ගුරුපාර අමතකද පුංචි කඩයක් දැමුණු
තවම මතකයෙ ඇත්ද අම්මාට ගුලි ගැහුණු
ගතින් අපි දුර වුණත් මුදූ හතකින් එවුණු
ඒ සොයුරු උණුහුමට හිත පිරෙයි නොම දැමුණු
අම්මාගේ සාරියක් ඇදන් ගුරුවරිය වුණු
පන්තියේ දග මල්ල සොයන්නෙමි මැරෙන තුරු
තැන්පත්ව අද දිනේ දකින ඔබ සිටිනයුරු
හිතන්නේ මම කෝම ඒ පුංචි මල්ලි කොළු
පතිනියක වී එදා කැදැල්ලෙන් යන අයුරු
දකින්නට බෑ කියා හැංගිලා උන්නාලු
ඔබේ හඩ මතුවෙලා ඇමතුමක් ලැබෙනතුරු
අක්කා
නිදි නෑ තාම මැදියමත් ගෙවෙනතුරු
අනුරුද්ධ වැලිගමගේ
2021 මැයි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය .
https://londonkavi.com/#2120
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි
No comments:
Post a Comment