කැනඩාවේ දුම්රිය ප්‍රවාහනයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වුණේ ටොරොන්ටෝ නගරයයි.
මුලින් භාණ්ඩ සහ මගී ප්‍රවාහනයේ ප්‍රධානම මධ්‍යස්ථානය වූ ටොරොන්ටෝ යුනියන් දුම්රිය
ස්ථානය අවට කලාපය භාණ්ඩ ප්‍රවාහනයෙන් නිදහස් කර ඒ වෙනුවට මොන්ට්‍රියල් වරාය
සහ එක්සත් ජනපදය යාකරන දුම්රිය මඟ අතර වෝන් නගරයේ මැක්මිලන් යාඩ්
( Macmillan Yard) එක සංවර්ධනය කෙරුණේ 1965 දී. එමඟින් ටොරොන්ටෝ දුම්රිය
ස්ථානය, මිමිකෝ අංගනය සහ ටොරොන්ටෝ නගරයේ දුම්රිය දේපල රැසක් විවිධ කටයුතු
සඳහා වෙන් කෙරුණා.අද දවසේ කැනඩාවේ මධ්‍යම රජය යටතේ පාලනය වන Via Rail
සහ ඔන්ටාරියෝ පළාත් ආණ්ඩුවේ Go Transit යන මගී ප්‍රවාහන දුම්රිය සේවා සඳහා
යෙදවෙන්නේ ඒ සම්පත්. ඊට අමතරව ටොරොන්ටෝ නගර මධ්‍යයේ ඉතා වටිනා බිම් කොටස්
රැසක් Canada Lands Company නම් මධ්‍යම රජය යටතේ පාලනය වන සමාගම යටතට
පැවරුණා.
අංක 290, Bremner Boulevard, Toronto M5V 3L9 ලිපිනය දරන මෙහි සම්පූර්ණ උස මීටර් 553.03ක්. ( අඩි 1815ක් ) . 1976 ජුනි තුන්වැනිදා ඉදි කිරීම් නිමවන විට එය සඳහා වැය වුණු මුදල ලෙස සටහන් වන්නේ කැනේඩියානු ඩොලර් මිලියන 63 ක්.( CAD 63,000,000) කැනේඩියානු ජාතික කුළුණට කරන ගරු කිරීමක් සහ මෙය පවත්වාගෙන යාම වෙනුවෙන් මීට වඩා උස ඉදිකිරීමක් ටොරොන්ටෝ නගරයේ කිසිම ප්‍රදේශයක කරන්නට ටොරොන්ටෝ නගර සභාව ඉඩ දෙන්නේ නැහැ.
https://en.wikipedia.org/wiki/CN_Tower
ස්වීඩනයේ Skanska සමාගමේ අතුරු සමාගමක් වුණු Canada Cement Company මෙහි ඉදි කිරීම කළා. අඩි පනහක ගැඹුරට පස් හාරා කළ පදනමක් මත ටොන් පනස් හයදාහක කොන්ක්‍රීට් පුරවා මෙහි පාදම සකස් කර තිබෙනවා කුළුණ ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් කියුබික් අඩි 53000 ක් භාවිතා කළ බවයි කියවෙන්නේ.කුළුණේ ඉහළ කොටස් වල ඉදි කිරීම සඳහා භාණ්ඩ ප්‍රවාහනයට ඇමෙරිකානු හමුදාව භාවිතයෙන් ඉවත් කර තිබුණු " ඔල්ගා" නම් Sikorsky S 64 හෙලිකොප්ටර් දොඹකරය යොදා ගනු ලැබුවා.
