මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 30, 2026

" පිං" වචනේ හැඩ



 පාට පහක් එකතුකරලා  හැදුව  කොඩිය යට 

පිං කරන්න පොරකන හැටි  මකර තොරණ යට 

සරු  පිළිවෙත් නිසි අයුරින් හිතට ගන්න කොට 

බොරු සෝබන වැඩ මොටදැයි දැනෙනවා කදිමට   



අත හරින්න බැමි බිදින්න  කියන වෙහෙර යට 

පුදනකොටම පොදි බැදගත් ගොඩවල් යමරෙට  

කිසිදා වැඩ ඉවර නොකල  ලොකු පන්සල යට 

බෝඩ් ලෑලි,  නම් පුරවති  පිං යන වදනට 



නිස්කලංක සිතක්  එක්ක සැනසුනු  දවසට 

හුගක් ඇත්තො කියාවි මට , පිස්සුනෙ ඕකට 

සැහැල්ලු බව පුරවාගෙන හිත ඉපිලෙන විට 

භව ගමනට විරාමයකි තරගය නැතිකොට 



අනුරුද්ධ වැලිගමගේ 



2026 මැයි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය





විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට










සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

4 comments:

  1. හෙහ්, හෙහ් ඔන්න කනෝ පිනුම් කියැන්නැහෙ මෙව්ව නෙව කවි, ආයිබෝං?
    මසුරං අදහස. ලෙසටම ලියලා තියනවා. 🙏👌💐

    ReplyDelete
    Replies
    1. බසු මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  2. පිං අඩුවෙයි ඕව ලියල

    ReplyDelete
    Replies

    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete