මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, September 30, 2018

කිසි දිනෙක බොරු නොකී මිනිහා, මිදුලේ සිටවූ වීදුරු තහඩුව, ඉංග්‍රීසි ජාතිකයෙක් , අයිරිෂ් ජාතිකයෙක් සහ ස්කොට් ජාතිකයෙක්- නිලූක කදුරුගමුව.....රේඩියෝ කෙටිකතාව .......

Portrait of Maasai man taken in Masai village near Amboseli ...

එකෝමත් එක කාලෙක මමාද් කියලා බොහොම නුවණක්කාර මිනිහෙක් වාසය කළා. ඔහු කිසි දවසක බොරුවක් කිව්වේ නෑ. මුළු රටේම හිටිය මිනිස්සු, වෙන එකක් තියා දවස් විස්සක ගමනකින් පස්සෙ ළඟා වෙන්න ඕනෑ ප්‍රදේශවල හිටිය මිනිස්සු පවා ඔහු ගැන දැනගෙන හිටියා.

ඔහොම ගිහින් රටේ රජ්ජුරුවන්ටත් ආරංචි වුණා මමාද් ගැන. රජ්ජුරුවෝ තමන්ගේ හේවායන්ට අණ කළා ගිහින් මමාද් මාලිගාවට අරන් එන්න කියලා. එහෙම ගෙනාවට පස්සේ රජ්ජුරුවෝ ඔහුගෙන් මෙහෙම ඇහුවා:

“මමාද්, උඹ කවදාවත් බොරු කියලා නෑ කියන එක ඇත්තක්ද ?”

“ඒක ඇත්තක්, දේවයන්වහන්ස ” කියලා මමාද් උත්තර දුන්නා.

“ජීවිතේ මින් ඉදිරියටත් උඹ බොරුවක් කියන්නේ නැද්ද?” රජ්ජුරුවෝ ඇහුවා.

“මට ඒක විස්වාසයි දේවයන්වහන්ස” කියලා මමාද් උත්තර දුන්නා.

“බොහොම හොඳයි. ඇත්ත කියාපන්. හැබැයි ප්‍රවේසම් වෙයන් ! මොකද බොරුව කියන්නේ බොහෝම කපටි දෙයක්. ඒක ඉතාම ලේසියෙන් උඹේ දිවට ඇතුළු වෙයි” කියලා රජ්ජුරු‍වෝ කිවුවා.

දවස් කිහිපයක් ගතවුණා. රජ්ජුරුවෝ ආයෙමත් මමාද්ට එන්න කියලා පණිවිඩයක් යැවුවා. මමාද එනකොට එතැන මහ විශාල ජනකායක් රැස්වෙලා හිටියා. රජ්ජුරුවෝ දඩ කෙළියේ යන්නයි සූදානම. අශ්වයාගේ කේසරවලින් අල්ලාගෙන වම් කකුල සෑදලයේ කකුල තියන පටියේ තබා ගෙන රජ්ජුරුවෝ හිටියා. 

රජ්ජුරුවෝ මමාද්ට මෙහෙම අණ කළා:

“මගේ ගිම්හාන මාලිගාවට ගිහින් බිසවුන්නාන්සෙට කියාපන් මම ඇයත් එක්ක දවල් කෑම ගන්න එහාට එනවා කියලා. විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න කියලා ඇයට කියාපන්. ඊට පස්සේ උඹ මාත් එක්ක දවල් කෑම ගන්නවා.”

මමාද් හිස පහත් කරලා නැවිලා බිසවුන්නාන්සෙට පණිවිඩය කියන්න ගියා. එතකොට රජ්ජුරුවෝ හිනා වෙලා මෙහෙම කිවුවා: “ අපි දැන් දඩ කෙළියේ යන්නේ නෑ. එතකොට මමාද් බිසවුන්නාන්සෙට කියන දේ බොරුවක් වෙනවා. අපට හෙට මේක අල්ලාගෙන මිනිහට හිනා වුණෑකි.”

ඒත් නුවණක්කාර මමාද් මාලිගාවට ගිහින් බිසවුන්නාන්සෙට මෙහෙම කිවුවා:

“සමහරවිට ඔබතුමිය හෙට දවල් කෑමට විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න ඕනෑ. එහෙම නැත්තම් ඔබතුමිය හෙට දවල් කෑමට විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න ඕන නෑ. සමහර විට රජ්ජුරුවෝ අද දවල් වෙනකොට මෙහාට එයි. එහෙම නැත්නම් සමහරවිට මෙහාට එන එකක් නෑ.”

“රජ්ජුරුවෝ එනවාද නැද්ද කියලා විතරක් කියාපන් ” කියලා බිසවුන්නාන්සෙ කිවුවා.

“මං ආවට පස්සේ රජ්ජුරුවෝ සෑදල පටියේ තමන්ගේ දකුණු කකුල තිබ්බද එහෙම නැත්තම් තමන්ගෙ වම් කකුල තිබ්බද කියලා කියන්න මං දන්නේ නෑ.”


Masai Marakenyamay 14portrait On African Man Stock Photo (Edit Now ...




මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...


