මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 22, 2021

වෙසක් බලන්නට පින් පිරුවා නම්.......අනුරුද්ධ වැලිගමගේ......

 


වෙසක් බලන්නට පින් පිරුවා නම්

 ලුම්බිණියේ සල් මල් උයනේ

 බෝපත් අතරින් නැග එන පුන් සද

 ඉසිපතනේ බණ අහන වෙලේ .

 

සෙත් පිරිතක් වී ඇසෙනා බණපද

 කෙලෙස් තවා සිත එළිය කෙරේ.

 කරුණා ගුණ පිරි බුදුරුව අබියස

හැම දන සිත මෙත් සිසිල පිරේ

 

වෙසක් බලන්නට පින් පිරුවා නම්......


රැලි සුළගේ පාකර හැඩ නංවන

 වෙසක් කුඩු පන්සල හෙවනේ

 දිලෙනා පහනේ සැලෙනා අසිරිය

බොදුසිත වෙසගින් එළිය කෙරේ.

 

වෙසක් බලන්නට පින් පිරුවා නම්.........

 

අනුරුද්ධ වැලිගමගේ


රූපණ අන්තර්ජාල රූපවාහිනියේ ජයේ මාමාගෙන් අහන්න වැඩසටහනින් විකාශය විය 

https://rupane.com/vimeo-video/rupane-episode-35-may-06-2017/

21.22- 32.00




තනුව සහ සංගීත අධ්‍යක්ෂණය  - සුනිල් ජයසිරි 

ගීත ගායනය - සුනිල් ජයසිරි සංගීත ආශ්‍රමයේ දරු දැරියන් 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.




මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

No comments:

Post a Comment