රෝස කැකුළු මට මොකටද , ඔබේ දෙතොල් ළග
සමණල තටු පහස තිබෙයි ඔබෙ දෙකොපොල මැද
කවි ගී වල ඇති වරුණා නැතිමුත් ඉග ළග
රැජිනයි මට සතුට සදන සැමදා මා ළග
බාධක කම්කටොළු නැත්තෙ මේ ලොව කොයිබද
දිරිය නුබයි මවට පසුව හිත සුව කැන්දන
රිදෙන විටදි සිත තැවිලා හිතේ රිදුම් දෙන
හද සනසන පැන් බිද නුබ ඒ දුක් දුරුලන
දුක සතුටත් සමව දරා යන මේ සක්මන
එළිය කරන සද එළියයි සොමි ගුණ පතුරන
දරුවන් මැද සතුටු සිනා උතුරා පතුරන
සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන
අනුරුද්ධ වැලිගමගේ
2021 දෙසැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
https://londonkavi.com/
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න.
ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
ඒක අපුරුයි
ReplyDeleteමහේෂ් ඔබේ ප්රතිචාරයට බොහොම ස්තුතියි....
Delete👍 නියමයි..ම්
ReplyDeleteඔබේ ප්රතිචාරයට ස්තුතියි .....
Deleteකවි චිතරණය කිරීමට ඇත්තේ නිසඟ හැකියාවක් ඔබ සතුය!
ReplyDeleteඔබේ ප්රතිචාරයට ස්තුතියි .....
Deleteඅපූරු පද ගෙතුම්ක්.. නියමයි!
ReplyDeleteඔබේ ප්රතිචාරයට ස්තුතියි ....
Delete