මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 17, 2026

වෙනස ......




තහනම් තැන්වල ගෙවල් හැදූ අයට 

පගාව අරගෙන අනුමත කල අයට 

සුනාමිය වගේම 

සොබාදහම දීලා 

සැරම සැර  ටොක්කක් 

පරම්පරාවටත් එක්කම ......


ජරාව කාලා මන්දිර හැදූ අයට 

මහන්සි වෙලා වැඩ කළ අයගෙන් යැපීලා

පෙන්නාගෙන හිටි අයට 

වෙනසක් නැතුව 

බෙදලා හොදටෝම 


කෙහෙල් ගෙඩියේත් නම ගැහුව 

එෆ් බී එකට බඩු බෙදුව අයට 

අළුත් කොල්ලො කෙල්ලෝ 

කියා දුන්නා පාඩමක් 

එෆ් බී  තියෙන්නේ පුරාජේරුව 

පෙන්නන්න නොවන බව 



වට්ස්ඇප් ගෘප් හදලා 

පහුවදා වැඩ තියෙද්දිත් 

රෑ එළිවෙනකල් කෑම හදලා 

මහ වැස්සෙ උන්ට තියෙන වාහනවල 

ඒවා ඇද්දේම උන් 

ආයේ ගන්නද මොනවත් 

නමක් , නම්බුවක් , නිලයක් 


අනුරුද්ධ වැලිගමගේ



2026 ජනවාරි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.















විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

1 comment:

  1. /තහනම් තැන්වල ගෙවල් හැදූ අයට

    පගාව අරගෙන අනුමත කල අයට

    සුනාමිය වගේම

    සොබාදහම දීලා

    සැරම සැර ටොක්කක්

    පරම්පරාවටත් එක්කම ..// ඇත්ත

    ReplyDelete