රෝම නගර සංචාරයක මතකය 1.....
ගුවන් ටිකට් පත් සහ අනෙකුත් වියදම් අධික නිසා යුරෝපා සංචාරයන් තරමක් මිල අධික වුණත් කලින් වෙන්කරවා ගැනීමෙන් සහ අන්තර්ජාලයෙන් තොරතුරු හොයාගත්තොත් බර සැහැල්ලු කරගන්නට ක්රම හොයාගන්නට පුළුවන් . ඒ කොහොම වුණත් හරි හැටියට සංචාරය විදින්නට නම් දවසකට කලින් යන එක හොද වෙන්නෙ වෙලාවෙ වෙනසත් , ගමන් මහන්සියත් හින්ද පළමු දවසෙ කොහේවත් යන්නට බැරි හින්දයි .
ටොරොන්ටෝවෙන් පිටත් වෙලා පැය 9 ක පමණ ගුවන් ගමනකට පස්සෙ අපි රෝමයට ලගාවුනා. සංචාරයක මතකය තුලින් මින්පෙර ඔබ කැදවාගෙන ගිය පැරිස් සංචාර ලිපි 2 ක ඔබට මතක ඇති . අපි ආයෙමත් යුරෝපයේ . ඉදිරි අවුරුද්ද පුරා යුරෝපයේ තවත් රටවල් රැසක සංචාරක අත්දැකීම් විදින්නට ඔබට හැකිවේවි .
Catacombs
අතීතයේදී රෝම නගරයේ ඉතා විශාල පිරිසක් ජීවත්වූ ප්රදේශයක් වූ හෙයින් සුසාන භුමි සදහා විශාල ඉඩක් වෙන්කරන්නට වීම මහත් ගැටළුවක් වුණා . මේ වෙනුවෙන් ඔවුන් කල කාර්යය වුනේ පොලොව යට තට්ටු කිහිපයක් ලෙස සුවිසල් බිම් ගෙවල් තුල මෘත ශරීර තැන්පත් කිරීමයි.සාමාන්‍ය මිනිසුන්ගේ පටන් රෝමයේ අති උතුම් පාප් වහන්සේ දක්වා විවිධ තරාතිරමේ මිනිසුන් , ගැහැණුන් සහ ළමයින්ගේ සිරුරු මෙසේ තැන්පත් කල බව සදහන් .
පිරිසුදු කරන ලද එවන් පරිශ්‍ර කිහිපයක්ම මේ වනවිට සංචාරක ආකර්ෂණ ලෙස අද පවත්වාගෙන යන නිසා ඔබටත් ඒවායේ සංචාරයක යෙදෙන්නට පුළුවන් . අප දකින සාමාන්‍ය පොලොව මට්ටමේදී අලංකාර ගොඩනැගිලි සහ උද්යාන පරිශ්රයක් ලෙසින් පෙනෙන මේවා ඇතුලතට ගිය විටදී ඔබට අපුරු දේවල් රැසක් දකින්නට පුළුවන් . ඒ අතරින් අප සංචාරය සදහා යොදාගත්තේ Catacombs of St. Callixtus. එහි ඇතුලත සේයාරූ ගන්නට අවසර ලැබුනේ නැහැ .
ඒ ගුහා ඇතුලත තට්ටු 5 ක් පුරා වසර සිය ගණනක් තුල මිලියනයක් තරම් පිරිසක් මේ තුල මිහිදන් කර ඇති බව සදහන්. සාමාන්‍ය ජනතාව සදහා කුඩා ඉඩ සේම පාප් වහන්සේලා සදහා විශාල කුටිත් වෙන්කර තිබු බව දකින්නට පුළුවන් . මේ පරිශ්රයේ පාප් වහන්සේ වරු 16 දෙනෙක් මිහිදන් කල බව සදහන් . සමහර තැනක එකල බිත්තිවල තිබු බිතු සිතුවම් වල ශේෂවූ කොටස් දකින්නට පුළුවන් . ඒ වගේම මේවා ඇතුලතට මැනවින් වාතාශ්රය ලැබෙන සේ සකස් කර තිබුනා .
රෝම නගර සංචාරය සදහා අප එකතුවුනේ දේශීය සංචාරක නියාමකවරියක් කරන විස්තර සහිත චාරිකාවට . නවාතැනේ ඉදල පොදු ප්රවාහන මාධ්යයෙන් ගිහින් Spanish Steps ළගින් පටන් ගත් ඒ චාරිකාව අවසන් වුනේ Colossium එක ළගින්.
