මේ දිනවල කැනඩාවේ ටොරොන්ටෝ නගරයට තිබෙන්නේ දැඩි ශීතල කාලගුණයක්. ගෙවුණු සති දෙක තුල හිම කුණාටු කිහිපයක්ම පැමිණි නිසා ඉතා විශාල හිම ප්‍රමාණයක් මාර්ග අයිනේ, නිවෙස් සහ අවට පරිසරය පුරාම පිරී තිබෙනවා. විටින් විට හමන සුළං ඒ හිම තැනින් තැනට විසුරුවා දමනවා.
කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ නිවාඩු දිනයක් වූ නිසා 2025 පෙබරවාරි 17 වන සඳුදා බොහෝ දෙනෙක් හිටියේ නිවෙස්වලයි.
ඒත් ධාවන පථ (Runways ) 5 ක් තිබෙන මිසිසාගා නගරයේ කොනක පිහිටා තිබෙන ටොරොන්ටෝවේ ලෙස්ටර් බී පියර්සන් ගුවන් තොටුපල ( Toronto Lester B Pearson International Airport ) පුරුදු කලබලයෙන්ම වැඩවල යෙදුනා.
පියර්සන් ගුවන් තොටුපොල ගැන වැඩි විස්තර මේ දිගුවෙන් ඔබට කියවන්නට පුළුවන් .
Toronto Pearson International Airport
https://en.wikipedia.org/wiki/Toronto_Pearson_International_Airport
බොම්බාඩියර්( Bombadier) CRJ700 - 1000 කියන්නේ කැනඩාවේ බොම්බාඩියර් ගුවන් සමාගම විසින් 1999- 2020 කාලයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රාදේශීය ගුවන් ගමන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආසන 2 කේ 2 කේ ආසන පිලිවෙල අනුව නිර්මාණය කරන ලද මගී ජෙට් යානයක්. ඒවායේ ආසන ධාරිතාවය 50 සිට 104 දක්වා වූ මාදිලි රැසක් යටතේ යානා 924 ක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒවායින් බොහොමයක් තවමත් මගී ගුවන් ප්‍රවාහනයේ යෙදෙනවා. එයින් යානා 15 ක් පමණ කැනඩාවේ ජාතික ගුවන් සේවය වන Air Canada යටතේ ක්‍රියාත්මක වන Jazz ගුවන් සේවය මගින් සේවයේ යොදවා තිබෙනවා. ඒ යානාවක් පිටතින් සහ ඇතුලතින් දැක තිබුනත් ඒ යානාවක ගමන් කරන්නට නම් ඉඩක් ලැබී නැහැ. සමහරු කියන්නේ මේ යානා වල ශබ්දය සහ දෙදරුම තරමක් වැඩියි කියලයි. ලොව පුරා රටවල් රැසක ගුවන් සේවා රැසක් මේ යානා සේවයේ යොදවා තිබෙන බව වාර්තා වෙතත් ඉන් විශාල ප්‍රමාණයක් සේවයේ යොදවා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක වන ගුවන් සේවාවන් විසින්.
Bombardier CRJ700 series
Delta Connection Flight 4819
https://www.cbc.ca/news/canada/toronto/wednesday-delays-pearson-crash-1.7462665
ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපලේදී ගුවන් අනතුරක් – යානය හිම මත උඩුකුරුව පෙරලෙයි.
https://srilancan.ca/2025/02/21/%e0%b6%a7%e0%b7%9c%e0%b6%bb%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%9d-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-2/
2025 පෙබරවාරි 17 වැනිදා අනතුර නිසා පැය 3 ක කාලසීමාවකට පියර්සන් ගුවන් තොටුපලේ ධාවන පථ වසා සියළු ගුවන් යානා හැමිල්ටන්, මොන්ට්‍රියල් සහ ඔටාවා නගරවල පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපල කරා යොමුකොට තිබුනා. පරීක්ෂණ සහ අනතුරට පත් ගුවන් යානය ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් ධාවන පථ 2 ක් වසා තැබුනු නිසා 20 වැනිදා පාන්දර වනතුරු ගුවන් ගමන් ප්‍රමාද සහ අවලංගු කිරීම් ගැන වාර්තා වුනා. මේ වනවිට වාර්තා වන අන්දමට ඩෙල්ටා ගුවන් සමාගම මගීන් වෙනුවෙන් යම් මුදල් ප්‍රධාන ගැන ප්‍රකාශ නිකුත් කර තිබෙන අතර මගීන් එකතුව යම් නීතිමය වන්දි ක්‍රමවේද කරා යන බවත් කියැවෙනවා. යාන්ත්‍රික දෝෂ, නියමු වැරදි, අයහපත් කාලගුණය අනතුරට හේතු වූවාද හෝ ඒවායේ එකතුවක් දැයි කියා කියන්නට තවත් කලක් ගත වේවි. ඒ කෙසේ වෙතත් ඒ තොරතුරු අනාගතයේ එවැන්නක් නොවන්නට පියවර ගැනෙන ඒවා වේවි .
https://www.ctvnews.ca/toronto/article/all-passengers-injured-in-pearson-plane-crash-have-now-been-released-from-hospital-delta-says/

No comments:
Post a Comment