කෘතීම බුද්ධිය ලෝකයේ වත්මන් බල අර්බුදය
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ලෝක දේශපාලනය සහ කෘතීම බුද්ධිය මේ වනවිට ලෝකය පුරා විශාල කතිකාවතක් නිර්මාණය කර තිබෙනවා. මේ වැඩසටහන ඒවා අතර සහ සම්බන්ධය සවිස්තරාත්මකව පෙන්වා දෙන සිංහල බසින් කෙරුනු අගනා විශ්ලේෂණයක්
යූ ටියුබ් චැනලය - Next Watch
වැඩසටහනේ නම - AI එක්ක වෙනස් වෙන භූ දේශපාලනයේ අපට හිමි තැන.
සන්නිවේදකයින් - දමිත් කේතක , චාමර සුමනපාල
සම්පත් දායකයා - චමීර දෙද්දුවගේ
සාමාන්‍ය ජීවිතයටත් ගත හැකි ලීන් ක්‍රමවේදය
ජපානයේ ටොයෝටා ආයතනය තම නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් සකස් කෙරුණු ක්‍රමවේදය ඇමෙරිකාවේදී ලීන් නමින් සංවර්ධනය වී ලෝකය පුරා ව්‍යාපාර සදහා වර්තමානයේදී යෙදවෙනවා. එය සාමාන්‍ය ජීවිතයේ ඕනෑම දෙයකට භාවිතා කරන්නත් පුළුවන්. මේ වැඩසටහන එය කදිමට විස්තර කරනවා.
යූ ටියුබ් චැනලය - Business Advisor
වැඩසටහනේ නම - නාස්තිය අඩු කරලා ලාභ වැඩි කරන ඔයා නොදන්න Lean රහස්.
සන්නිවේදකයා - විරාජ් හේනේගෙදර
සම්පත් දායකයා - දර්ශන බී රත්නායක
අනාගතයේදී විද්‍යාඥයෙක් වෙන්න නම්
විදෙස් අත්දැකීම් සහිත විද්‍යා සන්නිවේදකයින් දෙපලක් කල මේ වැඩසටහන උසස් අධ්‍යාපනයට පිවිසෙන දුවා දරුවන්ට වගේම තමන්ගේ අධ්‍යාපන තත්වය වැඩි දියුණු
කර ගන්නට කැමති ඕනෑම කෙනෙකුට මග පෙන්වන කදිම වැඩසටහනක්
යූ ටියුබ් චැනලය - Dr Ru Somaweera
වැඩසටහනේ නම - අනාගතයේදී විද්‍යාඥයෙක් වෙන්න නම් | To be a scientist
සන්නිවේදකයා - ආචාර්ය රුචිර සෝමවීර
සම්පත් දායකයා - ආචාර්ය රුචිර විජේසේන
පිටසක්වල ග්‍රහලෝක හොයන අපේ එකා
සිව්මන්සල කොළු ගැටයා නමින් රාවයට ලියූ නාලක ගුණවර්ධන විදුසර පත්තරෙන් ,
ඇතුළු මාධ්‍යය රැසකින් සරලව අපූරු දෑ ලියන ද්වි භාෂා ලේඛකයෙක්. මෑතකදී ලෝ
පුරා මහත් ජනප්‍රිය වූ රේ ජයවර්ධන මහතා ගැන ඔහු කල හරබර කතාබහක්
යූ ටියුබ් චැනලය - Satahan Radio Entertainment
වැඩසටහනේ නම - පිටසක්වල ග්‍රහලෝක හොයන අපේ එකා! ඇමෙරිකාවේ Caltech සභාපති වූ ලාංකිකයා Ray Jayawardhana!
සන්නිවේදකයා - තරිඳු උඩුවරගෙදර
සම්පත් දායකයා - නාලක ගුණවර්ධන
හෝර්ටන් තැන්නේ සත්තු
හෝර්ටන් තැන්න කියන්නේ කාලයක් අපේ කට්ටිය මාස 3 න තුනට ආ ගිය තැනක්.
බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ ගිය ඒ ගමන් ගැන පස්සෙ ලියන්නම්. මේ වැඩසටහන
හෝටන් තැන්නේ නිතර දකින්නට නොලැබෙන සත්තු සහ ගස්වැල් ගැන කෙරුණු හොද වැඩසටහනක් .
යූ ටියුබ් චැනලය - Dr Ru Somaweera
වැඩසටහනේ නම - මහ එළියේ සත්තු | Dr. Ru Somaweera | #යංසත්තුබලන්න #rugoeswild
සන්නිවේදකයා - ආචාර්ය රුචිර සෝමවීර
සේයාරූ - අන්තර්ජාලයෙන් Pixabay Free
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
ආචාර්ය රූ සෝමවිර විද්‍යාඥයෙක් වෙන්නේ කෙසේද යන වැඩසටහන මමත් ඇහුවා. ඇහුවා කියලා ලිව්වේ බලනවට වට ඒ වැඩ සටහන අහපු නිසයි. එහෙම වෙන්නේ මම ගොඩක් යූටියුබ් පෝඩ්කාස්ට් අහන්නේ වාහනයේ යන ගමන් නිසා. එතකොට බලනවට වැඩිය ඇහෙන එක තමයි වෙන්නෙ.
ReplyDeleteඇත්තටම ඒ වැඩ සටහන ඉතා හොද වැඩසටහනක්. විශේෂයෙන්ම ඔලේවල් ,ඒලෙවල්, සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් හට. ඔහු ඉතා හොද කරුණු සමූහයක් කියා දෙනවා.
නෙක්ස්ට් වොච් යූ ටියුබයත් මම අහනවා.හැබැයි ඒක ටිකක් කම්මැලි ගතියක් තියෙනවා මට පෞද්ගලිකව. මට හිතෙන්නේ ඒක මට සෙට් නෑ.
ඇත්තටම කිව්වොත් මෙහි තිබෙන හැම චැනලයක්ම මම විඩින් විඩ අසා තිබෙනවා.
මයියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මමත් බොහෝ වෙලාවට අහන එකයි කරන්නේ. වැඩට එන යන ගමන්. වෙන වැඩක් කරන ගමන්. ඔව් සමහර දේට මමත් කැමති නැහැ. පුරුද්දක් විදිහට මගේ සටහන් වලට අකමැති කොටස් ගැන නොලියා ඔවුන් කරන දේ සුබවාදී පැත්ත ගැන බලනවා. ඔබට හිතන දේ ගැනත් ලියන්න. ඒ වගේම ඔබේ ලියැවුනු බ්ලොග් සටහන් මුහුණු පොතේ ඔබා තබන්න. මම මේ දවස්වල ඒ වැඩේ කරනවා.
Deleteඅපුරු සටහනක් අනුරුද්ධ. මේක ඇත්තටම මම කවදාවත් වැඩිදුර නොහිතපු පැත්තක්. බොහොම ස්තුතියි මගෙත් අවධානය මේ වෙතට ඇදගත්ත ට.
ReplyDeleteලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. විවේක වෙලාවක අහල බලන්න.
Delete