සදට තරුට මල් පෙත්තට
කවි ලිව්වා ඉවරයි
මුහුණු පොතේ ලෝකෙ පුරා
ගමන හරිම කදිමයි
ගහ කොල ගැන , දිය ඇලි ගැන
ගී පද අද නෑසෙයි
රොකට් එකෙන් හදට ගිහින්
හිනා වෙන්න දවසයි
ආදරයට සුවද කවා ලිව්ව
හසුන් කටුගෙයි
අපේ ළමයි පුදුම වෙලා
පෙම් කල හැටි අහමින්
අහස් ගව්ව යොදුනක් වී
ලෝකෙම එක යායයි
අනේ අපොයි නොම කියමින්
බලනා අය අරුමයි ..........
අනුරුද්ධ වැලිගමගේ
* සේයාරූ - අන්තර්ජාලයෙන් Google images
Harima lassanai :)
ReplyDeleteඔබේ ගොඩ වැදීමටත් අගය කිරීමටත් ස්තුතියි .
Deleteඅහම්බෙන් මේක නෙත ගැටුනේ
ReplyDeleteඔබේ ගොඩ වැදීමටත් අගය කිරීමටත් ස්තුතියි .
Deleteනවක බ්ලොග් කරුවන්ට නිරන්තරයෙන් අත දෙන ඔබ මගේ බ්ලොග් අඩවියට ගොඩවීම ගෞරවයක්.
Deleteඔන්න අපිත් ෙගොඩ වැදුණා බ්ලොග් රස විඳින්න
ReplyDeleteනලීන් ඔබේ ගොඩ වැදීමටත් අගය කිරීමටත් ස්තුතියි .
Deleteඔබේ සටහන දැකලා ගොඩ වුනාම තමා මතක් වුනේ ඉකොනොමැට්ටාත් ඔබේ අඩවිය නිර්දේශ කරලා තිබුනා කියලා.. ඔන්න මගේ බ්ලොග් රෝලටත් ඇඩ් කරගත්තා.. දැන් ඉතින් කියවන්න තමා ඕනා... :D
ReplyDeleteබොහොමයක් පරණ බ්ලොග් කාරියෝ/කාරයෝ නිහඬ වෙලා ඉන්න නිසා අලුත් අයගේ පැමිණීම හරි වටිනවා...
ජය !
සෙන්නා ඔබේ දිරි ගැන්වීමටත් , ප්‍රචාරයටත් ස්තුතියි . ඉඩ ලැබෙන විදිහට බලලා අඩුපාඩු කියන්න . හෙමින් හොද ගමනක් යන්නයි මගේ අදහස .
Deleteඔබව මා දුටුවේද අහම්බෙන්. එබේ නිර්මාණ තුළ පෙනෙන ප්‍රතිභාව කදිමයි. ඉදිරියටත් ලියන්න. ජයවේවා!
ReplyDeleteඔබේ දිරිගැන්වීම හයියක් . ඔබේ නිර්මාණ දිවියටත් ජය . දිගටම කියවන්න . අඩුපාඩු ලියන්න .
Delete