2017 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ හොදම පරිවර්තන කෘතිය ලෙස සම්මාන ලැබූ මුහුද යට දිවයින සහ 2018 රත් වරලැති  ලිය පරිවර්තනය කල නිලූක කදුරුගමුව කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලිය වෙනුවෙන් කල පරිවර්තන 3ක්

Image result for muhuda yata divaina book cover



කිසි දිනෙක බොරු නොකී මිනිහා - ටි එස් එලියට්




මිදුලේ සිටවූ වීදුරු තහඩුව - ජේම්ස් තර්බර්




ඉංග්‍රීසි ජාතිකයෙක් , අයිරිෂ් ජාතිකයෙක් සහ ස්කොට් ජාතිකයෙක් - නික් හැරිස්




ඔහුගේ ඇගයුමට සුබ පතන අතරේම නිලුකගේ තවත් පරිවර්තන දක්ෂතා අහන්න ..

* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

සම්පුර්ණ කතා එකතුව සදහා පරිවර්තන බ්ලොග් අඩවියට යන්න .

http://nilukakadurugamuwa.blogspot.com/




විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radio

http://sawana.ca/

10 comments:

  1. ඔන්න මම මේ පැත්තේ ආවා...හිමිහිට ලිපි කියවන්නම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . නිවාඩු පාඩු වෙලාවක බලන්න . අඩුපාඩු ලියන්න . ජය වේවා .

      Delete
  2. ඉකොන්ගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකෙන් පාර හොයා ගත්තේ. මාතලන්ගෙ සින්ඩියේ, අටම්පහුරේ මේක එල්ලන්න. (දැනටමත් එසේ කර නැත්නම් ). කැනඩාවෙ මොන පැත්තෙද ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඉයන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . අටම්පහුරේ සහ මාතලන්ගේ සින්ඩියේ මගේ යොමුව එල්ලලයි තියෙන්නේ . තිලකසිත , හැලප කඩේ , ට්‍රාන්ස් සිල්වේනියා , බස්සීගේ නවාතැන බ්ලොග් කතා කිහිපයක් මේ වනවිට රේඩියෝ කෙටිකතා වලට යොදා ගෙන තියෙනවා . මම ඉන්නේ ඔන්ටාරියෝ පළාතේ ටොරෝන්ටෝවට නුදුරු මිසිසාගා නගරයේ .

      Delete
  3. ඉයන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . අටම්පහුරේ සහ මාතලන්ගේ සින්ඩියේ මගේ යොමුව එල්ලලයි තියෙන්නේ . තිලකසිත , හැලප කඩේ , ට්‍රාන්ස් සිල්වේනියා , බස්සීගේ නවාතැන බ්ලොග් කතා කිහිපයක් මේ වනවිට රේඩියෝ කෙටිකතා වලට යොදා ගෙන තියෙනවා . මම ඉන්නේ ඔන්ටාරියෝ පළාතේ ටොරෝන්ටෝවට නුදුරු මිසිසාගා නගරයේ .

    ReplyDelete
  4. බොහොම ස්තුතියි මාවත් ඔබේ ගොන්නට එකතු කර ගත්තාට .....

    ReplyDelete
  5. මමත් මේ පැත්තට ආවා. පුංචි උපදෙසක් දෙන්නම්. මුලින්ම පොඩියට ලියන්න. ටිකක් දවස් යත්දී ඔයා දන්නේ නැතිවම ලොකු ඒවා ලියැවේවි. ඒක මගේ අත්දැකීම. අපි මේවාට ආපු කාලේනම් නවකයන්ට ඒ හැටි හොඳ වුණේ නෑ. අපිට ලේබල් එකක් ගහලා පැත්තකට කරන්න උත්සාහ කළා. නමුත් අපි ගමන අත ඇරියේ නෑ. දැන් සාපේක්ෂව හොඳ නිදහසක් තියෙනවා.

    මේ දවස් වල නිලුක කදුරුගමුව මහතාගේ අලුත්ම පොත කියවන්න ගත්තා. ඒ රත් වරලැති ලිය.

    ReplyDelete
    Replies
    1. දිල්රුක් ඔබේ උපදෙසට සහ දිරි ගැන්වීමටත් ස්තුතියි . නිලුකගේ බ්ලොග් අඩවියේ ඇති සියළු නිර්මාණ මේ වනවිට කියවා තිබෙනවා . ඉන් කථා 7 ක් රේඩියෝ කෙටිකථා ලෙස නිර්මාණය කර තිබෙනවා . 5 ක් මේ වන විට යු ටියුබ් වෙත මුදා හැර තිබෙනවා . විවේකයක් ඇතොත් රස විදින්න https://www.youtube.com/watch?v=TjTgMqo_2VI&t=4s
      https://www.youtube.com/watch?v=Tq20v9ixWTQ

      Delete
  6. විවිධ මානයන් ඔස්සේ රසවත්ව හරවත්ව ලියන්නට ගන්නා උත්සාහයට සුබපතමි. මා තවම ඔබ කියවන්න ඇරඹුවා පමණි. ඉදිරියේ ලියවෙන දෑ ඉක්මණින් මටත් මුණ ගැසීමට හැකිවන ලෙස ෆලෝ කරන්නෙමි. ගූගල් වෙත ඇඩ් කරගතිමි.

    ReplyDelete
    Replies
    1. දිගින් දිගටම මගේ නිර්මාණ කියවීම වෙනුවෙන් මගේ ප්‍රණාමය , අඩුපාඩු ලියන්න . ඉදිරි නිර්මාණ සාර්ථක කරගන්නට එය අත්වැලක් වේවි .

      Delete