කුළුණේ ප්‍රධාන කොටසේ තට්ටු හතක් සහ Sky Pod.එක ලෙසින් මේ කුළුණේ මැද තට්ටු අටක් තිබෙනවා. ඒවා වෙත යාම සඳහා විදුලි සෝපාන එකොළහක් ක්‍රියාත්මක වෙනවා. තුන් පැත්තකින් ප්‍රධාන කොටස වෙත යාම සඳහා විදුලි සෝපාන 6 ක් මගී ප්‍රවාහනයට යොදවා තිබෙනවා. පැයට කිලෝමීටර් විසි දෙකක වේගයකින් ඉහළට යන ඒ විදුලි සෝපාන ප්‍රධාන නිරීක්ෂණ කොටසට යන්නට ගත කරන්නේ තත්පර පනස් අටක් තරමේ කෙටි කාලයක්. පොළොව මට්ටමේ සිට අඩි 1136 ක උසක පිහිටා තිබෙන මේ මධ්‍යස්ථානය තුලදී හොඳින් ඉර පායා තිබෙන පැහැදිලි අහසක් ඇති දවසක ටොරොන්ටෝව අවට බොහෝ නගර දකින්නට පුළුවන්. ඒ වගේම එහි ඇති ඝනකම් වීදුරු තට්ටුවේදි ඔබට පහත ඇති දේ හොඳින් මෙවේෂණය කරන්නට පුළුවන්. එකල දුම්රිය එන්ජින්වල නඩත්තු කටයුතු සඳහා භාවිතා කළ Roundhouse සේවා ගරාජය සහ අද එතන පිහිටුවා තිබෙන දුම්රිය කෞතුකාගාරය ඔබේ ඇස් සොරාගන්නා දසුනක් වේවි.
කැරකෙන අංශක 360 අවන්හල ඔබට අපුරු අත්දැකීමක් ගෙන දෙනවාට කිසිම සැකයක් නැහැ. හැම විනාඩි හැත්තෑ දෙකකටම වරක් ඔබ සිටිනා තැන අංශක 360 කින් කැරකෙන මේ අවන්හල පිටරටක සිට ඔබ බලන්නට පැමිණි පවුලේ හිතවතුන් කැඳවාගෙන ගොස් කැනඩාවෙ කෑම වර්ග වලින් සමන්විත භෝජන සංග්‍රහයක් දෙන්නට කියාපු තැනක්.
ප්‍රධාන මහල් සංකීර්ණය ඉහළින්ම ඇති කොටස භාවිතයෙන් 2011 දී එජ් වෝක් (Edgewalk ) ආරම්භ කර තිබෙනවා. තට්ටු එකසිය දාසයක ගොඩනැගිල්ලක මුදුනේ එල්ලී ගමන් කරන ත්‍රාසජනක අත්දැකීමක් මෙහිදී ඔබට ලබන්නට පුළුවන්.ඉතා ආරක්ෂිතව මේ කටයුතු ක්‍රියාත්මක වෙනවා.
කුළුණේ ප්‍රධානම පරමාර්ථය වූ පරිද්දෙන් කැනඩාවේ ප්‍රධාන රූපවාහිනී මධ්‍යස්ථාන වන CTV,
TVO, CBC,OMNI, Global, City,CFMT , රේඩියෝ මධ්‍යස්ථාන වන CBC,BOOM, JAZZ,
VIRGIN,EDGE, CHUM සේම Bell Media, TTC යන ආයතන තම සේවා ට්‍රාස්මිටර් මෙහි
සවිකර තිබෙනවා.
1975දී මෙය ඉදි වූ දා පටන් 2007 දක්වා ලෝකයේ උසම කුළුණ ලෙස කිරුළු දරා සිටියේ CN කුළුණයි. පසුව ඒ කිරුළ විවිධ රටවල ගොඩනැගිලි විසින් වරින් වර දිනා ගත් අතර ළඟදීම එය සවුදි අරාබියේ ජෙඩා කුළුණ විසින් හිමි කරගන්නා බව කියවෙනවා. ඒ කෙසේ වෙතත් අදත් උතුරු ඇමරිකා මහද්වීපයේ ඇති උසම ගොඩනැගිල්ල CN කුළුණයි. ජනප්‍රිය සංස්කෘතියේ සිනමා සහ ටෙලි නිර්මාණ රැසක දර්ශන තලයන්ට හසුවූ කුළුණ ටොරොන්ටෝවට එන කවුරුන් වුවත් තම ගමන සිහිකරන්නට සේයා රූ ගොන්නට එකතු කරගන්නා තැනක්.සේයාරූ -
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි
එහෙත් නෙලුම් කුළුණක් තියනවා නේ
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. එය ඉදිකිරීමේ හැබෑ අරමුණ දන්නෙ නෑ. ඒත් නියමෙට සැලසුම් කලොත් රටට බරක් නොවී දැන් වුනත් ඒකෙන් සල්ලි හොයන්න පුළුවන් ඇති.
Delete