Spanish Steps
ක්රිස්තු වර්ෂ 1723- 1726 කාලයේදී ඉදිවුණු පඩි 135 ක පඩිපෙලක් නිමවා තිබෙන්නේ 1587 ඉදිකර අවසන් කෙරුනේ ප්රංශ පල්ලියක් වන Trinita dei Monti වෙත
යන්නයි .ප්රංශයේ 7 වන ලුවී රජු විසින් කල බව සදහන් . මෙයට මේ නම ලැබී තිබෙන්නේ ඒ චතුරශ්රයේ ස්පාඥ තානාපති කාර්යාලය තිබෙන හින්දයි . ඒ කොහොම වුනත් මෙතැන ෆොටෝ ගන්න නම් කියාපු තැනක් . අපි මෙතැනට එන්න පාවිච්චි කල Spagna මෙට්රෝ නැවතුම තියෙන්නෙ මේ ලගමයි . ඒ ළගම හරි ලස්සන වතුර මලකුත් තියෙනවා . Fontana della Barnini නමින් හැදින්වෙන එය තනා තිබෙන්නේ Pietro Bernini.
ඉතිහාස කථාවල කියැවෙන විදිහට 1598 සිදුවූ Tibet ගගේ
ගංවතුරකදී මෙතැනට බෝට්ටුවක් ගසාගෙන ඇවිත් තිබෙනවා . මේ වතුර මලේ නිදාන කථාව සිහිපත් කරනවා . අපි නියාමක වරියට කන්දෙනවා. 7 වන
ලුවී රජුගේ ප්රතිමාවක් මේ අද්දරම තියෙනවා .
Pantheon
සියළු දෙවියන් වෙනුවෙන් කැපවුණු දෙවොල යන අරුතින් හැදින්වෙන මෙතැන ඔගස්ටස් අධිරාජ්යයා විසූ ක්රිස්තු වර්ෂ 14 දී ඉදිකර තිබෙන්නේ බව සදහන් .
වසරකට මිලියන 6 ක පමණ පිරිසක් නරබන මෙය ශාන්ත මේරි දේවස්ථානයක් ලෙස මේ වනවිට ක්රියාත්මක වන නිසා ඔබට මෙයට ඇතුල් වන්නට ලැබෙන්නේ ඔබ හොදින් ශරීරය ආවරණය කරගත් ඇදුම් ඇත්නම් විතරයි . අත් , කර , පා නිසි ලෙස නොවැසුණු ඇදුමින් ගියොත් ඔබට වෙන්නේ එළියට වෙලා ඉන්නයි .
සුවිසල් කුළුණු මත රැදුණු පෝටිකෝව දිගේ ඔබ ඇවිදගෙන යන්නේ Celta නමින් හැදින්වෙන Dome එකටයි. එතුල ඉතා අලංකාර චිත්‍ර වගේම අග්‍රගණ්‍ය ප්රතිමා රැසක් තිබෙනවා .
රෝමයට ගිහාම රෝමන්වරයෙකු විදිහට හැසිරෙන්න කියල තියෙන හින්ද සංචාරය ඇතුලත අපට ලැබුණු විරාමයේදී අපි නියම Gelato italiano ice cream රස බැලුවා. කැනඩාවේදී වගේ යුරෝපයේදී වැසිකිළි පහසුකම් නොමිලයේ නොලැබෙන හින්ද ඔබ යමක් මිලදී ගන්නා තැනකදී එම සේවා ලබාගැනීම ඔබට මුදල් හා කාලය ඉතිරි කර දේවි .
Pizza Novona
අපි
සංචාරක නියාමක වරියගේ කොඩිය පසුපස යනවා . ඇගේ විස්තර කනේ ගහගෙන ඉන්න කුඩා ඉයර්ෆොනයෙන්
ඉවරයක් නැතුව ඇහෙනවා . ක්රිස්තු වර්ෂ 1 වෙනි සියවසේදී Circus Agonalis විදිහට
හැදින්වුණු විශේෂ හැඩයකින්
යුක්ත මේ චතුරශ්‍රය අතීතයේදී 20000 කට එකවර රැස්වෙලා ක්‍රීඩා තරග නරබන්නට සකස් කල එකක්
කියලයි කියන්නෙ. ඒ මැද තිබෙන Fountain of four rivers සේම Fountain
Dei Quttro Flumi අතර බලන්න ගොඩක් දේ තිබෙනවා.
අපි කුඩා විදි දිගේ ඇවිදගෙන යනවා . ඉතාලි අනන්යතාවය අපට හොදින් පේනවා . අපේ ඊළග නැවතුම ලෝකයේ ජනප්රියම වතුර මල බලන්න . රෝමයට ගිහින් ඒක අත අරින්න පුලුවන්ද ? . ඒ විස්තරත් එක්ක ලබන මාසයේදී හමුවෙමු .
සටහන - අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 දෙසැම්බර් කලාපයේ පලවිය .
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
රසවත් සටහනක්. කවදා හෝ යන්න හිතන් ඉන්න සංචාරයක් !
ReplyDeleteපැතුම් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. අපි මේ ගමන ගියේ 2019 දී. මේ වසංගත තත්වය පහව ගිහින් ඉක්මනට ඔබට ඒ ගමන යන්න ලැබේවායි පතනවා. ඉදිරි මාසවලදීත් දිගටම කියවන්න.
Delete