දුරින් ළගින් මගේ නෙතු මාන

හිත රිදෙනවා දකින තුරු ඔබේ සුදු මුණ

 

මේ රැයට හෙට උදේ මහ දුරක් නොවුණාට

දැනෙනවා ඒක මහ කල්පයක් වාගේම

මල් පාර අද්දරම හොදට හෙවණක් තියෙන

ගහ ගාව ඉන්නවා මගේ සද එන තුරුම ............


අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි





No comments:

Post a Comment