මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 2, 2025

අමතක නැති රුහුණේ මතක ....

 


    

රුහුණටම විහිදෙන             තරු  ඇස්
වැල්ල මඩමට එන යන          හිරු  රැස්
එකතු කලාම  මළු වලට         හතරැස්
රුහුණු මතකය මුද්දකි            පේරැස් 

මුසු   උනා  කරදියත්                 වතුරේ 
දළ   රලත්   සිපගතිය               සයුරේ
හොර හොරෙන් බැලුවත්         මිතුරේ
ඒ මතක යනවාද                       අතුරේ

           ටයර්  සෑ  මත  මිළිනවූ            මිතුරන්           
පණඋනත් දෙන යහගුණැති සොයුරන්
ආදරය  හද  පුරා දුන්            කෙල්ලන්
තැනුවාලු යස  පිරිසක්            මිණිවන්

අනුරුද්ධ වැලිගමගේ


2025 අගෝස්තු  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

1 comment:

  1. රුහුණ කිව්වම මතක් වුණේ රංචගොඩ ළමයා...

    මෙහෙවු රටේ රංචාගොඩ ඉපදීලා
    රූනු රටට මං දීලා ඉළව්වේ
    කහට පොතු කකා කට හමයනවා ය
    හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ!

    පෝස්ටුවට ගැළපෙන් නෑ තමයි. ඒත් මතක් වුණාට ලිව්වා, මං මෙහෙ ඇවි් යන බවට මඟ සළකුණු තියන්න.

    ReplyDelete