මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 12, 2020

රේඩියෝ කෙටි කථාවෙන්, රේඩියෝ කවියට ....... සවන කවි මිණි ආර ..... අනුරුද්ධ වැලිගමගේ ......

 


පසුගිය වසර දෙක මුළුල්ලේ කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියෙන් ඔබ සවන් දුන් රේඩියෝ කෙටිකතාව දින නැති දිනපොතයි. ජීවන ගමනේ සිත නැවතුණු තැන් යන තේමාව යටතට ගැනුණු ජීවන කතන්දර ඔබ රේඩියෝවෙන් ඇහුවේ අළුත් අත්දැකීමක් ලෙසයි. යූ ටියුබ් මාධ්යයට මුදා හැරුණු රේඩියෝ කතන්දර මේ වනවිට මසකට වරක් අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ වෙබ්ගත වෙනවා.    


මගේ නවතම රේඩියෝ වැඩසටහන සවන කවි මිණි ආර - කවි සිතක මතක සටහන් ඔස්සේ දිවයන කවි චාරිකාවක්. කවි කියවන්න පුරුදු ඔබට එහිදී ශ්රව් මාධ්යයෙන් කවි අහන්න පුළුවන්.සෑම සෙනසුරාදාවකම ටොරොන්ටෝ වේලාවෙන් හවස 4 ටත් නැවත ප්රචාරය සදුදා රෑ 9 ටත් වෙබ්ගත වෙනවා.

 

කවි මිණි ආර කොටස් 3 කින් යුක්තයි. එහි පළමු අර්ධය කවිය මග සොයා යනවා. උදාහරණ දක්වමින් සම්පත් දායකයෙකු ඔබට කරන විග්රහය තුලින් කවිය පටන්ගත් තැන පටන් යුග හරහා නූතන කවිය දක්වා එහි ගමන ඔබට අහන්න පුළුවන්. මහාචාර්ය ජේ බී දිසානායක, ආචාර්ය සරත් චන්ද්රසේකර සහ ආචාර්ය ස්වර්ණා චන්ද්රසේකරයන් තුලින් ඔබව රස කවි චාරිකාවක ගෙනයනවා.  

Prof.J B Dissanayake - Special Comment - YouTube

වැඩසටහනේ දෙවන අර්ධය කවි මුතු. විවිධ තේමාවන් යටතේ ලියැවුණු කවි 5 ක් ඔබට එතුලින් අහන්නට පුළුවන්. වැඩිපුර නොඇසුණු ඒත් අගනා නිර්මාණ ගුණයෙන් පිරි සිංහල බ්ලොග් අඩවිවල පලවූ කවි 3 ක් සහ කැනඩාවේ නිර්මාණ ශිල්පීන්ගේ කවි 2 ක් වෙනස් හඩ වලින් එහිදී ඔබට රසවිදින්නට පුළුවන්.

 වැඩසටහනේ තුන්වන අර්ධය නම් වී තිබෙන්නේ කවියෙන් රටින් රටට නමින්. පරිවර්තන කවියක රස විදින්නට ලැබෙන්නේ එහිදී . ලොව වටා විවිධ රටවල කවීන්ගේ විස්තර උදාහරණ සමග කවියේ රස විදින්නට මෙය කදිම අත්වැලක්.          

මේ වැඩසටහනේ කවි ගායනයට ටොරොන්ටෝව අවට නිර්මාණ ශිල්පීන් රැසක් දායකත්වය දක්වනවා. රෝහණ දිසානායක, අනෝජා මකුලොළුව, අනුෂ්කා ගම්මුදලි, මංජුලා වික්රමරත්න, ලියෝනි අමරතුංග, හසන්තිකා කොඩිතුවක්කු, දිනේෂ් පීරිස් සහ බුද්ධිමතී ජයසේකර අතර වෙනවා.

Sawana Radio



සවන කවි මිණි ආර තේමා ගීතය නිමැවූනේ ගායන ශිල්පී ශ්රී ලාල් අමරජීව ෆොන්සේකාගේ කැපවීම නිසයි. ආනන්ද වෛද්යසේකරයන්ගේ සංගීතයට සදහා හඩ මුසුකර තිබෙන්නේ ශ්රී ලාල් අමරජීව ෆොන්සේකා සහ චමිලා ගුණතිලකයි.

   මේ වැඩසටහන් පෙලේ උපදේශකත්වයෙන් ආචාර්ය ස්වර්ණා චන්ද්රසේකර මහත්මිය සේම පසුබිම් කථනයෙන් නිරෝෂා ගමගේ සහාය වෙනවා. සවන කවි මිණි ආර බැනරය ලියෝනි අමරතුංග ගේ නිර්මාණයක්.

Sawana Radio


මගේ සංකල්පය සැබෑවක් කරන්නට දිරි දුන් හැමටත් වෙනුවෙන් සවන අන්තර්ජාල ගුවන් විදුලියේ ඉඩක් වෙන්කර දුන් ප්රවීණ රේඩියෝ මාධ් දැවැන්තයා වන විධායක නිෂ්පාදක වසන්ත ලංකාතිලක මහතා මේ මොහොතේදී සිහිපත් කරන්නේ බැතිබර සිතින් .

අද හවස 4 වෙබ්ගත වන හදුන්වාදීමේ වැඩසටහනේ පටන් මේ වැඩසටහන අහලා ඔබේ අදහස ලියන්න. ඔබේ කවි අපට එවන්න. සදහා ඉඩක් දෙන්න අපි සුදානම් .  

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


Saturday, September 5, 2020

මං එතකොට මගෙ දූගේ කොණ්ඩේ ගොතනවා....කවි.....අනුරුද්ධ වැලිගමගේ.....


Image result for Mother & daughter

 පාට වැටුණු හැන්දෑවක
 ඉර රත පිරි සුදු වෙරළක
 සිගිති දෝණි මා පස්සෙන්
 දුවගෙන එනවා .
 මගේ හිතින් මං හනිකට
 ගම් රට යනවා

සුදු ගවුමක ටයි පටියක
සේයාරූ මුහුණු පොතේ
පාසැල් යනවා
මගේ හිතින් මං ආයෙත්
අකුරු කරනවා (පාසැල් යනවා )


ලස්සන සුදු බෝනික්කෙක්
ඩිජිටල් සල්පිල ඇතුලේ
ඇස් උදුරනවා
මං එතකොට මගෙ දූගේ
කොණ්ඩේ ගොතනවා


අනුරුද්ධ වැලිගමගේ

Image result for Mother & daughter in beach

සේයාරූ


 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම මගේ කණගාටුව.  


Image result for Mother & daughter