මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 7, 2023

වින්දනීය සන්ධ්‍යාවෙන් වෙනස්ම මානයකට ......

 



හරියටම තව සති දෙකකින් ලබන  ඔක්තෝබර් 21 වෙනිදා හවස 6.30 ට ටොරොන්ටෝ පැවිලියන් එකේදී ඔබට වින්දනීය සන්ධ්‍යාව බලන්න පුළුවන්. 

වින්දනීය සන්ධ්‍යාවෙන්  ඔබට හමුවෙන්නෙ ලංකාවේ සිරස රූපවාහිනිය සංවිධානය කල Voice Teen Sri Lanka වැඩසටහන් වල අවසන් වටයේදී දක්ෂතා දැක්වූ ආදිත්‍යා වැලිවත්ත, එරන්දි හේෂානි සහ දේවකී කොතලාවල කියන යෞවනියන් තුන් දෙනා. ඔවුන්ගේ ගීත එක්ක වැඩසටහන ගලායද්දී ඒ පරිශ්‍රයේ විවිධ  තැන්වලින් ඔබට ජනයි ප්‍රියයි හමුවෙන්න පුළුවන්. ජනයි ප්‍රියයි කියන්නෙ දෙපැත්ත කැපෙන කථා සහ Double meaning  කථා නොකියන අපි අතරේ ඉන්නා අපිවම මතුකරලා අපව හිනස්සන හොද සන්නාමයක්. වින්දනීය සන්ධ්‍යාව ඉදිරිපත් කරන්නේ  දක්ෂ තරුණ නළුවෙක්, තිර පිටපත් රචකයෙක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වන පුබුදු චතුරංග.  


ලංකාවෙ ජනප්‍රිය ප්‍රවීණ කලා ශිල්පීන් එක්කෙනා , දෙන්නා විටින් විට ටොරොන්ටෝවට එද්දී මේ වගේ තරුණ පිරිසක් එකතු කරලා ප්‍රසංගයක් කරන්න හිතුනෙ ඇයි ? මේ වින්දනීය සන්ධ්‍යාවේ සම සංවිධායක පියුමලී ගෙන් ඇහුවා.


 " කැනඩාවෙ අපේ ශ්‍රී ලාංකික තරුණ පරම්පරාව ලංකාවේ නිර්මාණ හදුනාගන්නේ ජනප්‍රිය රියැලිටි තරග හරහා ඉදිරිපත් වන නියැදි වලින්. අපි හැමෝම මේ තරග යූ ටියුබයෙන් බැලුවා. හොද ජවයක් තියෙන මේ තරුණ කණ්ඩායම මේ වෙනකොට තමන්ගේම නිර්මාණ එකතු කර ගනිමින් ගමනක් යනවා. ඒක අපේ තරුණ පිරිසටත් ලාංකික නිර්මාණ කරන්න උනන්දුවක් ඇති කරාවි. ඒ වගේ උනන්දුවක් ඇති වුනොත් තමයි ඔවුන් අපේ පැරණි හොද නිර්මාණ හොය හොයා යන්නෙ.


ඒ වගේම තමයි උතුරු ඇමෙරිකාවෙ සහ යුරොපයේ Stand up comedy කියන එක හරි ජනප්‍රියයි. ලංකාවෙත් දැන් ඒ ගැන උනන්දුවක් ඇති වේගෙන එනවා. අපි ආස සින්දුත් එක්ක එකම වැඩසටහනකදී Stand up comedy එකතු උනාම ඒකෙත් අපුර්වත්වයක් තියේවි ".




ආදිත්‍යා රන්වල බලකායෙන් ජනගායනා සහ උමාරා සිංහවංශ යටතේ හඩ පාලනය පුරුදු වුනු කෙනෙක්. සිරස රූපවාහිනියේ සංගීත වැඩසටහන් ඉදිරිපත් කල කෙනෙක්. ඇගේම නිර්මාණ කිහිපයක් මේ වෙනකොට අන්තර්ජාලයෙන් ඔබට අහන්නට පුළුවන්. සංගීතයෙන් උසස් අධ්‍යාපනය හදාරන විශාරද එරන්දි ගේත් නිර්මාණ කිහිපයක් මේ වෙනකොට අන්තර්ජාලයෙන් ඔබට අහන්නට පුළුවන්. කැනඩාවේ උසස් අධ්‍යාපනය හදාරන දේවකී ත් මේ ගී රැල්ලට ආලෝකයක් එකතු කරාවි.    


  

ටොරොන්ටෝවේ සුමුදු ෆොන්සේකා ප්‍රමුඛ Matrix සංගීතයෙන් හැඩවන මේ හෝරා කිහිපය රශාන්ති හෙට්ටිආරච්චි ගේ රංගාරා, නුරාධි ගාල්ලගේ ගේ සංකලන සහ ඉමේෂා කෙත්මිණි ගේ කෙත් රූ නර්තන අංග වලින් හැඩවේවි. 


සෙනසුරාදා හැන්දෑවක බලන තවත් එක ප්‍රසංගයකට වඩා, Dinner Dance එකකට වඩා වෙනස් වැඩක් ඔක්තෝබර් 21 වෙනිදා හවසට ඔබටත් බලන්න පුළුවන් වේවි. වැඩි විස්තරත්      Online tickets මේ දිගුවෙන් ගන්න පුළුවන්  


https://www.facebook.com/events/983725682755687



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                        සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.


8 comments:

  1. අපි දෙතුන් දෙනෙක් අද (සෙනසුරාදා රාත්‍රී 10ට ) පෝස්ට් එක බැගින් දාන්නයි යන්නේ. මම ඒකට නමක් දුන්නා "ශනිදා දහයට" කියලා . (හිනා වෙන්න එපා) බලමු ඊළඟ සෙනසුරාදා; "ශනිදා දහයට" එකතුවෙන්න!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාර පමා වුනේ සති අන්තය කාර්ය බහුල වුනු හින්දයි . මංජුල ඒක හරිම හොද වැඩක් . මම කොහොමත් මගේ සතිපතා සටහන සෙනසුරාදා උදේට වැටෙන විදිහට තමයි සුදානම් කරලා තියෙන්නෙ. මමත් වෙලාව වෙනස් කරන්නම් . ඉඩ තියෙන විදිහට ලියල සෙනසුරාදාට පල කරනවා. ඔබේ අදහස වැදගත් වෙන්නෙ ඒ හින්ද බ්ලොග් රචකයින්ට හැම සතියෙම යමක් ලියන්න හිතෙන හින්දයි. ඔබේ තීරු ලිපි සටහන් හරිම රසවත් . එක හුස්මට කියවන්න පුළුවන්. දිගටම ලියන්න. සෙනසුරාදා බ්ලොග් ගමනට සුබ පැතුම්.

      Delete
  2. ඉතාමත් විනෝද ජනක සැදැවක් වෙයි වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. ලියෝනි ඔබත්, පවුලේ සැමත් එදාට හමුවේවි කියල හිතනවා.

      Delete
  3. Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  4. Replies
    1. ඩ්‍රැකී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete