මේ ඒ සම්බන්ධයෙන් යූ ටියුබයේ මා බැලූ විද්වත් සංවාද කිහිපයක්. ඒවාට සහභාගී වූ විද්වත් සම්පත්ධාරීන් ගේ දේශපාලන සහ පුද්ගල මතවාද වලින් බැහැරව මේ කාරණාව සම්බන්ධයෙන් දැක්වූ වැදගත් අදහස් මත මේ දිගු මගේ සටහනට එකතු කලා. ඉඩක් තිබුනොත් අහල බලන්න.
මේ ඒ සම්බන්ධයෙන් යූ ටියුබයේ මා බැලූ විද්වත් සංවාද කිහිපයක්. ඒවාට සහභාගී වූ විද්වත් සම්පත්ධාරීන් ගේ දේශපාලන සහ පුද්ගල මතවාද වලින් බැහැරව මේ කාරණාව සම්බන්ධයෙන් දැක්වූ වැදගත් අදහස් මත මේ දිගු මගේ සටහනට එකතු කලා. ඉඩක් තිබුනොත් අහල බලන්න.
" ටොරොන්ටෝ හද ගැස්ම"
එකම දවසක, එකම වේදිකාවක , එකිනෙකට වෙනස් සංගීත ශානරවල විවිධ භාෂාවන්ගෙන් තම නිර්මාණ ඉදිරිපත් කරන සංගීත කණ්ඩායම් 12 ක් සහ ඩීජේවරුන් පස් දෙනෙක් ප්‍රසංගයක් වෙනුවෙන් එකතුවීම අසාමාන්‍ය දෙයක්.
2025 දෙසැම්බර් මස 14 වැනි ඉරිදා සවස ටොරොන්ටෝවේ Royal king Event Centre ශාලාවට ශ්‍රී ලාංකිකයන් එකතු වුණේ ටොරොන්ටෝ හද ගැස්ම ප්‍රසංගය වෙනුවෙන්.
ප්‍රසංගය කඩිනමින් සංවිධානය වූයේ පසුගියදා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාව ගොඩනැංවීම වෙනුවෙන් ඇරඹූ අරමුදලට මුදල් එකතු කිරීමටයි.
දැඩි ශීතලත්, ඉන් පසු දා උදෑසන රාජකාරි කටයුතු ගැනත් නොසිතා, විශාල පිරිසක් ඒ වෙනුවෙන් එක්ව සිටියා.
ටොරොන්ටෝ ඉතිහාසයේ පළමුවරට සංවිධානය කෙරුනු මේ ප්‍රසංගය ජෝන් පෙරේරා, ප්‍රමුඛ සංවිධායක මඩුල්ලක් විසින් සංවිධානය කෙරුණේ දින දහයක් වැනි කෙටි කලකදී .
ශ්‍රී ලාංකික ශබ්ද ඉංජිනේරුවරුන්, ප්‍රසාංගික සහාය ශිල්පීන්, වීඩියෝ තිර සැපයුම්කරුවන් , සියලුම සංගීත කණ්ඩායම් සහ DJ වරුන් මේ වෙනුවෙන් තම යුතුකම ඉටු කළේ කිසිදු මුදලක් අය නොකරමින්.
මේ උත්සවය වෙනුවෙන් විශේෂ තේමා ගීයක් රචනාවී තිබුනු අතර වැඩසටහන අවසානයේදී එය සියළු කණඩායම් එකතුව ගායනා කෙරුනා. මේ අවස්ථාව ආවරණය කිරීම සඳහා ටොරොන්ටෝවේ සියලු ප්‍රජා මාධ්‍ය ආයතන සහභාගි වීමත් සුවිශේෂයි.
මේ ඒ වෙනුවෙන් ලියැවුනු තේමා ගීතය
මුතු ඇට ලස්සන පෙළකට හැදෙන තරමටයි.....
මේ රන් වැටයි පිබිදෙනා අපෙ රටයි
ජවය ඇත්තෙ වැටි වැටි නැගිටිනා තරමටයි
මේ මල් මිටයි එකමුතු බලය එතකොටයි
මුතු ඇට ලස්සන පෙළකට හැදෙන තරමටයි
ඉන්නෙ පිටරටයි ඒත් හිත ඇත්තෙ මව් රටෙයි
ලේ නෑදෑකම් උරුමය ඔක්කොටම යටයි
හිතට හරි දුකයි හැගුමන් හඩන තරමටයි
කදුළු, සුසුම් බර හදවත රිදෙන තරමටයි
මේ රන් වැටයි පිබිදෙනා අපෙ රටයි
ජවය ඇත්තෙ වැටි වැටි නැගිටිනා තරමටයි
මේ මල් මිටයි එකමුතු බලය එතකොටයි
මේ මල් මිටයි එකමුතු බලය එතකොටයි
මුතු ඇට ලස්සන පෙළකට ....හැදෙන තරමටයි
ජාති මොටද , ආගම් කුල හිතන තරමටයි
හමං ආව සුළි සුළඟට ඔක්කෝම යටයි
මුලක ඉදන් රට හදන්න හැක්කෙ අපහටයි
සැගවුණු මුතු ඇටය මතුව එන්නෙ ඒ විටයි
මේ රන් වැටයි පිබිදෙනා අපෙ රටයි
ජවය ඇත්තෙ වැටි වැටි නැගිටිනා තරමටයි
මේ මල් මිටයි එකමුතු බලය එතකොටයි
මේ මල් මිටයි එකමුතු බලය එතකොටයි
මුතු ඇට ලස්සන පෙළකට ....හැදෙන තරමටයි
අනුරුද්ධ වැලිගමගේ
සේයා රූ – Maple Ceylon මුහුණු පොත් පිටුවෙන්
https://www.facebook.com/mapleceylon
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.
සුළි කුණාටුවකටත් හැකිද අප නවතන්න
අපි එකට එක්වෙලා ඉන්නවා
සැඬම ගංවතුරකට හැකිද ගම් වනසන්න
ආයෙමත් අපි ගමම හදනවා
ආයෙමත් අපි රටම හදනවා
වැටෙන වැටෙනා තරම් හැකියි යලි නැගිටින්න
අඩුපාඩු අපි අපට පේනවා
වැටුණු ගම් ගොඩනගමු
එක්ව දැය ගොඩනගමු
එක්සිත්ව අපිත් පෙල ගැහෙනවා
සුළි කුණාටුවකටත්.....
විසිර වෙසෙතත් ලොවේ මූදු හතකට එහා
මව්බිමේ දුක අපට දැනෙනවා
කදුළු සුසුමන් මැදින් දිරිය ගෙන නැගිටින්න
අපි අපිම එකට පෙල ගැහෙනවා
මිනිස් වැට රට වටේ හදනවා
ආයෙමත් අපි රටම හදනවා
එක්සිත්ව එකට පෙල ගැහෙනවා
අනුරුද්ධ වැලිගමගේ
යූ ටියුබ් දිගුව ( Short Clip )
දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර කල හදිය ගැන අපි පහුගිය දවස්වල කතා කලා. වෙනස්වන ගෝලීය තත්වයන් හමුවේ මෙවන් දෑ යලි සිදුවීමේ අවදානම ලංකාවෙන් බැහැර වන්නේ නැහැ. මීට පෙර සිදුවූ සිදුවීම් වලදී අපි පාඩම් ඉගෙන ගත්තා නම් සහ ඒ අඩුපාඩු හරියට හදා ගත්තා නම් විය හැකිව තිබූ ආපදා අවම කරගන්නට තිබුනා. මෙවර යම් වෙනසක් වේවි යැයි සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා. ඒක පක්ෂ දේශපාලන බලාපොරොත්තුවක් නොවෙයි. හැබැයි ඒකට රටේ සහ ලොව වටා සිටින ශ්‍රී ලාංකික උරුමයක් තිබෙන සැමගේ දායකත්වය, වගකීම් සහ වගවීම් වැදගත් වෙනවා.
මේ නිර්මාණ කාර්යයයේදී මට කෘතීම බුද්ධි වීඩියෝ නිර්මාණ පිළිබද යොමු සදහා උදව් කල රූපණ විධායක නිෂ්පාදක වීරා ෆොන්සේකා මහතාටත් , වීඩියෝවේ පළමු විනාඩිය මගේ හිත් ගත් අයුරින් සකස් කල ගායක ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා මහතාටත් මගේ ස්තූතිය හිමිවෙනවා.
මේ ඒ ගීතය වෙනුවෙන් කෙරුනු යූ ටියුබ් සහ මුහුණු පොත් දිගු. ඒවායින් එය රසවිඳ ඔබේ අදහස් ලියන්න . මිතුරන් අතරේ බෙදා ගන්න.
යූ ටියුබ් දිගුව
ගේය පද - අනුරුද්ධ වැලිගමගේ
සංගීතය - තරිඳු ජයතිලක
ගායනය - අනෝජා මකුලොළුව
සංස්කරණය - රවිඳු කන්නන්ගර
බැනර් නිර්මාණය - කාවින්දි වනිගසේකර
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
දිට්වා සුළි කුණාටුව කියන්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වභාවික විපත. ඉන් ලංකාවේ ප්‍රදේශ රැසක මිලියන ගණනාවක පිරිසකට බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. මේ විශේෂ වැඩසටහන ඒ වෙනුවෙන්.
සාමාන්‍යයෙන් රූපණ කණඩායමේ අපි අපේ සුපුරුදු වැඩසටහන
ගේන්නෙ සතියෙ සෙනසුරාදා උදේ . ඒත් අපි අද ඒක වෙනස් කලා.
ඒ මේ වගේ වෙලාවක මාධ්‍ය ජාලයක කාර්යභාරය වෙන්න ඕන
විපතට පත් අපේම ලේ නෑදෑකම් තියෙන ශ්‍රී ලාංකික පිරිසට කැනඩාවේ
ඉන්නා ඔබ අපට කොහොමද උදව් කරන්න පුළුවන් කියල කතා කරන්න.
දිට්වා කියල කියන්නෙ මෑත ඉතිහාසයේ ඉන්දියන් සාගර කලාපයේ
වගේම ලෝකයේ සිදුවුණු දරුණු සුළි කුණාටුවක්. 2025 නොවැම්බර්
මාසෙ 26 වැනි බදාදා සවස 6 ට ලංකාවේ නිරිත දිග වෙරළ ප්‍රදේශයෙන්
පටන් ගත්ත මේ සුළි කුණාටුව ඉන්දියන් සාගරයෙන් ඔසවා ගත් විශාල
ජල කදක් දවස් 3 ක් තිස්සේ විශාල වර්ෂාපතනයක් විදිහට ලංකාවේ
විවිධ ප්‍රදේශ වලට ඇද හලලා 2025 නොවැම්බර් 29 වැනි සෙනසුරාදා
වෙනකොට දිවයිනේ ඊසාන සහ උතුරු දිසාව හරහා බෙංගාල බොක්ක
දිහාවට ගිහින් තියෙනවා. ඒ සමහර අවස්ථාවල සුළගේ වේගය නොට්
75 ක් දක්වා අගයක් වාර්තා කරමින්.
ලෝක කාලගුණ සංවිධානය තමයි සුළි කුණාටු වලට නම් ලබා දෙන්නෙ.
ඒ සන්නිවේදන , වාර්තාකරණ සහ තොරතුරු එක් රැස් කරගැනීමේ පහසුව
නිසා . ඒ අනුව මේ කුණාටුවට කුණාටු ලැයිස්තුවේ තිබුනු දිට්වා කියන නම
ලැබුනෙ. දිට්වා කියල කියන්නෙ ස්කොට්ලන්තයේ තියෙන කලපුවක්.
මේ දිට්වා සුළි කුණාටුව ලංකාවට කළ බලපෑම මොන වගේ එකක්ද ?
මේ වනවිට වාර්තා වෙලා තියෙන විපත මොන වගේද ?
ඔබ දන්නා විදිහට විපතට පත් ජනතාවට සේවා සැලසීම සදහා ක්‍රියාත්මක වන මෙහෙයුම් සහ සේවාවන් මොනවාද ?
නිරෝධ කාරියවසම් , සංස්කාරක - ශ්‍රී ලංකැන් නිව්ස් , මතුගම සිට
ලංකාවෙන් පිටත ජීවත්වන අපේ ලේ නෑදෑකම් තියෙන පිටරටවල ජනතාව මේ සිදුවීම් දිහා බලන් ඉන්නෙ බොහොම දුකෙන් වගේම කණගාටුවෙන් . ඔවුන් බොහෝ දෙනෙක් බලා ඉන්නෙ මොනවද ? කොහොමද ? අපි මේ වේලාවේ විපතට පත් අයට උදව් කරන්නෙ කියල
විජිත හේරත් , ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය
ශ්‍රී ලංකාවට මේ වෙනුවෙන් ලැබෙන විදේශාධාර සම්බන්ධීකරණ කටයුතු කරන තුෂාර රොඩ්රිගෝ මහතාට. හිටපු ටොරොන්ටෝ කොන්සල් වරයා නිසා බොහෝ දෙනෙක් ඔහුව දන්නවා.
තුෂාර රොද්‍රිගෝ, අධ්‍යක්ෂක ජනරාල්, විදේශ අමාත්‍යංශයේ හදිසි ආපදා කළමනාකරණ ඒකකය.
විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කල විශේෂ නිවේදනය ....
මව්බිමෙන් බැහැර විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකික පිරිස් වලට ඔබේ ආධාර මුදල් භාණ්ඩාගාරයේ තිබෙන විශේෂ අරමුදල වෙත ලබා දෙන්නට පුළුවන් . ඔබ ලබා දෙන සියළු ආධාර වෙනුවෙන් ඔබට ඔවුන් රිසිට් පතක් නිකුත් කරනවා.
ටොරොන්ටෝ කොන්සල් කාර්යාලය
01, Eglinton Avenue East, Suite No 501, Toronto, Ontario, M4P 3A1
Tel: 416 323 9133, Fax: 416 323 3205, Email: srilanka@bellnet.ca
Office Hours: 9:00am – 4:45pm
ඔටාවා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
333 Laurier Ave W #1204, Ottawa, ON K1P 1C1
Tel: 613 233 8449 / 613 233 7821 Fax 613 238 8448 Email: slhcit@rogers.com
Office Hours: 9:00am – 4:45pm
මිසිසාගා වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරය මේ විපතට පත් අය වෙනුවෙන් කරන ආධාර වැඩසටහන
A relief effort by Mississauga Buddhist Temple / Halton Peel Buddhist Cultural Society / West End Buddhist Temple and Meditation Centre
https://old.westendbuddhist.com/standby4/index.php/activities/231-cyclone-victims2025
Please click here to donate: https://www.canadahelps.org/en/dn/141132
ආචාර්ය බංගලිදේශයේ සරණපාල හිමි, මිසිසාගා වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරය
මේ සිදුවීම ගැන දැනගත්ත සැනින් කැනඩාවේ ක්‍රියාත්මක වූ පිරිස් කිහිපයක් හිටියා. ඒ එක පිරිසකට නායකත්වය දෙන්නේ ප්‍රකට සමාජ සේවිකාවක වන චමිලා ජයතිලක මහත්මිය
පසු සටහන - ඇගේ බලාපොරාත්තුව වී තිබුනේ වියලි ආහාර ද්‍රව්‍ය කිලෝ 1000 ක් ගුවනින් ලංකාවට යැවීම. බදාදා දිනය ( 2025 දෙසැම්බර් 3) වනවිට කිලෝ 6000 කට වඩා වැඩි ආහාර ද්‍රව්‍ය එකතුවී තිබුනු බවත් ඉන් කිලෝ 1000 ක් ගුවනින් යැවූ බවත් ඉතිරිය ඉදිරියේදී නැව් බහාලුම් තුල ලංකාවට යැවෙන බව ඇගේ මුහුණු පොතේ තිබුනා. ( අධික වියදම නිසා සහ ඒවා ඉදිරියේදීත් භාවිතා කළ හැකි නිසා )
අප මේ අවස්ථාවේදී විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ආධාර ව්‍යාපෘති මෙහෙයවන කණ්ඩායම් ගැන ජාති , ආගම් , දේශපාලන බේදයකින් තොරව දැනුවත් කිරීමක් කරන මෙහෙවරයි කරන්නේ .
මේ ජාතික ජන බලවේගය කැනඩා ශාඛාවේ ආධාර ව්‍යාපෘතිය වෙනුවෙන් ආචාර්ය උදේනි අලවත්තගේ
Donation link
Sri Lanka Flood Disaster Relief Appeal
අපි Brothers කියන්නේ ටොරොන්ටෝ අවට සිටින ආදී ආනන්ද සහ නාලන්දා විද්‍යාලීය සිසුන්ගේ එකමුතුවක්.
ඔවුන් පානීය ජලය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. ඔවුන්ගේ අපේක්ෂාවෙන් කොටසක් මේ වනවිටත් යවා තිබෙනවා.
https://gofund.me/376b9005a
සේන මුණසිංහ, අපි Brothers
ටොරොන්ටෝ සිංහල සංගමය , දෙරණ ආයතනයේ මනුසත් දෙරණ සමග එකතුවී ප්‍රජා සත්කාරයට දායක වෙනවා
චමින්ද යාපා, සභාපති, කැනඩා සිංහල සංගමය
ටොරොන්ටෝ මහමෙව්නා අසපුව තුල ක්‍රියාත්මක We care for Youඑකමුතුව මගින් මේ සමාජ සත්කාරයට දායක වන ආකාරය
ශාසනසරණ ස්වාමීන් වහන්සේ , We care for You, ටොරොන්ටෝ මහමෙව්නා අසපුව
Pls donate via e-transfer to donations@wecareforyou.ca
Web sites : wecareforyou.ca, Meditationgta.org
රූපණ මාධ්‍ය ජාලය වෙනුවෙන් අප මේ අවස්ථාවේ දක්වන සමාජ සත්කාරය ගැන අපි විමසුවා අපේ කල්ප සමරතුංග සොයුරාගෙන්.
කල්ප සමරතුංග, ප්‍රධාන විධායක නිලධාරී - Srilancan Events
ශ්‍රී ලංකාවේත් තවමත් ආධාර අවශ්‍ය කාටද? , ඒවා කුමන මට්ටමකින් ඒ ඒ ප්‍රදේශවලට අවශ්‍යද , අවතැන් වූ ජනතාවගේ අවශ්‍යතා, නැවත පදිංචි කිරීම් සහ ලැබෙන ආධාර කළමනාකරණය වෙනුවෙන් තොරතුරු එක් රැස් කිරීම් සහ යාන්ත්‍රණ සකස් කෙරෙමින් පවතිනවා . ඒ වගේම කැනඩාවේත් විවිධ ප්‍රදේශවල විවිධ කණ්ඩායම් මෙවන් සමාජ සත්කාර සදහා පෙල ගැසෙනවා. අපි අද මේ වැඩසටහන කලේ ඒ වෙනුවෙන් පෙරගමනක් ලෙසයි. මේ සත්කාර වල තවත් විස්තර සහ පසු විපරමක් ඉදිරි දිනක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
2025 දෙසැම්බර් 3 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි
මේ දිගුවෙන් රූපණ වෙබ් අඩවියට පිවිසෙන්න
https://rupane.com/2025/12/03/rupane-episode-481-december-03-2025/
ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා



කැනඩාව කියන්නේ සංක්‍රමණිකයන්ගෙන් පිරුණු රටක්. ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යටත් විජිත බල ප්‍රදේශ ලෙස පැවැති බිම් කොටස් 1867 දී කැනඩාව නම් වූ රාජ්‍යයක් ලෙස සකස වුනු පසුවත් අද මේ අප දකින රට බිහිවන්නට විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විශාල වශයෙන් දායක වී තිබෙනවා. ඒ අතරින් බහුතරයක් දෙනා ආවෙත් ආවේ යුරෝපයෙන් නැව් මගින් අත්ලාන්තික් සාගරය තරණය කරමිනුයි.
හැලිෆැක්ස් වරාය හරහා කැනඩාවට පිවිසෙන සංක්‍රමණයකින්ගේ කටයුතු පහසු කරනු පිණිස කැනඩා රජය විසින් හැලිෆැක්ස් වරායේ 21 වන ජැටිය ආශ්‍රිතව මධ්‍යස්ථානයක් පිහිටවනු ලැබුවේ 1928 වසරේ දී. ඒ හරහා නැව් මගින් එන මගීන් සේම ඔවුනගේ බඩු බාහිරාදිය ගොඩබෑම ක්‍රමවත්ව සිදු කරන්නටත් එවක ප්‍රධාන ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යය වූ දුම්රිය භාවිතයෙන් ඔවුන් යන්නට බලාපොරොත්තු වූ කැනඩාවේ ඈත ගමනාන්තයට යවන්නටත්, නීතිමය වශයෙන් ඉතා වැදගත් ආගමන කටයුතු නිසි ලෙස සිදුකරන්නටත් , රේගු කටයුතු වෙනුවෙනුත් පරිශ්‍ර ඉදි කෙරුණා. රැකියාව හෝ සංක්‍රමණ සම්බන්ධය තහවුරු කෙරෙන තුරු තාවකාලික රඳවා තබා ගැනීම් කරන්නටත්, එකල අත් අකුරින් භාෂා පරිවර්තකයන්ගේ සහායෙන් පිරවෙන පෝරම බහුල ලේඛන කටයුතු සඳහා ගතවෙන කාලයේදී කුඩා දරුවන් බලා ගැනීමට මෙන්ම දුම්රියෙන් දින කිහිපයක් ගමන් ගන්නා කාලයේදී කෑම පිසීමට අවශ්‍ය බඩු මිලදී ගන්නට කුඩා වෙළද සැලක් සේම මේ පරිශ්‍රයේ සිටිනා කාලය තුළ ආහාර ලබාගන්නට අවශ්‍ය පහසුකම් වලින් මේ සංකීර්ණය පිරී තිබුණා.
දෙවන ලෝක යුධ සමය අවසන් වූ සැනින් ජනගහණය අධික ලෙස වර්ධනය වුවත් ( Baby boomers) , ඉන් පසුව එලෙස ජනගහණය වර්ධනය නොවීම නිසා කැනඩාවට අවශ්‍ය අන්දමින් රටේ ශ්‍රම බලකාය වර්ධනය වුනේ නැහැ. වැඩිවන විශ්‍රාමික පිරිසට දීමනා ලබාදීම සහ රටේ එදිනෙදා ව්‍යාපාර සහ සේවා පවත්වා ගෙන යාමට කැනඩාවට වැඩි වැඩියෙන් පිරිස් අවශ්‍ය වුනා. එයට විසදුමක් ලෙස යුරෝපයට පමණක් නොව ලෝකයේ අනෙකුත් මහද්වීපවල සිටින පිරිස් සඳහාත් කැනඩාවේ සංක්‍රමණික ඉඩකඩ විවෘත වීම නිසා ලෝකයේ නන් දෙසින් පැමිණි පිරිස් වාණිජ ගුවන් යානා මගින් පැමිණිමත් නිසා 1971 දී මේ පරිශ්‍රය වසා දැමුණා.
කැනඩාවේ දෙකොන යා කළ කැනීඩියන් පැසිෆික් දුම්රිය මාර්ගය දෙපස ප්‍රෙයරි තණබිමේ සරුසාර ඉඩම් සංවර්ධනය සඳහා , 1940- 50 කාල සීමාව තුළ දෙවන ලෝක යුද්ධයෙන් පීඩා විඳි පිරිස්, දෙවන ලෝක යුද්ධයට කැනඩාවෙන් යුරෝපයට ගිය සෙබළුන්ට දාව උපන් දරුවන් සමග පැමිණි යුධ බිරියන්
( War Brides) නිසාත් මේ පරිශ්‍රය කැනඩා ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙනවා.
1971 සිට 1997 දක්වා විවිධ නාවික පුහුණු කටයුතු සඳහා භාවිත වූ මේ පරිශ්‍රය 1997 දී National historic site එකක් බවටත්, 2009 දී හැලිෆැක්ස් වරාය පාලනාධිකාරිය සමඟ එක්වී කැනඩාවේ ජාතික සංක්‍රමණික කෞතුකාගාරය ලෙසත් සකස් කෙරුනා . මෙය කැනඩාවේ තිබෙන ජාතික කෞතුකාගාර නමයෙන් එකක් වගේම කැනඩාවේ අග නගරය වන ඔටවා නුවරින් පිටත පිහිටුවා තිබෙන ජාතික කෞතුකාගාර දෙකින් එකක්,
කැනඩාවේ සංක්‍රමණික ක්‍රියාවලියේ සම්පූර්ණ කතන්දරය මේ කෞතුකාගාරයේදී ඔබට මැනවින් වටහා ගන්නට පහසු ආකාරයට මෙම කෞතුකාගාරය මනාව නිර්මාණය කර තිබෙනවා. පැයෙන් පැයට ක්‍රියාත්මක වන ගයිඩ් ටුවර් එකට එකතු වුණොත් ඔබට එහි තොරතුරු සජීවි අන්දමින් විස්තර කරන්නට එහි මග පෙන්වන්නන් කටයුතු කරනවා. භාවිතයෙන් ඉවත් කළ CN - Canadian National මගී දුම්රිය ගැල් දෙකක් ඇතුලට වන්නටත් පිටතට පෙනෙන පරිදිත් පිහිටුවා තිබෙනවා. ඒ ඇසුරින් එදා සංක්‍රමණිකයන්ගේ කැනඩාව ඇතුළත දුම්රියෙන් ගමන් කළ හැටි ගැන ඔබට සම්පූර්ණ අවබෝධයක් ගන්නටත් පුළුවන්.
විසිඑක්වන ජැටිය අදත් හැලිෆැක්ස් වරාය භාවිතා කරනවා. අද එය භාවිතා වන්නේ සංචාරකයින් ගමන් කරන Cruise Ships සඳහා.
21 වන ජටිය සකස් කරන්නට පෙර කැනඩාවට මිනිසුන් සංක්‍රමණය වූ හැටි, හැලිෆැක්ස් වරාය එහිදී මූලික වුණේ ඇයි ?. කැනඩාවට ඇතුළුවන්නට සංක්‍රමණික පිරිස් මේ යොදාගත්තේ කොහොමද ? අත්ලාන්තික් සාගරය හරහා සති දෙකක තුනක ගමන කොයි වගේ එකක්ද? නැව්වල කුටි සහ සැකැස්ම , කැනඩාවට පැමිණි පසු මේ පරිශ්‍රයේදී සිදුවූ ක්‍රියාවලිය, සංක්‍රමණික රෝහල, කැනේඩියානු පුරවැසියෙකුට එහෙමත් නැත්නම් ස්ථිර පදිංචිකරුවෙකුට 21 වන ජැටිය වැදගත් වන්නේ කොහොමද ? , නැවෙන් ගොඩ බට පිරිස් සිය වාරය එනතුරු රැඳී සිටි ශාලාවේ තොරතුරු , මගීන් එකිනෙකා ගෙනා විවිධ වර්ගයේ බඩු භාණ්ඩ සහ ගමන්මළු , කැනඩාවේ විවිධ සංක්‍රමණික රැළි, 21 වැනි ජැටියේ මතක සොයාරූ එකතු, මේ පරිශ්‍රයේ සේවය කළ නිලධාරීන් සහ සේවකයින්ගේ නිල ඇඳුම්, මෙහි සේවයේ යෙදුණු ස්වේච්ඡා පිරිස ගැන පූර්ණ අවබෝධයක් ඔබට මේ කෞතුකාගාර සංචාරයකදී දැනගන්නට පුළුවන්.
මේ කෞතුකාගාරයේම පහත මාලයේ පිහිටුවා තිබෙන SFHC - Scotiabank Family History Centre ආයතනය මගින් ඔබේ මුතුන් මිත්තන් මේ පරිශ්‍රය හරහා කැනඩාවට පැමිණ ඇත්නම් ඇත්නම්, ඔවුන් කැනඩාවට පැමිණි යාත්‍රාව සහ නැංගුරම් ලද දිනය, ඔවුන් ගමන් ගත් දුම්රිය, පදිංචිය පිණිස ගියේ කුමන ප්‍රදේශයකටද, සමහර විට ජීවත් වූ ප්‍රදේශයේ තොරතුරු දැනගන්නටත් පුළුවන්. ඊට අමතරව මේ විෂය පිළිබඳ පර්යේෂණ කරන අයට ප්‍රයෝජනවත් වන පරිශීලන ග්‍රන්ථ සහ තොරතුරු එකතු රැසක් මෙහි තිබෙනවා.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.