අවුරුදු අවුරුදු ගම රට එනකොට
එරබදු මල් වැල් කොහේද කොයිබට
කොහාගේ නාදෙත් ගොළුවී ඇතිකොට
සිරිය දැනෙනවද බක්මහ මගුලට
කැවුම් කොකිස් පිරි වට්ටි පිරෙනකොට
හිතේ ඇදෙනවා ආච්චි හනිකට
ඩිලිවරි කරලා කැවුම් ගන්නකොට
සුවද මැරිලා රස දිවට නොමැතිකොට
ලිප ගිනි මොලවා නැකතට කෑවට
අද නෑ දරුවන් අපි ළග වටපිට
එකමුතු කම සාමය රැකගන්නට
හාදු පුදමු අපි ලැප්ටොප් තිරයට
අනුරුද්ධ වැලිගමගේ
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



.jpg)

හෙහ්, හෙහ් "හාදු පුදමු අපි ලැප්ටොප් තිරයට" . මසුරං කියමන.👌💐🙏😋
ReplyDeleteබසු මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ලංකාවේ ඉන්න අපේ අම්මලා , තාත්තලාට වෙලා තියෙන්නෙ ඒක තමයි.
Deleteරූපවාහිනිය අවුරුදු කයි. අපි ලෙවකයි.
ReplyDeleteLitseeker ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. හ්ම් .......
Delete+++++++++++++++
ReplyDeleteකාර්මික, ඩිජිටල් සිට AI දක්වා එන ගමනේ... කාලය මැව් වෙනසක අරුමෙ!
ReplyDeleteඑහෙම නේද.
දැන් අපේ ලංකාවේ ගෙවල් වලත් හදන්නේ නැහැ . මට හපොයි ගෑවුනා . එයාලත් සල්ලි වලට ගන්නේ
ReplyDelete