මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 31, 2026

මෑතකදී බැලූ ශ්‍රී ලාංකික යූ ටියුබ් වැඩසටහන් කිහිපයක්

 



කෘතීම බුද්ධිය ලෝකයේ වත්මන් බල අර්බුදය 

 ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ලෝක දේශපාලනය සහ කෘතීම බුද්ධිය මේ වනවිට ලෝකය පුරා විශාල කතිකාවතක් නිර්මාණය කර තිබෙනවා. මේ වැඩසටහන ඒවා අතර සහ සම්බන්ධය සවිස්තරාත්මකව පෙන්වා දෙන සිංහල බසින් කෙරුනු අගනා විශ්ලේෂණයක්  



යූ ටියුබ් චැනලය -  Next Watch 

වැඩසටහනේ නම  - AI එක්ක වෙනස් වෙන භූ දේශපාලනයේ අපට හිමි තැන.

සන්නිවේදකයින්   -  දමිත් කේතක , චාමර සුමනපාල   

සම්පත් දායකයා -  චමීර දෙද්දුවගේ 


සාමාන්‍ය ජීවිතයටත් ගත හැකි ලීන් ක්‍රමවේදය 

ජපානයේ ටොයෝටා ආයතනය තම නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් සකස් කෙරුණු ක්‍රමවේදය ඇමෙරිකාවේදී ලීන් නමින් සංවර්ධනය වී ලෝකය පුරා ව්‍යාපාර සදහා වර්තමානයේදී යෙදවෙනවා. එය සාමාන්‍ය ජීවිතයේ ඕනෑම දෙයකට භාවිතා කරන්නත් පුළුවන්. මේ වැඩසටහන එය කදිමට විස්තර කරනවා.    


යූ ටියුබ් චැනලය -  Business Advisor

වැඩසටහනේ නම  - නාස්තිය අඩු කරලා ලාභ වැඩි කරන ඔයා නොදන්න Lean රහස්.

සන්නිවේදකයා  -    විරාජ් හේනේගෙදර  

සම්පත් දායකයා -  දර්ශන බී රත්නායක 

අනාගතයේදී විද්‍යාඥයෙක් වෙන්න නම්

විදෙස් අත්දැකීම් සහිත විද්‍යා සන්නිවේදකයින් දෙපලක් කල මේ වැඩසටහන උසස් අධ්‍යාපනයට පිවිසෙන දුවා දරුවන්ට වගේම තමන්ගේ අධ්‍යාපන තත්වය වැඩි දියුණු

 කර ගන්නට කැමති ඕනෑම කෙනෙකුට මග පෙන්වන කදිම වැඩසටහනක්     



යූ ටියුබ් චැනලය -  Dr Ru Somaweera

වැඩසටහනේ නම  - අනාගතයේදී විද්‍යාඥයෙක් වෙන්න නම් | To be a scientist

සන්නිවේදකයා  -    ආචාර්ය රුචිර සෝමවීර 

සම්පත් දායකයා -  ආචාර්ය රුචිර විජේසේන  



පිටසක්වල ග්‍රහලෝක හොයන අපේ එකා

සිව්මන්සල කොළු ගැටයා නමින් රාවයට ලියූ නාලක ගුණවර්ධන විදුසර පත්තරෙන් ,      ඇතුළු මාධ්‍යය රැසකින් සරලව අපූරු දෑ ලියන ද්වි භාෂා ලේඛකයෙක්. මෑතකදී ලෝ 

පුරා මහත් ජනප්‍රිය වූ රේ ජයවර්ධන මහතා ගැන ඔහු කල හරබර කතාබහක්   

   



යූ ටියුබ් චැනලය -  Satahan Radio Entertainment

වැඩසටහනේ නම  - පිටසක්වල ග්‍රහලෝක හොයන අපේ එකා! ඇමෙරිකාවේ Caltech සභාපති වූ ලාංකිකයා Ray Jayawardhana!

සන්නිවේදකයා  -    තරිඳු උඩුවරගෙදර  

සම්පත් දායකයා -  නාලක ගුණවර්ධන 



හෝර්ටන් තැන්නේ සත්තු 

හෝර්ටන් තැන්න කියන්නේ කාලයක් අපේ කට්ටිය මාස 3 න තුනට ආ ගිය තැනක්. බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ ගිය ඒ ගමන් ගැන පස්සෙ ලියන්නම්. මේ වැඩසටහන හෝටන් තැන්නේ නිතර දකින්නට නොලැබෙන සත්තු සහ ගස්වැල් ගැන කෙරුණු හොද වැඩසටහනක් .    

   



යූ ටියුබ් චැනලය -  Dr Ru Somaweera

වැඩසටහනේ නම  - මහ එළියේ සත්තු | Dr. Ru Somaweera | #යංසත්තුබලන්න #rugoeswild

සන්නිවේදකයා  -    ආචාර්ය රුචිර සෝමවීර 







සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Free

                                                               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

No comments:

Post a Comment